දෙවන අදියරේදීත් ශ්‍රී ලංකාව ගිරි දුර්ගයක් හමුවට

209

ආසියානු සත් සාමාජික රග්බි කිරුළ හිමි කර ගැනීමේ ශ්‍රී ලංකා සිහිනය පළමු අදියරේ දී සිදුවූවාක් මෙන්ම තවත් උස් ගිරි ශිඛර පාමුලකට පැමිණ තිබේ. ඒ අනුව තරගාවලියේ දෙවන අදියරේ දී ද ඔවුන්ට පළමු අදියරේ ශූරයන් මෙන්ම ආසියාවේ රග්බි ප්‍රබලයන් වන ජපානය ඇතුළත් වන කාණ්ඩයෙන්ම තරග වැදීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ වෙනස්කම් 02 ක්

දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර…

අදියර තුනකින් සමන්විත ආසියානු ශූරතා සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර එළඹෙන සති අන්තයේ දී පැවැත්වෙන්නේ දකුණු කොරියාවේ ඉන්චියොන් නගරයේ නැම්ඩොං ක්‍රීඩාංගණයේදීයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පළමු අදියරේ දී දැක්වූ කණගාටුදායක ක්‍රීඩා විලාශය දියුණු කරගෙන සැප්තැම්බර් 23 වැනිදා පිටියට පිවිසෙන්නට බලාපොරොත්තුවෙන් පසුවනු ඇත.

හොං කොං කිංග්ස් පාක් ක්‍රීඩාංගණයේ පැවති පළමු අදියරේ දී 5 වන ස්ථානයෙන් සෑහීමකට පත් වන්නට සිදු වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම අදියරේ දී කාණ්ඩ ගත කර තිබෙන්නේ ජපානය, චීනය සහ චීන තායිපේ කණ්ඩායම් සමඟයි. පළමු අදියරේ දී මෙන්ම පීටර් වුඩ්ස්ගේ පුහුණුකාරීත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ද තරගාවලිය ආරම්භය කිරීමට සිදුවන්නේ ප්‍රබල ජපාන කණ්ඩායමේ අභියෝගයට මුහුණ දෙමින්ය.

පළමු අදියරේ 5 වන ස්ථානයට හිමිකම් කියූ ශ්‍රී ලංකාව තරග මාලාවේ ශූරතා ලකුණු සටහනේ 5 වන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 5ක් සමඟයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<