ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ හොංකොං පෙරළා අවසන් සටනට

998

ආසියානු දැල්පන්දු පිටියේ සිය බල පරාක්‍රමය නැවත විදහා දක්වමින් ලකුණු 55-46ක් ලෙස හොංකොං කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 11 ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට අද (8) සමත් විය. තරගාවලිය සිංගප්පූරුවේ OCBC ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

හොංකොං පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයට

ආසියානු දැල්පන්දු පිටියේ සිය ආධිපත්‍ය තව දුරටත් පවත්වා ගනිමින් හොංකොං කණ්ඩායම ලකුණු 71-48ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ (06) තරගාවලියේ අවසන් පූර්ව වටයේ…

ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පළමු වටය දී සිංගප්පූරුව 74-61ක් හා පසුගිය වසරේ ශූරියන් වූ මලයාසියාව ලකුණු 62-59ක් ලෙස පරාජය වූ අතර කාණ්ඩ මට්ටමේ සිය අවසන් තරගයේ දී ඔවුන් හමුවේ හොංකොං කණ්ඩායම ලකුණු 71-48ක් ලෙස පරාජය විය.

පෙර තරගයේ දී මෙන් නොව මේ තරගයේ දී හොංකොං ක්‍රීඩිකාවන් ප්‍රබල ආක්‍රමණයක නිරත වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නොසිතූ අභියෝගයක් එල්ල කරමින් පළමු කාර්තුව ජය ගැනීමට හොංකොං ක්‍රීඩිකාවන් සමත් විය. තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට හොංකොං ක්‍රීඩිකාවන් සමත් වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු තත්පරයේම පසුපාදයට ඇද දමමින්. ලකුණු 05-07ක්, 05-08ක් ලෙස හොංකොං ක්‍රීඩිකාවන් තරගයේ පෙරමුණ ගත්ත ද ඉතා ඉක්මනින් සිය සුපුරුදු ක්‍රීඩා විලාසයට පිවිසුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉතා ඉක්මනින් ලකුණු මට්ටම 9-9ක් බවට පත් කිරීමට සමත් විය.

පෙර තරගයේ දී ශ්‍රී ලංකා ගෝල රැස් කරන්නිය, තර්ජිනී සිවලිංගම් ආවරණය කරමින් ක්‍රීඩා කිරීම හොංකොං ක්‍රීඩිකාවන්ගේ උපක්‍රමය වූ අතර එම තරගයේ දී එම උපක්‍රමය සාර්ථක නොවූ නිසා අද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුව ලබා නොදී මැද පෙළට වැදී අවධානයක් යොමු කරමින් ක්‍රීඩා කිරීම ඔවුන්ගේ ප්‍රධානතම අරමුණ විය. කෙසේ වෙතත් මේ තරගයේ දී ඔවුන්ගේ එම උපක්‍රමය සාර්ථක වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සුපුරුදු ලෙස දීර්ඝ පන්දු යොමු කිරීම් තර්ජිනී වෙත යොමු කළේ ඇගේ උසින් උපරිම ප්‍රයෝජන ගැනීමටය.

පෙරළිකාර ශ්‍රී ලංකා කාන්තාවෝ අපරාජිතව අවසන් 4ට

සිංගප්පූරුවේ OCBC ගෘහස්ථ පිටියේ දී පැවැත්වෙන 11 වන ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ කුසලාන වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය අද (5) මැලේසියානු කණ්ඩායම…

පළමු කාර්තුවේ දී Arkell Michelle හා Wong Connie Ar Yan හොංකොං වෙනුවෙන් ප්‍රබල ලකුණු රැස් කිරීමක නිරත විය. ශ්‍රී ලංකාවට බලපෑමක් එල්ල කළ හැක්කේ පන්දුව තමන් වෙත තබා ගැනීමෙන් පමණක් බව ඔවුන් හොඳින් තේරුම් ගෙන සිටි අතර ලකුණු 13-14ක් ලෙස හොංකොං ක්‍රීඩිකාවන් පළමු කාර්තුව ජය ගත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නොසිතූ පීඩනයක හෙලමිනි.

පළමු කාර්තුව: ශ්‍රී ලංකාව 13 – 14 හොංකොං

දෙවන කාර්තුවේ සිය සුපුරුදු ක්‍රීඩා විලාශයට පිවිසුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දක්ෂ ක්‍රීඩා රටාවක නිරත වූ අතර ගයාන්ජලි අමරවංශ හා හසිතා මෙන්ඩිස් සුපුරුදු වේගවත් ක්‍රීඩා විලාසයට පිවිසුණේ තර්ජිනී වෙත දක්ෂ ලෙස පන්දු යොමු කරමිනි.

කාර්තුවේ මුල් ලකුණ ලබා ගනිමින් හොංකොං ක්‍රීඩිකාවන් හොඳ ආරම්භයක් ලබා ගත්තත් වේගවත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 15ක් රැස් කරද්දී හොංකොං ක්‍රීඩිකාවන් රැස් කළේ ලකුණු 10 ක් පමණි.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 28 – 24 හොංකොං

තෙවන කාර්තුවේ දී ද හොංකොං ක්‍රීඩිකාවෝ පන්දුව තමන් සතුවම තබා ගත් අතර ඔවුන්ට තිබූ ප්‍රබලම අවාසිය වූයේ තර්ජිනීගේ උසයි. හොංකොං ගෝල රකින්නියට තර්ජිනීගේ උත්සහයක් නැවැත්වීමට කිසිදු අවස්ථාවක් තිබුණේ නැත.

ලකුණු 30-25ක්, 32-25ක් හා 33-29ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට ඇදුණු අතර ශ්‍රී ලංකා ආරක්ෂක ක්‍රීඩිකාවන් කිහිප වතාවක්ම දඬුවම්වලට ලක්වීම කැපී පෙණුනි. කෙසේ වෙතත් ප්‍රබල හොංකොං ප්‍රහාරය මධ්‍යයේ චතුරංගි හා ජයසූරිය හා ගයනි දිසානායක සුපිරි ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළේ හොංකොං කණ්ඩායමට තිබූ අවස්ථා කිහිපයක්ම අපතේ යවමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 12ක් මේ කාර්තුවේ දී රැස් කරද්දී පෙර කාර්තුවේ මෙන්ම හොංකොං ක්‍රීඩිකාවන් රැස් කළේ ලකුණු 10ක් පමණි.

ප්‍රබල සිංගප්පූරුව ශ්‍රී ලංකාව හමුවේ දණ නමයි!

11 වන වරටත් පැවැත්වෙන ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ තවත් තීරණාත්මක හා වැදගත් තරගයක් ශ්‍රී ලංකාව හා සත්කාරක සිංගප්පූරු කණ්ඩායම අතර පැවැත්විය.

තෙවන කාර්තුව: ශ්‍රී ලංකාව 40 – 34 හොංකොං

තෙවන කාර්තුවේ දී ද ප්‍රබල ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පෙර උපක්‍රමයම යොදා ගනිමින් තරග කළ අතර හොංකොං කණ්ඩායම පසුපසින් හඹා ඒම අත්හැරියේ නැත. වරෙක ලකුණු 46-37ක් ව තිබූ ලකුණු පුවරුව හොංකොං ක්‍රීඩිකාවන් ලකුණු 48-43ක් දක්වා ගෙන ආ නමුත් තරගය මැනවින් තේරුම් ගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් මිනිත්තු කිහිපයේ දී ඉක්මන් ලකුණු කිහිපයක් රැස් කරමින් තරගය සම්පූර්ණයෙන්ම හොංකොං වෙතින් උදුරා ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකා 55 – 46 හොංකොං

ශ්‍රී ලංකාව සහභාගී වන 11 වන ආසියානු දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගය හෙට (9) පැවැත්වීමට නියමිතයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<