ශ්‍රී ලංකාව යලිත් වරක් හොං කොං අභියෝගය හමුවට

557

Another Sri Lanka-Hong KongAnother Sri Lanka-Hong KongAnother Sri Lanka-Hong KongAnother Sri Lanka-Hong KongAnother Sri Lanka-Hong KongAnother Sri Lanka-Hong KongAnother Sri Lanka-Hong Kong

චීනයට දෙවැනි වෙමින් පළමු වටය අවසන් කල ශ්‍රී ලංකා කණ්ඩායමට කොළඹ පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ  තුන්වන අදියරේ අවසන් පූර්ව තරගයේදී ඔවුන්ගේ ප්‍රබලතම ප්‍රතිවාදීන් වන හොං කොං කණ්ඩායම සමගින් තරග වැදීමට සිදු වනු ඇත.

පසුගිය ලිපි: ආසියානු සත් සාමාජික රග්බි : ශ්‍රී ලංකාවට පළමු කුසලාන ශූරතාව හිමි වෙයිද?

මෙවර තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් චීන තායිපේ කණ්ඩායම ලකුණු 26 – 07ක් ලෙස පරාජය කලේ මන්දගාමී වුවත් සාර්ථක ආරම්භයක් සමඟිනි. අනතුරුව සිංගප්පූරුවට එරෙහිව ලකුණු 66 – 00 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කල ශ්‍රී ලංකා කණ්ඩායම මානසික ශක්තිය ගොඩ නගා ගන්නට සමත් විය. නමුත් B කාණ්ඩයේ ප්‍රමුඛයන් තේරීම සඳහා චීනය සමඟ කල සටනේදී ඔවුන්ට අත් වූයේ පරාජයක්.

Photos: Asia Rugby 7’s Championship 3rd Leg 2016 – Day 1

චීනය B කාණ්ඩයේ පෙරමුණ ගත්තේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරගය ලකුණු 24 – 14 ක් ලෙස ජය ගනිමිනුයි. මේ අනුව චීනය A කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් වූ දකුණු කොරියාව සමඟ තරග වැදීමට ස්ථානය වෙන් කර ගනිද්දී, ශ්‍රී ලංකාවට සිදුවන්නේ වඩාත් ප්‍රබල හොං කොං කණ්ඩායම සමඟ තරග වදින්නටයි.

ශ්‍රී ලංකාව සහ හොං කොං දේශය මෙම තරග මාලාවේ මීට පෙර පැවති අවසන් තරග දෙකේදී ඇතුළුව තෙවරක් එකිනෙකා මුණ ගැසුණු අතර එම අවස්ථා තුනම ජය ගත්තේ හොං කොං කණ්ඩායමයි. කෙසේ වෙතත් මෙම තරගාවලිය තුලදී හොං කොං කණ්ඩායම මැලේසියාව හමුවේ පරාජය වීම ශ්‍රී ලංකාවේ හිත සුව පිණිස බලපාන හේතුවක් වනු ඇත.

Photos: Sri Lanka Team Action Asia Rugby 7s Championship 3rd Leg 2016 – Day 1

මෙම තරගාවලියේ මූලික වටය තුලදී හොං කොං කණ්ඩායම මැලේසියාව හමුවේ ලකුණු 14 -19 ක් ලෙස පරාජය විය. නමුත් ඔවුන් A කාණ්ඩයේ ප්‍රමුඛයන් වීම වලක්වන්නට එය ප්‍රමාණවත් වුනේ නැහැ.

මැලේසියාවද පළමු වටය තුල ජය ගත්තේ එම තරගය පමණයි.

ශ්‍රී ලංකාව සහ හොං කොං කණ්ඩායම අතර පැවැත්වෙන පිරිමි කුසලාන අවසන් පූර්ව තරගය අද (16) පස්වරු 3.05ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ අපරාජිත ගමනට චීනය හරස් කපයි.

තම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව තබා තිබු බලාපොරොත්තු බිඳ දමූ චීන කණ්ඩායම පළමු වටයේ අවසන් තරගය ලකුණු 24 – 14 ක් ලෙස ජය ගන්නට සමත් විය.

සිංගප්පූරුවට එරෙහිව ලකුණු 66 – 00 ක දැවැන්ත ජයකින් පසු ශ්‍රී ලංකාව මේ තරගයට එක්වුවත්  වෙන්රු ෆෙං දෙවන මිනිත්තුවේදී චීනය වෙනුවෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කරන ලදී.

චෑන්ෂුන් ශාන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් මගහරිමින් ගෝල කනුව අසලම පන්දුව පතිත කලේ එහි ප්‍රවර්තනයද පහසු කරවමිනි. රිචඩ් ධර්මපාල ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු අර්ධය තුල වාර්තා වූ එකම උත්සාහක දිනුමට හිමිකම් කියන ලදී.

මේ අනුව පළමු අර්ධය අවසන් වූයේ කණ්ඩායම් දෙක අතර ලකුණු 5ක පරතරයක් පමණක් ඉතිරි කරමිනුයි. (12 – 07)

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ආරක්ෂක සැලසුම් වලින් ප්‍රයෝජන ගත් චීන ක්‍රීඩකයන් දෙවන අර්ධයේදී තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කලේ තරගයේ ජයග්‍රහණයේ අයිතියද තහවුරු කරගනිමිනි. රිචඩ් ධර්මපාල අවසන් මිනිත්තුවේදී වාර්තා කල උත්සාහක දිනුම ප්‍රයෝජනවත් වූයේ පරාජයේ  ලකුණු පරතරය අඩු කිරීමට පමණයි.

අවසන් ලකුණු තත්ත්වය 24  – 14 ක් ලෙස චීනයේ වාසියට සටහන් විය.


ශ්‍රී ලංකාව සිංගප්පූරුව සමඟ පැවති පළමු වටයේ තරගයකින් ලකුණු 66 – 00 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් විය. ඒ උත්සාහක දිනුම් 10ක් ද සමඟිනි.

ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසින් පළමු උත්සාහක දිනුම වාර්තා කල අතර එතැන් පටන් නායක ධනුෂ්ක රන්ජන්, තරින්ද රත්වත්ත, රිචඩ් ධර්මපාල ඇතුලු පිරිස පළමු අර්ධය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 35 – 00 ක් දක්වා ඔසවා තබන්නට සමත් විය.

දෙවන අර්ධය ආරම්භයේදීම නායක ධනුෂ්ක රන්ජන් සිය උත්සාහක දිනුම් ත්‍රිත්වය සම්පූර්ණ කල අතර තරින්ද රත්වත්ත ද පසුව උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරන ලදී. කවිඳු පෙරේරා සහ හිරන්ත පෙරේරාද ලකුණු ලබා ගන්නට සමත් වූ අතර උත්සාහක දිනුම් 10 න් 8ක්ම සාර්ථකව ප්‍රවර්තනය කරන්නට දුලාජ් පෙරේරාට හැකියාව ලැබුණි.


දිනයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය ඔවුන් ජය ගත්තද එතරම් කැපී පෙනෙන දස්කමක් දැක්වීමට අපොහොසත් විය. චීන තායිපේ කණ්ඩායම සමඟ පැවැත් වූ එම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 26 – 07 ක් ලෙසයි.

තම මවු රටේ පැවැත්වෙන මෙම තුන්වැනි අදියරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා ප්‍රබල සටනක් දෙනුඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුවත් මෙම තරගයේ ලකුණු ලබාගැනීම ආරම්භ කලේ තායිපේ ක්‍රීඩකයින් විසිනුයි.

නමුත් ඉන් අනතුරුව තරගයේ පාලනය මුලුමනින්ම අත්පත් කර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම තරගය ලකුණු 26 – 07 ක් ලෙස ජය ගන්නට සමත් විය.


මේ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පළමු දිනය තුල ජය ගැනීමට හැකි වූයේ එක් තරගයක් පමණයි. හොං කොං ක්‍රීඩිකාවන් සමඟ පැවති තරගය ලකුණු 12 – 17ක් ලෙසත්, චීන කාන්තාවන් සමඟ පැවති තරගය ලකුණු 00 – 27ක් ලෙසත් පරාජය වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සිංගප්පූරුව සමඟ තරගය පමණක් ලකුණු 15 – 05 ක් ලෙස ජය ගන්නට සමත් විය.

අද (16) මෙම තෙවැනි අදියරේ දෙවැනි දිනයයි. තරග සජීවීව නැරඹීම සඳහා පිවිසෙන්න

Asia sevens series – Colombo 2016 (3rd Leg) – Day 2

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට