විශාඛාවන් සහ සුජාතාවන් මොට්වානි පලිහට සූදානම්

296

ශ්‍රී ලංකාවේ කාන්තා පාසල් දෙකක් කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන “රන් මහා සටන දැල්පන්දු සංග්‍රාමය” කොළඹ විශාඛා විද්‍යාලය සහ නුගේගොඩ සුජාතා විද්‍යාලය අතර මේ මස 29 වැනිදා පැවැත්වෙන්නේ කොළඹ තුරඟ තරග පිටියේ දීයි.

රග්බි සහ පාපන්දු ක්‍රීඩාවට සීමා වී තිබුණු තුරඟ තරග පිටියට දැල්පන්දු ක්‍රීඩාව රැගෙන එන මෙම සංග්‍රාමය සෑම වසරක් පාසාම පැවැත්වීමට සංවිධායකයින් බලාපොරොත්තු වන අතර සමාරම්භක තරගාවලියේ සත්කාරකත්වය දරණු ලබන්නේ සුජාතා විද්‍යාලය විසිනුයි.

ශ්‍රී ලංකාවට අවසන් කඩුල්ල පැනයන්නට හැකි වෙයි ද?

මෙම වසරේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 14න් පහළ ලෝක කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලිය, වයස අවුරුදු 16න් පහළ කනිෂ්ඨ ඩේවිස් කුසලාන තරගාවලිය සහ ‘Fed Cup’ කනිෂ්ඨ…

සුජාතා විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිනිය ලෙස පුරා වසර 23කට ආසන්න කාලයක් පුරාවට සේවය කළ ක්ලාරා මොට්වානි මහත්මියට ගෞරවයක් ලෙස නම් කර ඇති “මොට්වානි අභියෝගතා පලිහ” සඳහා සුජාතාවන් සහ විශාඛාවන් මෙහි දී තරග වදිනු ඇත.

මොට්වානි විදුහල්පතිනිය විශාඛා විද්‍යාලයේ ද වසර 12ක් පමණ සේවය කර ඇති අතර දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් කිහිපයකම විදුහල්පති ධුරය දරා ඇති අත්දැකීම් බහුල විදුහල්පතිනියකි.

මෙම දැවැන්ත දැල්පන්දු සංග්‍රාමය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් බ්‍රහස්පතින්දා (21) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වූ අතර එහි දී අදහස් දැක්වූ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනී සඳමාලි අවිරුපොල මහත්මිය පවසා සිටියේ,  පාසල් දෙක අතර මිත්‍රත්වය වර්ධන කර ගැනීමටත්, මොට්වානි මහත්මියට උපහාරයක් ලෙස පවත්වනු ලබන මෙම සුහද තරගයේ දී කණ්ඩායම් සියල්ල හොඳින් දස්කම් දක්වනු ඇති බවයි.

මෙවැනි සුහද තරග ආරම්භ කිරීම තුලින් දැල්පන්දු ක්‍රීඩාව අනෙක් පාසල් කරා ද ව්‍යාප්ත වෙන්න හේතුවෙනවා. ඉතිං එවැනි ක්‍රියාවකට එකතු වෙන්න ලැබීම සහ එතුලින් සමාජයට සේවයක් කරන්නට හැකි වීම පිළිබඳව සුජාතා විද්‍යාලයේ විදුහල්පතිනිය පුෂ්පා කළුබෝවිල මහත්මිය මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් කතා කළාය.

>> මාධ්‍ය හමුවේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තරගාවලියේ ජයග්‍රාහී පලිහට අමතරව ත්‍යාග ප්‍රදානෝත්සවයක් ද පැවැත්වීමට නියමිත අතර එහි දී හොඳම ක්‍රීඩිකාව, හොඳම පන්දු විදින්නිය, හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව, හොඳම ප්‍රහාරක ක්‍රීඩිකාව ලෙස ක්‍රීඩිකාවන් තොරාගෙන ඔවුන් අගය කිරීමට ද සංවිධායකයින් තීරණය කර ඇත.

මොට්වානි අභියෝගතා පලිහට අමතරව පාසල් දෙකේම වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම් දෙක සහභාගී වන “17න් පහළ අභියෝගතා දැල්පන්දු තරගයක්” ද පැවැත්වීමට නියමිතයි.

රන් මහා සටනට සහභාගී වන විශාඛා විද්‍යාලයීය කණ්ඩායමේ නායිකාව වන උපනි සෙනන්යා රූපසිංහ ThePapare.com වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය,

මේ තරගය සඳහා අපි ගොඩක් හොඳින් සූදානම් වෙනවා. අපේ 20න් පහළ කණ්ඩායමේ ජාතික සංචිතය නියෝජනය කරන ක්‍රීඩිකාවන් දෙන්නෙක් ඉන්නවා, ඒ වගේමයි අපේ 17න් පහළ කණ්ඩායම සහ 20න් පහළ කණ්ඩායම් දෙකේම අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් ඉන්නවා. හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

සුජාතා කණ්ඩායමට නායකත්ව ලබා දෙන ලිලාෂා කෞෂල්‍යා මනගොඩ ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේ,

අපි හොඳ සූදානමින් පසුවෙනවා. දිනන්න බලාපොරොත්තුවක් තියෙනවා, හැබැයි දිනන්නම නෙමෙයි හොඳින් ජය පරාජය දෙකම භාරගන්නවා. කණ්ඩායමේ ජාතික මට්ටම නියෝජනය ක්‍රීඩිකාවන් දෙන්නෙක් ඉන්නවා, ඉතිං ඒ ගොල්ලො එක්ක හොඳ තරගයක් දෙන්න අපේක්ෂාවෙන් ඉන්නවා.

මාධ්‍ය හමුව සඳහා විශාඛා විදුහල නියෝජන කරමින් විදුහල්පතිනී සඳමාලි අවිරුපොල, නියෝජ්‍ය විදුහල්පතිනී අනූෂා දමයන්ති, තරගාවලි සම්බන්ධීකාරක සුචිරා නිල්මිණි, කණ්ඩායම් නායිකා උපනි රූපසිංහ සහ සුජාතා විද්‍යාලය නියෝජනය කරමින් පුෂ්පා කළුබෝවිල, නියෝජ්‍ය විදුහල්පතිනී කර්ටීනී ඒ රවුඩීන්, කළමනාකාර අධ්‍යක්ෂ එල්. එම්. කුරුප්පු, ප්‍රධාන සංවිධායිකා රන්මලී පෙරේරා, කණ්ඩායම් නායිකා ලීලාෂා මනගොඩ යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටි අතර ඊට අමතරව පාසල් දෙකේම ගුරුවරුන්. ශිෂ්‍යාවන් සහ ජනමාධ්‍යවේදීන් මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

විශාඛා විද්‍යාලයීය 20න් පහළ සංචිතය: උපනි රූපසිංහ (නායිකා), තමන්දි අල්පිටිය, සමාධි මහේෂිකා, නෙලුනි ඇල්පිටිය, සිතාරා සෙව්මිනි, නටාෂා අලුවිහාරේ, සත්සරණි ජයවර්ධන, ලවංගා කළුආරච්චි, මෙලනි විජේසිංහ, නිසාදි පීරිස්, පුනරි සිරිවර්ධන, රවින්දි යශෝද්‍යා, යමුනා සඳමාලි (පුහුණුකරු)

විශාඛා විද්‍යාලයීය 17න් පහළ සංචිතය: නෙතුනි නාරාතොට, විසිනි චාතූර්යා,සඳලි රත්නායක, පිලිඟු රොද්‍රිගෝ, තිසඳි දම්සිනි, යුවිනි අමරසිංහ, සිනඳි වික්‍රමසිංහ, උපනි ඉමන්සා, කවින්ද්‍යා සුදුආරච්චි, අනුත්තරා කළුආරච්චි, ගම්හේවලාගේ අශිනි, අමන්‍යා ධර්මසේන.මෙනුකි කොඩිකාර, සසඳරා රාජකරුණා.  

සුජාතා විද්‍යාලයීය 20න් පහළ සංචිතය: ලිලාෂා මනගොඩ (නායිකා), රජිනා ලියනගේ, තිසෙයිනි පෙරේරා, චෙනුලි අතුකෝරළ, කවිතා ජයවර්ධන, උදානි අබේරත්න, ත්‍යාගී ගුණවීර, යසුරි අමරතුංග

සුජාතා විද්‍යාලයීය 17න් පහළ සංචිතය: චතුමි හතුරුසිංහ, ආකෂ්යා සුබසිංහ, දුලසි සුබසිංහ, ප්‍රතිභා තෙන්නකෝන්, සෙහන්සා පෙරේරා, මිහිඳි මොරවක, මවුර්යා ලියනගේ, දිව්‍යා පෙරේරා, තෙවුනි ගුණරත්න, මෙවන්සා කාරියවසම්, විහාරා රණසිංහ

අභිනව මහා සංග්‍රාමයෙන් ජයග්‍රහණය වාර්තා කරන්නට ThePapare.com පාසල් දෙකටම සුබ පැතුම් එකතු කරන අතර තරගයේ සියලුම තතුවිත්ති, ඡායාරූප සහ සජීව විකාශය ThePapare.com තුලින් ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<