33 වෙනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය දින 5ක උණුසුම් තරග ඉසව් රැසකින් අනතුරුව අද (15) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්විය. ඉසව් අවසානයේ තරගාවලියේ සමාප්ති උළෙල ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිඳුන්ගේ ප්‍රධානත්වය යටතේ බස්නාහිර පළාත් ගරු අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා හා අධ්‍යාපන අමාත්‍යංශයේ ගරු ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විය.
සමස්ත ලංකා ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ සිව්වන දිනය සඳහා වන තරග අවසන් වන විට මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල සමස්ත බාලක ශූරතා ලකුණු…
වයස අවුරුදු 12න්, 14න්, 16න්, 18න් සහ 20න් පහළ යන වයස් කාණ්ඩ පහක බාලක සහ බාලිකා අංශ දෙකෙන්ම සියලුම තරග ඉසව් පැවැත්වුණු අතර හඳුන්වා දෙන ලද නව වයස් කාණ්ඩ යටතේ පැවැත්වූ පළමු සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල මෙය වීම නිසා මෙවර තරගාවලියේ දී තරගාවලි වාර්තා බිඳ දැමීමක් සිදු නොවීය. එමෙන්ම මෙවර බාලක සහ බාලිකා අංශ සඳහා වෙන වෙනම ලබා දුන් ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සහ සමස්ත ශූරතාවලට අමතරව මිශ්‍ර පාසල් සඳහා ද නව අභියෝගතා ශූරතාවයක් හඳුන්වා දෙන්නට සංවිධායකයින් තීරණය කරනු ලැබීය.
දින 5ක් පුරාවට පැවති තරග වට අවසානයේ සමස්ත ලකුණු 1268කට හිමිකම් කියූ බස්නාහිර පළාත තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර සමස්ත ලකුණු 526ක් හිමි කර ගත් මධ්‍යම පළාත අනුශූරතාවය දිනා ගන්නා ලදි.
තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ බාලක ශූරතාවය අඛණ්ඩව 8 වන වසරටත් ජයග්‍රහණය කිරීමට සමස්ත ලකුණු 105ක් හිමි කර ගත් මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමත් වූ අතර, එහි අනුශූරතාවය ලකුණු 97කට හිමිකම් කියූ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය දිනා ගන්නා ලදි. ජ්‍යෙෂ්ඨ අංශයේ බාලිකා ශූරතාවය ලකුණු 187ක් හිමි කර ගත් වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය හිමි කර ගනිද්දී, එහි සම අනුශූරතාවය දිනා ගැනීමට ලකුණු 62 බැගින් හිමි කර ගත් රත්නපුර සුමන බාලිකා විද්‍යාලය සහ රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල සමත් විය.
33 වෙනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග තෙවන දිනටත් ඊයේ (12) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. කෙසේ නමුත් තරගාවලියේ ආරම්භක…
කනිෂ්ඨ අංශයේ සමස්ත බාලක ශූරතාවය ලකුණු 37ක් හිමි කර ගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය විසින් දිනා ගත් අතර එහි අනුශූරතාවය දිනා ගනු ලැබුවේ ලකුණු 20ක් හිමි කර ගත් කොළඹ රාජකීය විද්‍යාලය යි. බාලිකා අංශයේ කනිෂ්ඨ ශූරතාවය ලකුණු 29ක් ලබාගත් මීගමුව ආවේ මරියා කන්‍යාරාමය දිනා ගනිද්දී, එහි අනුශූරතාවය දිනා ගැනීමට ලකුණු 23ක් ලබාගත් රත්නපුර සුමන බාලිකා විද්‍යාලය සමත් විය.
පළමු වරට හඳුන්වා දුන් මිශ්‍ර පාසල් අංශයේ සමස්ත ශූරතාවය දිනාගනු ලැබුවේ ලකුණු 269ක් හිමි කර ගත් වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය යි. එහි අනුශූරතාවය දිනා ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් වූ අතර ඔවුන් හිමි කර ගත් ලකුණු සංඛ්‍යාව 73කි.
තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ ජාතික පාසලේ එස්. පී. ඒ. දර්ශන සමත් වූ අතර ඔහු වයස අවුරුදු 20න් පහළ මීටර 400 ඉසව්ව මිනිත්තු 47.19කින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගනු ලැබීය. අනෙක් පසින් තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගනු ලැබුවේ වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ හෂිනි ප්‍රබෝධා විසිනි. ඇය වයස අවුරුදු 20න් පහළ තුන් පිම්ම ඉසව්වේ දී මීටර 13.22ක දක්ෂතාවයක් දක්වමින් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
33 වෙනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග දෙවන දිනටත් ඊයේ (12) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.
තරගාවලිය තුළ වැඩි දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩිකාව වූයේ වයස අවුරුදු 16න් පහළ බාලිකා අංශය යටතේ තරග කළ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සදීපා හෙන්ඩර්සන් ය. ඇය අදාළ වයස් කාණ්ඩයේ මීටර 100, මීටර 200 සහ දුර පැනීම යන ඉසව් තුනේම රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
බාලක අංශය යටතේ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයේ චමෝද් යෝදසිංහ වයස අවුරුදු 18න් පහළ බාලක මීටර 100 සහ මීටර 200 ඉසව් දෙකේම රන් පදක්කම දිනා ගනිමින් සිය කෙටි දුර ධාවන ඉසව් රන් පදක්කම් ද්විත්වය සම්පූර්ණ කර ගැනීමට සමත් විය. තවදුරටත් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ ශේශාන් කාරියවසම් වයස අවුරුදු 18න් පහළ බාලක මීටර 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දී තත්පර 13.91ක කාලයක් වාර්තා කර ගනිමින් එම ඉසව්ව සඳහා ඔහු විසින්ම තබා තිබූ ජාතික පාසල් වාර්තාව නැවත වරක් අලුත් කිරීමට සමත් විය.
ශූරතා
1. වයස අවුරුදු 12න් පහළ බාලක ශූරතාවය
| ස්ථානය |
පාසල |
ලකුණු |
| 1 |
රාජකීය විද්‍යාලය, කොළඹ |
20 |
| 2 |
සහිරා විද්‍යාලය, මාවනැල්ල |
17 |
| 3 |
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොළඹ 13 |
14 |
- වයස අවුරුදු 12න් පහළ බාලිකා ශූරතාවය
| ස්ථානය |
පාසල |
ලකුණු |
| 1 |
යහපත් එඬේරාගේ කන්‍යාරාමය, කොටහේන |
20 |
| 2 |
යහපත් එඬේරාගේ කන්‍යාරාමය, පානදුර |
19 |
| 3 |
ගෝනිගොඩ මහා විද්‍යාලය, රිදීගම |
10 |
3. වයස අවුරුදු 14න් පහළ බාලක ශූරතාවය
| ස්ථානය |
පාසල |
ලකුණු |
| 1 |
සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය, කුරුණෑගල |
37 |
| 2 |
ගේට්වේ ජාත්‍යන්තර පාසල, රාගගිරිය |
17 |
| 3 |
සාන්ත පීතර විද්‍යාලය, කොළඹ 04 |
13 |
- වයස අවුරුදු 14න් පහළ බාලිකා ශූරතාවය
| ස්ථානය |
පාසල |
ලකුණු |
| 1 |
ජනාධිපති බාලිකා විද්‍යාලය, නාවල |
22 |
| 2 |
සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර |
19 |
| 3 |
ආනන්ද බාලිකා විද්‍යාලය, කෝට්ටේ |
17 |
- වයස අවුරුදු 16න් පහළ බාලක ශූරතාවය
| ස්ථානය |
පාසල |
ලකුණු |
| 1 |
සාන්ත මරියා විද්‍යාලය, හලාවත |
56 |
| 2 |
ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය |
44 |
| 3 |
සාන්ත පීතර විද්‍යාලය, කොළඹ 04 |
30 |
- වයස අවුරුදු 16න් පහළ බාලිකා ශූරතාවය
| ස්ථානය |
පාසල |
ලකුණු |
| 1 |
ගේට්වේ ජාත්‍යන්තර පාසල, රාගගිරිය |
30 |
| 2 |
ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය,වලල |
27 |
| 2 |
සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය, කුරුණෑගල |
27 |
| 3 |
ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය |
25 |
7. වයස අවුරුදු 18න් පහළ බාලක ශූරතාවය
| ස්ථානය |
පාසල |
ලකුණු |
| 1 |
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොළඹ 13 |
64 |
| 2 |
ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය,වලල |
49 |
| 3 |
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, මීගමුව |
44 |
- වයස අවුරුදු 18න් පහළ බාලිකා ශූරතාවය
| ස්ථානය |
පාසල |
ලකුණු |
| 1 |
ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය,වලල |
78 |
| 2 |
ලයිසියම් ජාත්‍යන්තර පාසල, වත්තල |
44 |
| 3 |
මියුසියස් විද්‍යාලය, කොළඹ 07 |
24 |
- වයස අවුරුදු 20න් පහළ බාලක ශූරතාවය
| ස්ථානය |
පාසල |
ලකුණු |
| 1 |
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, මීගමුව |
56 |
| 2 |
නාලන්ද විද්‍යාලය, කොළඹ 10 |
55 |
| 3 |
වීර කැප්පෙටිපොළ ජාතික පාසල, අකුරම්බොඩ |
30 |
| 3. |
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොළඹ 13 |
30 |
- වයස අවුරුදු 20න් පහළ බාලිකා ශූරතාවය
| ස්ථානය |
පාසල |
ලකුණු |
| 1 |
ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය,වලල |
82 |
| 2 |
සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර |
53 |
| 3 |
අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය, උඩබුලත්ගම |
41 |
- හොඳම කඩුලු මතින් දිවයන්නා
| නම |
පාසල |
දක්‍ෂතාවය |
| ශේශාන් දිලූෂ කාරියවසම් |
සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ |
මීටර 110 කඩුලු මතින් දිවීම – තත්පර 13.91 |
- හොඳම පැනීමේ ක්‍රීඩකයා
| නම |
පාසල |
දක්‍ෂතාවය |
| බී. එම්. හෂිනි ප්‍රබෝධා |
ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, වෙන්නප්පුව |
තුන් පිම්ම – මීටර 13.22 |
- හොඳම විසිකරන්නා
| නම |
පාසල |
දක්‍ෂතාවය |
| එස්. පසිඳු බවන්ත |
වීර කැප්පෙටිපොළ ජාතික පාසල, අකුරම්බොඩ |
හෙල්ල විසිකිරීම – මීටර 57.12 |
- හොඳම කෙටිදුර ධාවකයා
| නම |
පාසල |
දක්‍ෂතාවය |
| එස්. අරුණ දර්ශන |
වීර කැප්පෙටිපොළ ජාතික පාසල, අකුරම්බොඩ |
මීටර 400 – තත්පර 47.19 |
15. සහය දිවීමේ ශූරතාවය -බාලක
| ස්ථානය |
පාසල |
ලකුණු |
| 1 |
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොළඹ 13 |
37 |
| 2 |
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, මීගමුව |
20 |
| 2 |
ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය |
20 |
| 3 |
නාලන්දා විද්‍යාලය, කොළඹ 10 |
17 |
- සහය දිවීමේ ශූරතාවය -බාලිකා
| ස්ථානය |
පාසල |
ලකුණු |
| 1 |
ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය, වලල |
46 |
| 2 |
සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය, කුරුණෑගල |
22 |
| 3 |
ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල |
18 |
- දක්‍ෂතම මලල ක්‍රීඩකයා
| නම |
පාසල |
දක්‍ෂතාවය |
| එස්. අරුණ දර්ශන |
වීර කැප්පෙටිපොළ ජාතික පාසල, අකුරම්බොඩ |
මීටර 400 – තත්පර 47.19 |
- දක්‍ෂතම මලල ක්‍රීඩිකාව
| නම |
පාසල |
දක්‍ෂතාවය |
| බී. එම්. හෂිනි ප්‍රබෝධා |
ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, වෙන්නප්පුව |
තුන් පිම්ම – මීටර 13.22 |
19. මිශ්‍ර පාසල් ශූරතාවය
| ස්ථානය |
පාසල |
ලකුණු |
| 1 |
ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය, වලල |
269 |
| 2 |
ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල |
73 |
| 3 |
ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය |
69 |
- කණිෂ්ට බාලක ශූරතාවය
| ස්ථානය |
පාසල |
ලකුණු |
| 1 |
සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය, කුරුණෑගල |
37 |
| 2 |
රාජකීය විද්‍යාලය, කොළඹ 07 |
20 |
| 3 |
සාන්ත ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව |
19 |
- කණිෂ්ට බාලිකා ශූරතාවය
| ස්ථානය |
පාසල |
ලකුණු |
| 1 |
ආවේ මරියා කන්‍යාරාමය, මීගමුව |
29 |
| 2 |
සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර |
23 |
| 3 |
ජනාධිපති බාලිකා විද්‍යාලය, නාවල |
22 |
- ජ්‍යෙෂ්ට බාලක ශූරතාවය
| ස්ථානය |
පාසල |
ලකුණු |
| 1 |
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, මීගමුව |
105 |
| 2 |
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොළඹ 13 |
97 |
| 3 |
ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය, වලල |
82 |
- ජ්‍යෙෂ්ට බාලිකා ශූරතාවය
| ස්ථානය |
පාසල |
ලකුණු |
| 1 |
ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය, වලල |
187 |
| 2 |
සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර |
62 |
| 2 |
ගේට්වේ ජාත්‍යන්තර පාසල, රාජගිරිය |
62 |
- පළාත් ශූරතාවය
| ස්ථානය |
පළාත |
ලකුණු |
| 1 |
බස්නාහිර පළාත |
1268 |
| 2 |
මධ්‍යම පළාත |
526 |
| 3 |
වයඹ පළාත |
438 |
| 4 |
සබරගමුව පළාත |
350 |
| 5 |
දකුණු පළාත |
347 |
| 6 |
උතුරු පළාත |
158 |
| 7 |
උතුරු මැද පළාත |
57 |
| 8 |
ඌව පළාත |
52 |
| 9 |
නැගෙනහිර පළාත |
38 |
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<