ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරයේ ටෙස්ට් තරගාවලියේ, නවදිල්ලි නුවර පැවති 3 වන හා අවසන් ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල පිතිකරණයෙන් දැක්වූ ඉහළ දක්‍ෂතා හමුවේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ කෝලිගේ සිහිනය බිඳ දමති
ඉන්දීය ක්‍රිකට් රණ පිටිය තම ජයග්‍රහණය වෙනුවෙන් සියලු සේනාවන් රැස්කර සිටිය..
ශ්‍රී ලංකාව මෙම තෙවන ටෙස්ට් තරගයට පිවිසියේ ඊට පෙර නාග්පූර් හිදී පැවති දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා කර ගත් දැවැන්තම පරාජය අත්විඳිමිනි. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 239ක දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදු විය.
ඒ අනුව තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පරාජය ආසන්නයට ගොස් ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් සහ දෙවන ටෙස්ට් තරගයේ දී දැවැන්ත පරාජයකට මුහුණ දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන ටෙස්ට් තරගය සඳහා පිවිසියේ ඉතා අසීරු තත්වයක පසුවෙමිනි. තවදුරටත් නවදිල්ලි නුවර පවතින දැඩි වායු දූෂණ තත්වය හමුවේ දැඩි පීඩාවට පත්වෙමින් පළමුව පන්දු යැවූ ශ්‍රී ලාංකික පන්දු යවන්නන් හමුවේ ඉන්දියාව පළමු ඉනිමේ දී කඩුලු 5ක් දැවී ලකුණු 536ක් වාර්තා කර ගැනීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්වය තවදුරටත් අසීරු වන්නට විය. එහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක විරාත් කෝලි ද්විත්ව ශතකයක් වාර්තා කර ගනිමින් ඉන්දියානු ඉනිම ශක්තිමත් කළේය.
මාෂ් – ස්ටාර්ක් සුසංයෝගයෙන් ඕස්ට්‍රේලියාව පෙරමුණට
ඇඩිලේඩි ඕවල් පිටියේ අද (6) අවසන් වූ දෙවන අළු බඳුන ක්‍රිකට් තරගය ලකුණු 120කින් ජය ගැනීමට..
කෙසේ නමුත් ක්‍රීඩා පිටිය තුළ පැවති තත්වය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පත්වූ අපහසුතාවය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මෙන්ම ක්‍රීඩාලෝලීන්ගේ ද දෝෂාරෝපණයට ලක්වූ අතර තරගය අවසානයේ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ක්‍රීඩාලෝලීන්ට ඔවුන්ගේ සහභාගීත්වය සහ සහයෝගය වෙනුවෙන් ස්තුති කිරීමත් සමඟ තත්වය වෙනස් වන්නට විය.
මෙම තරගයේ පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් අසාර්ථක වෙනු ඇතැයි බොහෝ දෙනෙක් සිතුවත් එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම පිතිකරුවන් දෙදෙනා වන ඇන්ජෙලෝ මැතිව්ස් සහ නායක දිනේෂ් චන්දිමාල් ප්‍රබල ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ශතක ද්විත්වයක් වාර්තා කර ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනඟන්නට සමත් විය. මෙහි දී මැතිව්ස් ලකුණු අතරට පැමිණීම ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් හට දැඩි සතුටට කරුණක් වූ අතර දිනේෂ් චන්දිමාල් තරගය අවසානයේ ඒ පිළිබඳව කතා කිරීමට ද අමතක කළේ නැත.
ඉන්දියානු කණ්ඩායම ඔවුන්ගේ දෙවන ඉනිම අත්හිටු වීමට තීරණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට දිනයකටත් වැඩි කාලයක් තුළ දී තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 407ක දැවැන්ත ඉලක්කයක් හිමි විය. මෙහි දී තරගාවලියේ පළමු තරගයේ දී මෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් හට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් ඔවුන් දවාගන්නට හැකිවනු ඇතැයි ඉන්දීය පන්දු යවන්නන් අපේක්‍ෂා කළත් එහි දී ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් විය.
අසේල හා කුසල් ජනිත් එක්දින සංචිතයට
ලබන 10 වැනිදා ධර්මසාලා හිදී ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා..
එහි දී මැදපෙළ පිතිකරුවන් වශයෙන් ධනංජය සහ රොෂේන් පිතිකරණයේ නිරත වූ ආකාරය බොහෝ දෙනාගේ දැඩි ප්‍රශංසාවට ලක්විය.



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

































