ඩේව් රෙනී පුහුණුකරු කරගන්න නවසීලන්තය පරක්කු වැඩි වුනා ද?

73

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු පුහුණුකරු මයිකල් චිකේරා එම ධූරයෙන් ඉවත් වූ අතර ඔවුන්ගේ නව පුහුණුකරු ලෙස නවසීලන්ත ජාතික ඩේව් රෙනී පසුගිය දා පත්විය. ඩේව් තම පත්වීම පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ නවසීලන්ත කණ්ඩායම තම සේවය ලබා ගැනීම සඳහා පමා වූ බවයි. 

ඔලිම්පික් සිහින පොදිබැඳන් ශ්‍රී ලංකාව කොරියාවට!

2020 ඔලිම්පික් සඳහා වන සුදුස්සන් තේරීමේ තරග …..

නවසීලන්ත රග්බි ලොක්කන් All Blacks කණ්ඩායම සඳහා විදේශීය පුහුණුකරුවෙකු බඳවා ගැනීම කර ඇති අතර ලෝක කුසලාන තරගාවලියෙන් පසු ස්ටීව් හැන්සන් ඉවත්වීම නිසා පුරප්පාඩු වී ඇති පුහුණුකරු තනතුර සඳහා අයැදුම් කරන ලෙස නවසීලන්ත ජාතිකයින් 26 දෙනෙකුගෙන් ඉල්ලා ඇති බව මේ මාසයේ හෙළි කළේය. 

මෙම ගිවිසුම් සඳහා රෙනී ද ඇතුළත් වූ අතර ඔහු පවසා සිටියේ නවසීලන්තයේ එම පියවර ගන්නා විට පරක්කු වැඩි බවයි. 

“මම ආඩම්බරකාර නවසීලන්ත ජාතිකයෙක්. ඒත් ප්‍රධානම හේතුව ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟින් මම ගොඩක් කල් ඉඳලා සාකච්ඡා කරමින් හිටියේ. නවසීලන්තය මේ ගැන කියන විට පරක්කු වැඩියි. ඒ වෙද්දී මම ඕස්ට්‍රේලියා කණ්ඩායමට එක්වීමට සූදානමින් සිටියේ. ඒ සඳහා අවශ්‍ය මූලික දේවල් පවා කරලා තිබුණා. ඒක නිසා මම මේ තීරණය ගත්තා.” ඩේව් රෙනී rugby.com.au වෙත පවසා තිබේ. 

නවසීලන්ත කණ්ඩායම සඳහා පුහුණුකරු නත්තලට පෙර නම් කරන බව නවසීලන්තය පවසා ඇති නමුත් ඒ සඳහා සුදුසුම පුද්ගලයා තරගයෙන් ඉවත්ව ඇත. ඩේව් රෙනී සමඟින් නවසීලන්ත පුහුණුකරු වීමට අයදුම්පත් ඉදිරිපත් කළ ජේමි ජෝසප් ද එම අයදුම්පත ඉවත්කර ගැනීමට තීරණය කර ඇත. ඒ ඔහු තවදුරටත් ජපාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බැවිනි. ඒ සමඟින් හිටපු වේල්ස් කණ්ඩායමේ පුහුණුකරු වූ වොරන් ගාර්ට්ලන්ඩ් ද නවසීලන්ත පුහුණුකරු වීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ අනුව මේ වන විට මෙම පුහුණුකාරීත්වය සඳහා ප්‍රධාන ස්ථානයක් හිමිව ඇත්තේ හිටපු සහය පුහුණුකරු වන ඉයන් ෆොස්ටර්ට හා තෙවරක් සුපර් ලීග් ජයග්‍රහණය කළ කෘසේඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු වන ස්කොට් රොබර්ට්සන් ටය. 

ඩේව් රෙනී පිළිබඳව අදහස් දක්වමින් නවසීලන්ත රග්බි සභාපති බ්‍රෙන්ට් ඉම්පෙරී පවසා සිටියේ ඔවුන් ඩේව් රෙනීගේ ඕස්ට්‍රේලියානු කතාබහ පිළිබඳව දැනුවත්ව සිටි බවයි. 

නව නියමුවෙක් සමඟ ගුවන් හමුදාව ඉගිළෙන්නට සූදානම්!

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ………..

“අපි ටික කලක් ඉඳලා දැනගෙන හිටියා ඩේව් ඕස්ට්‍රේලියාව සමඟින් කතා කරනවා කියලා. ඒක නිසා අපි ඔහු නවසීලන්ත ප්‍රධාන පුහුණුකරු වෙන එක ගැන බලාපොරොත්තු තියාගෙන හිටියේ නෑ. අපි ඩේව්ගේ නව පත්වීම ගැන සතුටු වෙනවා. ඒ වගේම අපි ඔහුට සුබ පතනවා.”

ඩේව් රෙනී මේ වන විට ග්ලාස්ගොව් වෝරියර්ස් කණ්ඩායමේ පුහුණුකරු වන අතර ඔහු එළඹෙන ජූලි මාසයේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟින් එක්වීමට නියමිතය. 

ඕස්ට්‍රේලියානු පුහුණුකරු බවට පත්වූ දෙවන නවසීලන්ත ජාතිකයා ඩේව්ය. මීට පෙර රොබී ඩීන්ස් ඕස්ට්‍රේලියානු පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. 

ඩේව්ගේ ආගමනය පිළිබඳව අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු රග්බි ප්‍රධානී රේලීන් කාසල් පවසා සිටියේ එම තනතුර සඳහා සුදුසු ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු නොසිටි බවයි. 

ලෝක ශූරයින්ගෙන් ජාතිවාදයට කනේ පහරක්!

දකුණු අප්‍රිකාව 2019 රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය ………

“මම හිතන්නේ සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම අවශ්‍ය වෙන්නේ ඕස්ට්‍රේලියානුවෙක් පුහුණුකරු බවට පත්වෙන එක. මමත් ඒකට කැමතියි. ඔවුන්ට එහෙම දැනෙන්නේ ඔවුන් ඇත්තටම ඕස්ට්‍රේලියානු රග්බි වලට ආදරය කරන නිසා. මට කියන්නට ඇත්තේ මා ගිය සෑම තැනකම ඔවුන් ප්‍රජාව හා සංස්කෘතිය තුළ සිටින නිසා ඔවුන්ට එසේ හැඟෙනවා කියලා. මම දැන් කියන දෙයට පටහැනිව අප කරන දෙයින් අපව විනිශ්චය කරනු ඇතැයි මම හිතනවා. නමුත් ඕස්ට්‍රේලියානු රග්බි ක්‍රීඩාවේ අනාගතය ගැන මම සැලකිලිමත් වන බව මට සහතික විය හැකියි. සුපිරි රග්බි පුහුණුකරුවන් සහ ජාතික මට්ටමේ පුහුණුකරුවන් සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට මම ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරනවා. මේක නවක ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් වේවි.”

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<