ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (26) පැවැති අතර එහි දී ගාල්ල මහින්ද විද්‍යාලයේ රන්දුල මාබරණ ශතකයක් වාර්තා කරනවා.
ඔහු මෙම දක්ෂතාව දක්වන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයට එරෙහිවයි. එහි දී ඔහු පන්දු 150කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 128ක් ලබා ගත්තා.
ඔහුට අමතර ව කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ රිසෝන් ජන්සෙන් (81), ගාල්ල මහින්ද විද්‍යාලයේ දුල්සිත් දර්ශන (61), කොළඹ නාලන්දා විද්‍යාලයේ රන්මිත් සෙනරත් (නොදැවී 59), ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ගිම්හාන් හංසක (නොදැවී 63) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
මේ අතර පන්දු යැවීමේ දී ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ දකුණතින් මඳ වේග පන්දු යවන්නන් වූ මොහොමඩ් ෆහම් සහ හිවිරු නිම්තරණ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට එරෙහි ව කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. එහි දී මොහොමඩ් ෆහම් ලකුණු 10කට කඩුලු 5ක් ද සහ හිවිරු නිම්තරණ ලකුණු 19කට කඩුලු 5ක් බැගින් දවා ගන්නවා.
ඔවුන්ට අමතර ව කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ රචින්ත ද සිල්වා (5/61), කැළණිය ගුරුකුල විද්‍යාලයේ විමුක්ති මනතුංග (4/15) සහ ගාල්ල මහින්ද විද්‍යාලයේ මානිත රාජපක්ෂ (4/36) ද දක්ෂ පන්දු යැවීම්වල නිරත වූවා.
කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය අතර තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – ගුරුකුල විද්‍යාලය
- තර්ස්ටන් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 237 (61.3) රිසෝන් ජන්සෙන් 81, සචින් ප්‍රේමසිංහ 45, හිරුෂ ඩයස් 43, නිතිෂ් කමලසූරිය 42, විමුක්ති මනතුංග 4/15
- ගුරුකුල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 141 (56.5) අදීප පිංසර 20, ශාන් ජුමත් 36, අතීශ මලිඳු 35, රචින්ත ද සිල්වා 5/61, ඉනුප දින්සර 3/31
- තර්ස්ටන් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 102 (27.1) යොහාන් සේනානායක 32, රචින්ත ද සිල්වා 30, පවන් ශෙහාන් 3/19, නෙතුප සංදිව් 2/32
තරගයේ විසඳුමක් නෑ. (කොළඹ තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජය.)
ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර තරගය ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – නාලන්දා විද්‍යාලය
- නාලන්දා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 148 (37.1) ලිතුම් විජේකුමාර 20, මිහින් සොයිසා 33, නේමින්ද අක්මිමන 41, විශ්මිත සත්සර 3/23, කවිඳු නිම්සර 2/34, කවීෂ ගිත්මල් 2/49, මානිත රාජපක්ෂ 2/11
- මහින්ද විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 298 (46.3) රන්දුල මාබරණ 128, දුල්සිත් දර්ශන 61, තියෝන් හේලික 31, දිනර විතාණ 2/29, සංතුල් විජේරත්න 3/71
- නාලන්දා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 143 (41.0) ලිතුම් විජේකුමාර 30, නඳුල් ජයලත් 33, රන්මිත් සේනරත් නොදැවී 59, මානිත රාජපක්ෂ 4/36
තරගයේ විසඳුමක් නෑ. (ගාල්ල මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජය.)
අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු
වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය – සාන්ත ඇලෝසියස් විද්‍යාලය
- සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 72 (25.5) දමේස් මතිශාන් 28, හිවිරු නිම්තරණ 5/19, මොහොමඩ් ෆහම් 5/10
- සාන්ත ඇලෝසියස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 111 (42.0) පුලිත බානුජ 27, ගිම්හාන් හංසක නොදැවී 63, ඔශේන් බිනර 2/28
ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය ලකුණු 39ක් ඉදිරියෙන්.
අන්තර් පාසල් පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















