ආසියානු කුසලානය පාකිස්තානයෙන් වෙනත් රටකට

129

මාර්තු 3 වැනිදා පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමට දින කිහිපයකට පෙර ඉන්දීය ක්‍රිකට් ආයතනයේ  සභාපති සෞරව් ගංගුලි පවසා ඇත්තේ 2020 ආසියානු කුසලාන තරගාවලිය ඩුබායි හිදී පැවැත්වෙන බවයි.

එංගලන්ත වේගපන්දු යවන්නෙක්ට ශ්‍රී ලංකා සංචාරය මග හැරේ

ආබාධයක් නිසා එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් හට එංගලන්ත කණ්ඩායමේ…………….

පාකිස්තානය මෙම තරගාවලිය සඳහා සත්කාරකත්වය සැපයීමට නියමිතව තිබුණ ද ආරක්ෂක හා දේශපාලනික හේතූන් මත ඉන්දියාව පාකිස්තානයට යාමට අකමැති විය.  ආසියා කුසලානය මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වෙන තාක් පාකිස්තානය ආසියානු කුසලානය පැවැත්වීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බව ඉන්දීය ක්‍රිකට් ආයතනය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

සිකුරාදා (පෙබරවාරි 28) ඊඩන් ගාර්ඩන් හිදී මාධ්‍යවේදීන් අමතමින් ගංගුලි “ආසියානු කුසලානය ඩුබායි හිදී පැවැත්වෙනවා. ඒ වගේම ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් දෙකම එයට ක්‍රීඩා කරනවා “ යනුවෙන් පවසා ඇත. 

2012-13 සිට දෙරට අතර පවතින දේශපාලන ගැටලු හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය ද්විපාර්ශ්වික තරගාවලියට මුහුණ දී නොමැත. කෙසේ වෙතත්, ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තරගවල දී මෙන්ම ආසියානු කුසලාන තරගාවලි වලදි ක්‍රීඩා කර ඇත. 

මට පීඩනයක් තිබුණේ නෑ – ක්වින්ටන් ඩී කොක්

මේ මස මුලදී එංගලන්තයට එරෙහිව විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක දී එක් ලකුණක………….

සෑම වසර දෙකකට වරක් ක්‍රීඩා කරන ආසියානු කුසලානය සඳහා 2008 වසරෙන් පසුව පාකිස්තානය සත්කාරකත්වය ලබා දී නොමැත. ශ්‍රී ලංකාව 2010 අදියර සඳහා සත්කාරකත්වය ලබා දුන් අතර ඉන් අනතුරුව පැවති අදියර තුන බංග්ලාදේශයේ දී පැවැත්විය. අවසන් ආසියා කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්විය.

2016 සිට ආසියානු කුසලානය තරගාවලිය එක්දින හා විස්සයි විස්ස තරග ලෙස වෙනස්වන පදනමක් මත පැවැත්විය. 2020 සංස්කරණය එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීම සඳහා විස්සයි 20 තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතය.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<