ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම හා යුධ හමුදා කණ්ඩායම අතර ගුවන් හමුදාවේ සත්කාරකත්වයෙන් රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා සංකීර්ණයේදී පැවති තරඟයෙන් ලකුණු 32-29ක් ලෙස තියුණු ජයක් වාර්ථා කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

පසුගිය ලිපි: හැව්ලොක් විසින් යුධ හමුදාවට නොසිතූ පරාජයක්

ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවති  තරඟයේ දී දැඩි සුලඟ මධ්‍යයේ වුවද ප්‍රථම අර්ධයේදී යුධ හමුදාව ප්‍රභල තරඟ රටාවක නිරත වූ අතර ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කලේ තම පිලට ප්‍රධාන විනිසුරු ප්‍රියන්ත ගුණරත්න ලබා දුන් ප්‍රථම දඬුවම් පහර සාර්ථක කර ගනිමිනි.

තව දුරටත් ඔවුන්ගේ නිර්භීත තරඟ රටාව දිස් වූයේ ධනුෂ්ක තලවත්ත විසින් තරඟයේ මංගල උත්සාහක දිනුම වාර්තා කිරීමත් සමඟය. ගයාන් සාලින්දගේ දායකත්වයත් සමඟ යුධ හමුදාව ලකුණු 7-0 ක් ලෙස පෙරමුණ ගන්නට සමත් විය. (ගුවන් හමුදාව 0-7 යුධ හමුදාව)

යුධ හමුදා කණ්ඩායමට ඉතා ඉක්මනින් ප්‍රතිචාර දක්වන්නට සත්කාරක ගුවන් හමුදා ක්‍රීඩකයෝ මඟ සාදා ගත්තේ යුධ හමුදාවේ පසුපෙළ ආරක්ෂක වළල්ල බිඳ ගෙන ඉදිරියට ඇදුනු සූර්ය ක්‍රිශාන් විසින් චරිත් සෙනෙවිරත්න හට ලබා දුන් අනර්ඝ යොමු කිරීම, ගිම්හාන සිල්වා විසින් උත්සාහක දිනුමක් බවට පත් කර ගැනීමත් සමඟයි. සෙනෙවිරත්නගෙන් සත්කාරක කණ්ඩායමට එකතු වුනු අමතර ලකුණුත් සමඟ තරඟයේ ලකුණු සම තත්වයට පත් විය. (ගුවන් හමුදාව 7-7 යුධ හමුදාව)

ප්‍රථම භාගයේදී හිමි වූ තවත් දඬුවම් පහරකට යොමු වෙමින් යුධ හමුදා කණ්ඩායමේ ගයාන් සාලින්ද තම පිලේ ලකුණු මට්ටම 10-7 ක් ලෙස ඉහළ දැමීමට සමත් විය.

දැඩි ආක්‍රමණකාරී තරඟ රටාවක නිරත වී සිටි ගුවන් ක්‍රීඩකයන්ට එරෙහිව ප්‍රභල ආරක්ෂාකාරී තරඟයක නියැලුනු යුධ හමුදා වළල්ලේ ආරක්ෂක වැට, නැවත වරක් පරාජය කිරීමට සූර්ය ක්‍රිශාන්ම සමත් වූ අතර චරිත් සෙනෙවිරත්න එක් කරන ලද අමතර ලකුණුත් සමඟ භූමියේ වාසිය විදහා දක්වමින් තරඟයේ පෙරමුණ ගැනීමට ගුවන් ක්‍රීඩකයෝ සමත් විය. (ගුවන් හමුදාව 14-10 යුධ හමුදාව)

Photos: Air Force SC v Army SC – Dialog Rugby League 2016/17 | #Match 22

Photos of the Air Force SC v Army SC – Dialog Rugby League 2016/17 | #Match 22

සාරක වේරැල්ලගේ තවත් උත්සාහක දිණුමක් සමඟින් හා සෙන්විරත්නගේ සාර්ථක වූ තවත් දඬුවම් පහරක් සමඟින් ලකුණු පරතරය තවත් වැඩි කර ගැනීමට සත්කාරක කණ්ඩායම සමත් විය.

ධනුශ්ක තලවත්ත තවත් එක් උත්සාහක දිණුමක් වාර්තා කිරීමට සමත් වූයේ ලකුණු 14ක පරතරයකින් තරඟය සියතට හරවාගෙන සිටි ගුවන් ක්‍රීඩකයන් හා  ප්‍රභල තරඟයක නිරත වීමෙන් අනතුරුවය. නමුත් අවාසනාවන්ත ලෙස ගයාන් සාලින්දට තම පහර මඟ හැරී ගියේ ලකුණු පරතරය 9ක් ලෙස දැක්වෙමිනි. (ගුවන් හමුදාව 24-15 යුධ හමුදාව)

ප්‍රථම භාගය (ගුවන් හමුදාව 24 – 15 යුධ හමුදාව)

දෙවන භාගය ආරම්භයෙන් පසු දැඩි මානසික පීඩනයකින් පිටියට අවතීර්ණ වූ යුධ හමුදා ක්‍රීඩකයින් හට සුළඟෙන් එල්ල වූ බලපෑමද තරමක් බලපෑවේ ක්‍රීඩා පිටියේ නුහුරු බව පැහැදිලි ලෙස පෙන්නුම් කරමිනි. එය වැඩි දුරටත් හොඳින් දිස් වූයේ මොහොමඩ් රිස්වි හා ගයාන් සාලින්ද විසින් එල්ල කල පහරවල් අනවශ්‍ය ලෙස ඉහළ යාමත් සමඟය. අනෙක් පසින් පිටියේ වාසියද හොඳින් උපයෝගී කර ගනිමින් යුධ හමුදා කණ්ඩායමේ පසු පෙළ මත ගුවන් කණ්ඩායමේ  තම ආක්‍රමණය දැඩි කලේ පසුබෑමකට ලක්ව සිටි කණ්ඩායම මත පීඩනය තව දුරටත් එල්ල කරමිනි. ගුවන් කණ්ඩායම වෙනුවෙන් ඉශාර මදුශාන් ලද අවසරයෙන් තවත් උත්සාක දිනුමක් ලබා ගැනීමට සමත් වුවද, චරිත් සෙනෙවිරත්නට තම පහර මෙවර මඟ හැරී ගියේ ලකුණු තත්වය 29-15 බවට පත් කරමිනි.

තරඟය අත හැරීමට කිසිඳු සේයාවක් නොපෙන්වූ යුධ හමුදා ක්‍රීඩකයෝ තරඟයට  නැවත අවතීර්ණ වීමට ප්‍රභල උත්සාහයක යෙදුනු අතර තිසරු අධිකාරී සාර්ථක වීමත් සමඟ එම උත්සාහය මල්ඵල ගැන්වූයේ ලකුණු  තත්වය 7කින් ඉහළ නංවා ගැනීමට යුධ හමුදා ක්‍රීඩකයෝ  සමත් වීමත්  සමඟය. ඒ ගයාන් සාලින්ද මෙවර සාර්ථක වීම නිසාය. (ගුවන් හමුදාව 29-22 යුධ හමුදාව)

ගුවන් කණ්ඩායමේ නායක ගයාන් ඉද්දමල්ගොඩ නැවත සත්කාරක කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ අතර හදිසියේ ලැබුනු දඬුවම් පහරක් චරිත් සෙන්විරත්න සාර්ථක කර ගැනීමෙන් ලකුණු තත්වය 32-22ක් ලෙස වෙනස් විය. ඒ සත්කාරක ප්‍රේක්ශක බලාපොරොත්තු ඉහල නංවමිනි.

දෙපිළෙන්ම  ප්‍රභල  තරඟ රටාවක්  දිස් වූ අතර තරඟයේ නියමිත කාළය අවසන් වීමට මිනිත්තු 5ක් පමණක් ඉතිරිව තිබියදී යුධ හමුදා කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩක සුමේධ නානායක්කාර වාර්තා කරන ලද උත්සාහක දිණුමට සැබෑම අරුතක් එකතු කරමින් යුධ ක්‍රීඩකයන්ට අවසන් මිනිත්තුවේ බලාපොරොත්තුවක් එකතු කලේ සාලින්ද විසින් ලකුණු 2ක්ද එකතු කරමින් ලකුණු තත්වය 32-29ක් ලෙස ඉහළ නැංවීමත් සමඟය.

යුධ හමුදා ක්‍රීඩකයින් ප්‍රභල ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයකින් තරඟ වැදුනද ප්‍රධාන විනිසුරු ගුණරත්න තරඟයේ කාලය අවසන් බව හඟවන විට තියුණු ලෙස තරඟය අවසානයකට පත් වූයේ  32-29ක් ලෙස සත්කාරක ගුවන් ක්‍රීඩකයන් හට ජය හිමි කර  දෙමිනි.

සම්පූර්ණ කාලය : ගුවන් හමුදාව 32-29 යුධ හමුදාව

ThePapare.com තරඟයේ වීරයා – ගයාන් ඉද්දමල්ගොඩ

ලකුණු වාර්තා කිරීම්

ගුවන් හමුදා 29

  • උත්සාහක දිනුම්: ධනුශ්ක තල්වත්ත  2, තිසරු අධිකරී, සුමේධ නානායක්කාර
  • ප්‍රවර්තන දිනුම්: ගයාන් සාලින්ද 3 ක් හා
  • ඳඬුවම් පහර: ගයාන් සාලින්ද 1

ගුවන් හමුදා කන්ඩායම 32

  • උත්සාහක දිනුම්: සූර්ය ක්‍රිශාන්, ගිම්හාන් සිල්වා, සාරක වේරැල්ල, ඉශාර මදුශාන්
  • ප්‍රවර්තන දිනුම්: චරිත් සෙන්විරත්න 2
  • ඳඬුවම් පහර: චරිත් සෙන්විරත්න 2

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට