ඔලිම්පික් වලින් බොක්සිං ඉවතට?

315
©amazonaws.com

ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමය (AIBA) මූල්‍ය බංකොලොත්භාවයට ලක්වන්නට ආසන්න බව වාර්තා වේ. දැනට වාර්තා වන පරිදි 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් බොක්සිං සංගමය ඉවත් කිරීමේ අවදානමක් පවතියි.

ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමයේ නිල ලාංඡනය

පසුගිය බදාදා (19) දිනයේ දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ඔවුන්ව රඳවා ගන්නට තීරණය නොකළ බැවින් එය බොක්සිං සංගමයට විසඳිය නොහැකි ගැටලුවක් බව ආධුනික බොක්සිං සංගමයේ විධායක අධ්‍යක්ෂ ටොම් වර්ගෙට්ස් මහතා ප්‍රකාශ කොට තිබුණි. එසේ සිදුවුවහොත් ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් පසුව ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමයට ලැබීමට නියමිතව තිබූ ඇ.ඩො. මිලියන 17.5ක ආදායම් මුදල නොලැබීමටත්, 2020 ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය වන 2019 ලෝක ශූරතා බොක්සිං තරගාවලිය අත්හිටුවීමටත් තීරණය වනු ඇත.

Video – ලෝහමය බාහු වලින් මුහුණු තලන්නා – Mike Tyson

මයික් ටයිසන්, ජීවිතාභියෝග රැසකට මුහුණ දුන් චරිතයකි.

කෙසේ වෙතත් වර්ගෙට්ස් මහතා පවසන්නේ මෙය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් උවමනාවෙන්ම තම සංගමය බංකොලොත්භාවයට පත්කරන්නට ගන්නා උත්සාහයක් බවයි. ඔහු ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ ලියා තැබුවේ “ඉදිරියේ දී බොක්සිං සංගමයට මුදල් ලැබීමට තිබූ සෑම ආදායම් ප්‍රභවයක්ම උදුරාගෙන ඇති බව”යි. ඇ.ඩො. 400,000ක් වන බොක්සිං සංගමයේ වත්මන් බැංකු ඉතුරුම් වලින් මෙම තීරණය අභියෝගයට ලක්කොට අධිකරණය ඉදිරියට යෑමට ද නොහැකි බැව් ඔහු සටහන් කොට තිබුණි.

කෙසේ වෙතත් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කොටස්කරුවෙකු වීමට තමන්ට පැවරී තිබූ ව්‍යවස්ථාපිත වගකීම පැහැර හැරීම නිසා තමන් තනතුරෙන් ඉවත් වන බව ද වර්ගෙට්ස් මහතා කියා තිබේ. ඊට පෙර ජාත්‍යන්තර බොක්සිං විධායක සභාව එක් වරක් රැස්වන බව ද සඳහන් වේ.

බෝංචි ඇට සහ බත් කා, ශූරයාව බිම දැමූ ඇන්ඩි රුයිස්

හෙවිවෙයිට් බොක්සිං ඉතිහාසය අනපේක්ෂිත ….

බදාදා දිනයේ දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සඳහන් කළේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් 13ක් සඳහා සටන් වැදීමට බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගන්නේ නම් ඊට ලබන වසරේ දී නව ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<