2025 ආසියානු රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගයද පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (22) සිදු වුනා.
හොංකොං හිදි හොංකොං කණ්ඩායම සමඟ පැවැත්වුණු මෙම තරගය සම්පූර්ණයෙන්ම පාහේ හොංකොං ක්‍රීඩකයින් නතු වූ තරගයක් ලෙසයි ක්‍රියාත්මක වුනේ.
තරගයේ පළමු අර්ධයේ පටන් ම හොංකොං ක්‍රීඩකයින් ඉතා පහසුවෙන් ලකුණු හඹා යාමේ නිරත වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පළමු අර්ධය තුළ ඔවුන් ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
කෙසේ වෙතත් මේ අතරවාරයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්රාහීව තරගාවලිය අරඹයි
තරගයේ දෙවැනි අර්ධය ශ්‍රී ලංකාවට තවත් අසීරු එකක් බවට පත් වුනා.
මෙම අර්ධය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් නොවුනු නමුත්, හොංකොං ක්‍රීඩකයින් විසින් ඉතා පහසුවෙන් තවත් ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුනා.
මේ අනුව තරගයේ අවසන් ලකුණු තත්වය 78-07ක් ලෙසයි දිස් වුනේ.
තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත තෙවැනි තරගය එළඹෙන ජුලි මස 04 වැනි දා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.
එම තරගය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.