අතපත්තු Kia සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට

327
Atapattu signs for Kia Super League

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන දක්ෂ වමත් පිතිකාරිනියක් වන චමරි අතපත්තු, එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන Kia සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට යෝක්ශයර් ඩයමන්ඩ්ස් ප්‍රාන්ත කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වී ඇති බව වාර්තා වේ.

“අපේ සැලසුම් ගොඩක් ඒවා අසාර්ථක වුනා.” – නුවන් ප්‍රදීප්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවට පත්වූයේ …

එම ගිවිසුම් ගත වීමත් සමඟින් චමරි අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට නව පිටුවක් එක් කළේ, ප්‍රකට කාන්තා 20-20 ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක් සඳහා ගිවිසුම් ගත වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත්වෙමිනි. ලබන මාසයේ දී ආරම්භ වන මෙම තරගාවලිය නියෝජනය කරනු ලැබූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක් වන බෙත් මූනි වෙනුවට අතපත්තුව යෝක්ශයර් ඩයමන්ඩ්ස් සංචිතය සඳහා ඇතුළත් කරගෙන තිබේ.

“මම මගේ පවුලේ සාමාජිකයන් සමඟින් අනුරාධපුර ප්‍රදේශයේ නිවාඩුවක් සඳහා ගිහින් සිටින විට, මට දුරකථන ඇමතුමක් ලැබුණා. එහි දී ඔවුන් ඇසුවා ඔබට මෙම තරගාවලියට සහභාගි වීමට හැකි ද කියා, එවිට මා මාගේ කැමැත්ත ලබා දුන්නා. මේක මට විශාල සතුටක්. මම කිසිසේත්ම හිතුවේ නෑ මට මේ තරගාවලිය සඳහා මෙවර සහභාගී වීමට හැකි වේවි කියාලා, මොකද මේ වන විටත් ඒ ඒ කණ්ඩායම් තම සංචිත නිළ වශයෙන් ප්‍රකාශ කරලා ඉවර නිසා. මම කාන්තා බිග් බෑශ් තරගාවලිය නියෝජනය කිරීමට තමා බලාපොරොත්තුව සිටියේ, කෙසේ වෙතත් මට ඒ ඉලක්කයට යන ගමනට මේ උදා වූ අවස්ථාව විශාල සවියක් වේවි. මම ඉදිරියේ දී එම තරගාවලිය තුලින් ගොඩක් දේවල් ඉගෙනීමට බලාපොරොත්තු වෙනවා. මෙය මගේ පෞද්ගලික ක්‍රීඩා දිවියට පමණක් නොව, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්වලට ද හොඳ අඩිතාලමක් වේවි.” යැයි ESPNcricinfo මාධ්‍ය වෙත අදහස් දක්වමින් අතපත්තු පවසා සිටියාය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පිතිකරණ බල ඇණිය සතුව සිටින ප්‍රබල තුරුම්පුවක් වන අතපත්තු, ශ්‍රී ලංකාව වෙනුවෙන් පසුගිය තරගාවලි කිහිපය තුළ හොඳින් ලකුණු අතර සිටි ක්‍රීඩිකාවකි. පසුගිය දා එංගලන්තයේ දී නිමා වූ ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී එවකට ශූරියන් ලෙස කිරුල දරා සිටි ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට එදිරිව ලකුණු 178ක් ලබාගෙන දක්ෂ පිතිකරණයක නිරත වීමට ද හැකි විය.

ප්‍රකට කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලි 6ක් ලොව පුරා දැනට පැවැත්වෙන අතර, Kia සුපර් ලීග් යනු එංගලන්තය විසින් පවත්වනු ලබන තරගාවලිය වේ.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට