අසිත ප්‍රනාන්දුගෙන් මානුෂීය සත්කාරයක්

424
ඡායාරූප - චරිත් සේනානායකගේ නිල ෆේස්බුක් ගිණුමෙනි.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආධුනික පන්දු යවන්නෙක් හට සිය පාවහන් යුගල පරිත්‍යාගය කර තිබේ.

දසුන්ගේ ශතකයෙන් පසු පන්දු යවන්නන් වැඩ අල්ලයි

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’…

තරගාවලිය අතරතුර  පුහුණුවීම් කරමින් සිටිය දී කොදෙව් ආධුනික ක්‍රිකට් ක්‍රීඩකයෙක් පාවහන් නොමැතිව ශ්‍රී ලංකා පිතිකරුවන්ට සහය දක්වමින් පන්දු යවනු දැක ඇති අසිත ප්‍රනාන්දු විසින් සිය පාවහන් යුගල ඔහු වෙත පරිත්‍යාග කර ඇත.

ජැමෙයිකාවේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා A හා බටහිර ඉන්දීය කොදෙව් A තරගාවලියට නිල නොවන එක්දින තරග 3ක් හා නිල නොවන සිව්දින තරග 3ක් ඇතුලත් වේ. එහි දී ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ දකුණත් පිතිකරු ධනංජය ද සිල්වා විසිනි.

අසිත ප්‍රනාන්දුගේ මෙම ක්‍රියාව පිළිබඳව ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වන චරිත් සේනානායක මහතා විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ද අදහස් දක්වා තිබුණි.

විසි හැවිරිදි දකුණතින් වේගපන්දු යවන ප්‍රනාන්දු, කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය තුළින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස මේ වන විට එක් එක්දින ජාත්‍යන්තර තරගයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති අතර, පළමු පෙළ ක්‍රිකට් තරග 12ක දී කඩුලු 20ක් දවා ගැනීමට සමත්ව ඇති දක්ෂ යොවුන් වේගපන්දු යවන්නෙකි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සෑම විටම සුහදශීලී පුද්ගලයින් ලෙස ලොව පුරාවටම ප්‍රසිද්ධියට පත් අතර, මෙය සෑම ක්‍රීඩකයෙක් හටම විශාල ආදර්ශයක් බව නොඅනුමානයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<