ඇලෝසියස් – රිච්මන්ඩ් රග්බි සටන සැප්තැම්බරයේ

538

පාසල් රග්බි තරග කාලසටහන මේ සැප්තැම්බර් මාසයටත් කාර්යය බහුල කරමින්, දකුණු පළාතේ ප්‍රසිද්ධ පාසල් දෙකක් වන ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහල හා ගාල්ල රිච්මන්ඩ්  විදුහල අතර පැවැත්වෙන “ටී. වී. සුමනසේකර අභියෝගතා කුසලාන රග්බි තරගය” සැප්තැම්බර් මස 23 වන දා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ලීග් ශූරතා ජය ගත් පුහුණුකරු නැවතත් ඉසිපතනයට

ඉසිපතන විද්‍යාලයේ හිටපු රග්බි පුහුණුකරුවෙකු වන හෙන්රි ටෙරන්ස් මහතා මීළඟ රග්බි තරගාවලිය සඳහා නැවත වරක් ඉසිපතන විද්‍යාලයේ පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කිරීමට පැමිණ ඇත.

දකුණු පළාතේ දැවැන්ත රග්බි තරගයක් ලෙස නම් දරා ඇති සාන්ත ඇලෝසියස් හා රිච්මන්ඩ් ගැටුම, උක්ත පාසල් ද්විත්වයේ වාර්ෂික ක්‍රීඩා කාලසටහන්වල විශේෂ ස්ථානයක් හිමි කර ගන්නේ, මෙම තරගය පාසල් දෙකේ සහෝදරත්වය තව තවත් වර්ධනය කරන වසරේ එක් විශේෂ අවස්ථාවක් වන නිසාවෙනි.

මේ වසරේ මෙම විදුහල් දෙක ගැටෙන්නේ නොකඩවා 24 වන වතාවට වන අතර මෙවර තරගය පැවැත්වීමට සූදානම් කර ඇත්තේ ගාල්ලේ අලුතින්ම ඉදි කරන ලද සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දී ය. ශ්‍රී ලංකා පොලිස් සේවයට එක් වුනු කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ටී. වී. සුමනසේකර මහතාගේ නමින් නම් කර ඇති කුසලානය වෙනුවෙන් මෙම ඇලෝසියස් – රිච්මන්ඩ් රග්බි ගැටුම පැවැත්වේ.

කොග්ගල ක්‍රීඩාංගණයේ දී පැවති පසුගිය වසරේ තරගයේ දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය කුසලානය ජයග්‍රහණය කළ අතර උක්ත පාසල් දෙක දශක තුනකට ආසන්න කාලයක් මෙම ක්‍රීඩාවේ යෙදී සිටින දකුණු පළාතේ ප්‍රසිද්ධ පාසල් දෙකකි.

මෙම 24 වන ඇලෝසියස් – රිච්මන්ඩ් රග්බි මහා ගැටුම සජීවී ව විකාශනය කිරීම www.thepapare.com අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම Dialog TV නාලිකා අංක 1 හරහා ද සිදු  කිරීමට ThePapare.com කටයුතු යොදා ඇත.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට