ක්‍රිකට් කාන්තාවෝ රිදි පදක්කමින් සෑහෙද්දී පිරිමි අවසන් මහා තරගයට

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2019 - ක්‍රිකට්

92

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (8) බංගලියන් ඉදිරියේ ලකුණු 2කින් පසුබාමින් ලෙහෙසියෙන්ම දිනා ගැනීමට තිබූ රන් පදක්කම අහිමිකර ගනිද්දී, පිරිමි තරග ඉසව්වේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

නේපාලය පරදවමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ SAG අවසන් තරගයට!

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අද (06) පැවති කාන්තා විස්ස තරගයකින් ලකුණු 41ක පහසු…

ශ්‍රී ලංකා – බංග්ලාදේශ කාන්තා අවසන් මහා තරගය 

පොකාරා රංගසාලා ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශ ක්‍රීඩිකාවන් සතු කළාය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 91ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තම පන්දුවාර 20 අවසානයේ ලබා ගත්තේ කඩුලු 9ක් දැවී ලකුණු 89ක් පමණි.

බංග්ලාදේශ ඉනිම් වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩිකාව වූයේ නියගර් සුල්තානා ය. ඇය පන්දු 38කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 29ක් ලබා ගත්තාය.

එම ඉනිමේ කඩුලු 4ක් එක් පන්දුවාරයක දී දවා ගනිමින් දක්ෂතා දැක්වීමට 18 හැවිරිදි පිට දඟපන්දු යැවූ උමේෂා තිමාෂිනී සමත් වූවාය. ඇය තම පන්දු යැවීම අවසන් කළේ පන්දුවාර 4ක් නිලකුණු පන්දුවාර 2ක් සහ ලකුණු 8කට කඩුලු 4ක් ලෙසිනි. ඇයට අමතරව සත්‍යා සංදීපනී, තාරිකා සෙව්වන්දි, කවීෂා ඩිල්හාරි සහ මල්ෂා රණතුංග කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ආරම්භක කඩුලු ත්‍රිත්වය ලකුණු 14ක් වෙද්දී දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නියෝ සමත් වූහ. ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා ඉනිම යම් ස්ථාවර මට්ටමකට ගෙන ආවේ නායිකා හර්ෂිතා මාධවී ය. ඇය පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තාය.

ඇයට අමතරව ලකුණු අතරට පිවිසි ක්‍රීඩිකාව වූයේ ලිහිණි අප්සරා ය. ඇය පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමගින් ලකුණු 25ක් ලබා ගත්තාය. ඇයට අමතරව නිලක්ෂණා සඳමාලි පන්දු 12කට මුහුණ දී හතරේ පහරක් සමඟින් ලකුණු 10ක් ලබා ගත්තාය.

අනෙකුත් ක්‍රීඩිකාවන් කිසිවෙකුටත් ලකුණු 10 සීමාව පසු කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නියෝ අවස්ථාව ලබා දුන්නේ නැත. ඔවුන් අතුරින් හොඳම පන්දු යැවීම වාර්තා කළේ නහීඩා අක්තාර් ය. ඇය ලකුණු 9කට කඩුලු 2ක් දවා ගත්තාය. ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු 9න් 4ක්ම දුවද්දී දැවී යෑමට හසුවීමෙන් වූ දැවී යෑම් ය. 

සුරංග ලක්මාල්ට පාකිස්තානු සංචාරය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින දක්ෂ දකුණත් වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන සුරංග ලක්මාල්ට මේ මස 11…

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 13ක් තුළ දැවී යෑම මෙම පරාජයට බෙහෙවින්ම ඉවහල් වූ අතර ඉන් කඩුලු 3ක්ම දුවද්දී දැවී යෑම්වලට හසුවෙමින් අහිමි විය.

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 8ක් දැවී 91 (20) සංජිදා ඉස්ලාම් 15, නයිගර් සුල්තානා නොදැවී 29, ෆහීමා කහුටුන් 15, උමේෂා තිමාෂිනී 4/08

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 9ක් දැවී 89 (20) හර්ෂිතා මාධවී 32, ලිහිණි අප්සරා 25, නහීඩා අක්තාර් 2/09බංගලියන් පරාජය කළ පිරිමි ක්‍රීඩකයෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

පැතුම් සහ ලසිත් ශ්‍රී ලංකාව SAG අවසන් සටනට ගෙන යයි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරග ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයෝ අද (8) කිර්ටිපුර් ත්‍රිබූවන් විශ්වවිද්‍යාලයීය පිටියේ දී බංග්ලාදේශ වයස අවුරුද 23න් පහළ කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූහ. 

ඒ අනුව ඔවුන් මෙම තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් තම පළමු වටය අවසන් කරමින් අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. එම තරගය සඳහා සුදුසුකම් ලැබූ අනෙක් කණ්ඩායම වන්නේ ද අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙතින් පරාජය වූ බංග්ලාදේශ කණ්ඩායමය. මෙම තරගය හෙට (9) පැවැත්වීමට නියමිතය. 

අද තරගයෙන් කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 150ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 151ක් ලබා ගත්තේ තවත් පන්දු 23ක් ඉතිරිව තිබිය දී ය. 

කමිඳුගේ ප්‍රවේගකාරී ශතකයෙන් SAG උළෙල හැඩවෙයි!

යොවුන් පිතිකරු කමිඳු මෙන්ඩිස් වාර්තා කළ විශිෂ්ට ශතකය නිසාවෙන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ…

බංග්ලාදේශ ඉනිමේ කඩුලු 3ක් ලකුණු 21කට දැවී ගොස් තිබිය දී එම ඉනිම ගොඩ නැගීමට සිව්වැනි කඩුල්ලේ දී ලකුණු 80ක සබඳතාවක් එක් කිරීමට මහිදුල් ඉස්ලාම් සහ හසීර් අලි සමත් වූහ. ඒ අතරින් යසීර් අලි පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේය. මහිදුල් ඉස්ලාම් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 44කි. ඔහු ඒ සඳහා පන්දු 38ක් වැය කළ අතර හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඊට ඇතුළත් කළේය. 

ශ්‍රී ලංකා ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ දකුණතින් වේගපන්දු යැවූ අසිත ප්‍රනාන්දු ය. ඔහු ලකුණු 29කට කඩුලු 2ක් දවා ගත්තේය. ඊට අමතරව කවිශ්ක අංජුල, ජෙහාන් ඩැනියෙල් සහ සම්මු අශාන් කඩුල්ල බැගින් දවා ගත්හ. 

ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන පිතිකරු වූයේ ලසිත් කෘස්පුල්ලේ ය. ඔහු සහ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණ ලකුණු 134ක සබඳතාවක් එක් කළහ. එහි දී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 67ක් ලබා ගත්තේය. 

අනෙක් ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක ලකුණු 6කට දැවී ගිය පසු පිටියට පිවිසි ලසිත් කෘෘස්පුල්ලේ පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 73ක් ලබා ගත්තේය. 

බංග්ලාදේශ වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම; කඩුලු 6ක් දැවී 150 (20) මහිදුල් ඉස්ලාම් 44, යසීර් අලි 51, සකීර් හසන් නොදැවී 20, අසිත ප්‍රනාන්දු 2/29

ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම; කඩුල්ලක් දැවී 151 (16.1) පැතුම් නිස්සංක නොදැවී 67, ලසිත් කෘෘස්පුල්ලේ නොදැවී 73

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<