ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (27) නිමා වූ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගයේ දී ඉනිමක සහ ලකුණු 19ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් වෙනවා.
>>රන්දුල, ෆහම් සහ හිවිරු දක්ෂතා දක්වයි
එම තරගයේ ප්‍රතිවාදී පළමු ඉනිමේ දී කඩුලු 5ක් බැගින් දවා ගත් ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ හිවිරු නිම්තරණ සහ මොහොමඩ් ෆහාම් ප්‍රතිවාදී වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය 2 වැනි ඉනිමේ දී ද කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. එහි දී හිවිරු නිම්තරණ ලකුණු 19කට කඩුලු 5ක් ද සහ මොහොමඩ් ෆහාම් ලකුණු 32කට කඩුලු 5ක් ද දවා ගත්තා.
ඒ අනුව හිවිරු නිම්තරණ තරගයේ දී ලකුණු 38කට කඩුලු 10ක් ද, මොහොමඩ් ෆහාම් තරගයේ දී ලකුණු 42කට කඩුලු 10ක් ද දවා ගන්නවා.
ඔවුන් දෙදෙනා ට අමතර එම තරගයේ දී වෙන්නප්පුව සාන්ත ජෝස්ප් වාස් විද්‍යාලයේ වමතින් පා දඟ පන්දු යවන ඔශේන් බිනර ප්‍රතිවාදී පළමු ඉනිමේ දී ලකුණු 36කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
ඊට අමතර ව අද ආරම්භ වූ තරගයක දී සාන්ත ජෝසප් විද්‍යාලයේ දකුණතින් පා දඟ පන්දු යවන විග්නේශ්වරන් ආකාශ් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහි ව ලකුණු 58කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
මේ අතර මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආරම්භක දකුණත් පිතිකරු නිසිල දිමත් කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට එරෙහි ව පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 80ක් ලබා ගනිමින් දිනයේ වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත් වුණා.
ඔහුට අමතර ව කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ සිත්රු ගුණරත්න මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහි ව පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා.
අද අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු
වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – සාන්ත ඇලෝසියස් විද්‍යාලය
- සාන්ත ජෝසප් වාස්විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 72(25.5) දමේස් මතිශාන් 28, හිවිරු නිම්තරණ 5/19, මොහොමඩ් ෆහම් 5/10
- සාන්ත ඇලෝසියස්විද්යාලය – පළමු ඉනිම සියලුම දෙනාදැවී 145 (64.4) පුලිත බානුජ 27, ගිම්හාන් හංසක 63, ඔශේන් බිනර 6/36
- සාන්ත ජෝසප් වාස් විද්‍යාලය– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 54 (24.3)දමේස් මතිශාන් 14, හිවිරු නිම්තරණ 5/19, මොහොමඩ් ෆහාම් 5/32
ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 19ක ජයක්.
- සාන්ත බෙනඩික්ට්වරුන් සුපිරි පන්දුවාරයෙන් Tier B ශූරතාව දිනා ගනී
- පාසල් ක්‍රිකට් පිටියට ශතක 6ක් එක් වෙයි
අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු
මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරගය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – ඩී. එස්. සේනානායක විද්‍යාලය
- ඩී. එස්. සේනානායක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 213 (56.0)මියුරු බණ්ඩාර 42, තරුශ රණසිංහ 46, චනුල් අතලේ 25, සිත්රු ගුණරත්න 52, විග්නේශ්වරන් ආකාශ් 6/58
- සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 95 (24.0)අවීශ සමාශ් නොදැවී 40, සෙනුජ වකුණගොඩ 48
මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 118ක් පිටුපසින්.
මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර තරගය මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Traditional)
කාසියේ වාසිය – සාන්ත ආනා විද්‍යාලය
- සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 157 (49.3) උදුල ජයසිංහ 25, සනුක කෙම්සර 34, ඉමන්ජිත් හේරත් 30, අදීශ ලක්ශාන් 4/46, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 2/36, චමත් වෙල්ලාලගේ 2/27
- සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 160 (38.0)නිසිල දිමත් නොදැවී 80, ලශේන් ප්‍රනාන්දු 56
මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය ලකුණු 3ක් ඉදිරියෙන්.
අන්තර් පාසල් පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















