ආර්ජන් කුසලානයේ දී පාසල් 8කට වැඩි ගෞරව

119

2018 වර්ෂයේ නිමාවත් සමඟ පවත්වනු ලබන වසරේ අවසන් අන්තර් පාඨශාලීය ටෙනිස් තරගාවලිය වන 2018 ආර්ජන් පෙරේරා අනුස්මරණ කුසලානය නිමාව දුටුවේ දිවයිනේ නම් දැරූ ප්‍රමුඛ පාසල් අටක් වැඩි ගෞරවය දිනා ගනිමිනි. තරගාවලිය දෙසැම්බර් 2 සිට 4 දක්වා කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී ඉතා සාර්ථකව පවත්වනු ලැබීය.

නැසී ගිය හිටපු ටෙනිස් ශූර, ශ්‍රී ලාංකේය ටෙනිස් ක්‍රීඩාවට මහඟු සේවයක් ඉටු කළ ආර්ජන් පෙරේරා මහතා අනුස්මරණය කරමින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය දිවයින පුරා විසිරී සිටින ටෙනිස් ක්‍රීඩා සමාජ සහ පාසල් රැසකගේ ආරාධනයෙන් පවත්වනු ලැබේ. මෙම වර්ෂයේ ඉතා උණුසුම් මුහුණුවරක් ගත් තරගාවලිය සඳහා කොළඹ, කුරුණෑගල, මීගමුව සහ යාපනය යන ප්‍රදේශවල ප්‍රධාන පෙළේ පාසල් 20කගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක විය.

Photos: Arjan Perera Memorial Trophy 2018

ක්‍රීඩක ක්‍රීඩිකාවන් වයස අවු.12න් පහළ සහ අවු.15න් පහළ ලෙස ප්‍රධාන  වයස් සීමාවන් දෙකක් යටතේ තරග වැදි අතර සෑම වයස් සීමාවක්ම ප්‍රධාන කාණ්ඩ 3කින් සමන්විත විය.

12න් පහළ පිරිමි/කාන්තා අංශය

පිරිමි වයස අවු.12න් පහළ පළමු කාණ්ඩය සාන්ත තෝමස් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර පැවති තුන් කොන් ගැටුමකට සීමා විය. දෙවන කාණ්ඩය නියෝජනය කරමින් ආනන්ද විද්‍යාලය තර්ස්ටන් විද්‍යාලය, ස‍ෙන්ත පීතර විද්‍යාලය රාජකීය විද්‍යාලය තරග වැදුණු අතර පාසල් 11ක් තෙවන කාණ්ඩයේ ශූරයන් බවට පත්වීමට කරට කර නමුත් ඉතා වෙහෙසකර සටනක්  ලබා දෙනු දක්නට ලැබී ය.

කාන්තා වයස අවු.12න් පහළ පළමු කාණ්ඩයේ ශූරතාව විශාඛා විද්‍යාලය, කාන්තා විද්‍යාලය සහ නිව්ස්ටෙඩ් විද්‍යාලය යන කණ්ඩායම් තුන අතර දෝලනය වූ අතර අවසානයේ ශූරතාවය දිනා ගන්නට විශාඛාවෝ සමත් වූහ.

14න් පහළ පිරිමි/කාන්තා අංශය

මෙම වයස් සීමාව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ පිරිමි සහ කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වූ අතර ප්‍රධාන කාණ්ඩ තුන නියෝජනය කරමින් කණ්ඩායම් 22ක් සිය පාසලේ අභිමානය රැක ගැනීම සඳහා උණුසුම්  සටනක නියැලෙනු දක්නට ලැබුණි. කොළඹ ආනන්ද විද්‍යාලය පළමු සහ දෙවන කාණ්ඩයේ ආධිපත්‍ය පැතිර වූ අතර කුරුණෑගල මලියදේව විද්‍යාලය දෙවන කාණ්ඩයේ ශූරතාව සොරා ගත්තේ පැමිණ සිටි සියල්ලන් මවිත කරවමිනි.

පුහුණුකරු දුමිඳු දිලුම් මහතාගේ මෙහෙයවීමෙන් ආවේ මරියා කන්‍යාරාමය නැවත වරක් සියලුම කණ්ඩායම් අභිබවමින් පළමු කාණ්ඩයේ ශූරතාව හිමිකර ගත් අතර විශාඛා විද්‍යාලය සහ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය පිළිවෙළින් එම කාණ්ඩයේ දෙවැනි දෙවන සහ තෙවන ස්ථාන අත්පත් කර ගත්හ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <