ගෙදර ඉඳන් සහභාගී වන මැරතන් ධාවන තරගයක්

60

කොරෝනා වයිරසය නිසාවෙන් මේ වන විට සියලුම ක්‍රීඩා තරගාවලි නතර වී ඇති අතර මෙම ගැටලුවට පිළියමක් මෙන්ම ක්‍රීඩකයින්ගේ මානසිකත්වය යහපත් මට්ටමක රඳවා ගැනීම සඳහා අපූරු මැරතන් තරගයක් සංවිධානය කිරීමට ඩුබායි ක්‍රීඩා බලධාරීන් කටයුතු කර ඇත.

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට දින නියම වේ

පවතින කොරෝනා වයිරස තත්වය නිසාවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ගිම්හාන ඔලිම්පික් තරගාවලිය…..

“Marathon at Home” නමින් හැඳින්වෙන මෙම තරගය සඳහා රටවල් 62ක් නියෝජනය කරමින් ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් 750කට ආසන්න ගණනක් සහභාගි වේ. තරගය අද (10) එරට වෙලාවෙන් (UAE Time) උදෑසන 08 සිට සවස 06 දක්වා නොනවත්වා පැය දහයක කාලයක් පැවැත්වීමට නියමිත අතර එම කාල සීමාව තුළ දී තරගකරුවන් කිලෝමීටර 42.195ක දුරක් සම්පූර්ණ කළ යුතු වේ.

මෙම තරගය සඳහා ජංගම දුරකතන යෙදුමක් සංවිධායකයින් විසින් හඳුන්වා දී ඇති අතර එමගින් ක්‍රීඩකයන්ගේ සියලුම ක්‍රියාකාරකම් සටහන් කර ගනු ඇත.

පවතින තත්වය මත නිවෙස්වලට කොටු වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් නිවෙස් තුළම මැරතන් ධාවනයේ යෙදීම මෙම තරගයට මුල් පිරීමක් වූ අතර ඩුබායි ක්‍රීඩා සංගමයේ “Be Fit, Be Safe and #stayhome” සංකල්පය මත මෙම තරගය සංවිධානය කිරීමට බලධාරීන් තීරණය කර ඇත. 

වෙන්කෙරූ කාලසීමාව තුල තමන්ට පහසු කාලයක් යොදා ගනිමින් තරගය සම්පූර්ණ කළ හැකි අතර එ් සඳහා පොදු ස්ථාන භාවිතා කිරීම තහනම් වන අතර තම නිවස තුල හෝ පෞද්ගලික උද්‍යානයක් තුළ මෙම තරගය සම්පූර්ණ කළ හැක. දිවීමට සහය දක්වන උපකරණ භාවිතා කිරීම ද තහනම් වේ.

ඊට අමතරව මෙම තරගය තනිව නිමා කළ යුතු අතර ක්‍රීඩකයින් දෙදෙනෙකු හෝ කීප දෙනෙක් අතර තරගය හුවමාරු කරමින් ධාවනයේ යෙදීම තහනම් වේ. 

පුරුෂ සහ කාන්තා ලෙස කාණ්ඩ දෙක යටතේ පැවැත්වීමට නියමිත මෙම තරගය සඳහා වයස අවුරුදු 18 සිට 65 දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිත අතර කාණ්ඩ දෙකෙහි ප්‍රථම ස්ථානය දිනා ගන්නා ක්‍රීඩකයාට හා ක්‍රීඩිකාවට සැප්තැම්බර් මස මොස්කව් නුවර දී පැවැත්වීමට නියමිත “Moscow Marathon” තරගය සඳහා සහභාගි වීමට අවස්ථාව හිමි වනු ඇත.

ඊට අමතරව කාණ්ඩ දෙකෙහිම මුල් ස්ථාන දහය අතරට පැමිණෙන ක්‍රීඩකයන් හට සමරු කමිසයක් සහ සමරු පදක්කමක් ලබා දීමට සංවිධායකයින් තීරණය කොට ඇත. ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම නැවතී ඇති මොහොතක මෙවැනි තරගයක් මගින් ක්‍රීඩකයන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යය ඉහළ නංවා ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.  

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<