ශ්රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්යන්තර ක්රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම සමඟින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකාව අද (27) සමත් වෙනවා.
ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහි ව කඩුලු 8ක ජයග්රහණයක් ලබා ගනිමිනුයි.
Lahore හි Gaddafi ක්රිකට් ක්රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්රහණය කළ ශ්රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්රතිවාදීන් සතු කළා. ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන ක්රීඩකයෝ ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 110ක් පමණයි.
එය පාකිස්තාන කණ්ඩායමක් එරට දී ලබා ගත් අඩු ම ලකුණු සංඛ්යාවන් අතර 2 වැනි තැනට පත් ලකුණු සංඛ්යාව වූ අතර එහි පළමු ස්ථානයේ රැඳී ඇත්තේ 2009 වසරේ දී ශ්රී ලංකාව හමුවේ මෙම ක්රීඩාංගණයේ දී ම දැවී ගිය ලකුණු 75යි. එමෙන් ම පාකිස්තාන ලබා ගත් එම ලකුණු සංඛ්යාව දෙරට එක්දින ජාත්යන්තර තරග ඉතිහාසයේ පාකිස්තානය දැවී ගිය අඩු ම ලකුණු සංඛ්යාවන් අතර තෙවැනි ස්ථානයට පත් ලකුණු සංඛ්යාව ද වූවා.
පාකිස්තාන කණ්ඩායමේ ඉලක්කය ඉනිමේ තවත් පන්දු 191ක් ඉතිරි කර ගනිමින් කඩුලු 2ක් පමණක් දැවී සපුරා ගැනීමට ශ්රී ලංකා ක්රීඩකයෝ සමත් වෙනවා.
>>පාකිස්තානුවෝ තමන්ට එරෙහි වසර 51ක වාර්තාවක් සතු කර ගනී
මෙම තරගයට ශ්රී ලංකා පෙර තරගය හා එක් වූ කණ්ඩායම ම එක් කර තිබූ අතර පාකිස්තාන කණ්ඩායම එක් වූයේ පෙර ශ්රී ලංකාව හා සමඟ තරගයට එක් වූ කණ්ඩායමේ වෙනස්කම් ද්විත්වයක් සිදු කරමිනුයි. ඒ අනුව ඔවුන් මෙම තරගයේ දී Saim Ayub සහ Faheem Ashraf වෙනුවට Maaz Sadaqat සහ Shadab Khan එක් කර තිබුණා.
ශ්රී ලංකා කණ්ඩායම
කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්රනාන්දු, පවන් රත්නායක, දසුන් ශානක, ජනිත් ලියනගේ, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, එශාන් මාලිංග, අසිත ප්රනාන්දු සහ ඩිල්ශාන් මදුශංක.
පාකිස්තාන කණ්ඩායම
Shaheen Shah Afridi (නායක), Fakhar Zaman, Maaz Sadaqat, Babar Azam, Saad Baig (කඩුලු රකින්නා), Salman Agha, Hasan Nawaz, Shadab Khan, Arafat Minhas, Haris Rauf සහ Naseem Shah
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Babar Azam. ඔහු පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තා.
ඊට අමතර ව Hasan Nawaz පන්දු 31කට මුහුණ දී හයේ පහරක් සමඟින් ලකුණු 17ක් ද, නායක Shaheen Shah Afridi පන්දු 13කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ද සහ Arafat Minhas පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 10ක් ද ලබා ගත්තා.
පාකිස්තාන ඉනිමේ අනෙක් සෑම පිතිකරුවෙක්ගේ ම ඉනිම් තනි ඉලක්කමකට සීමා වූවා. එහි දී වමතින් මඳ වේග පන්දු යැවූ ඩිල්ශාන් මදුශංක ලකුණු 34කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. එය ඔහුගේ 34ක් වන එක්දින ජාත්යන්තර තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීමයි.
ඊට අමතර ව සහන් ආරච්චිගේ කඩුලු 2ක් ද, දුනිත් වෙල්ලාලගේ, එශාන් මාලිංග සහ අසිත ප්රනාන්දු කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- සත්කාරකයෝ ජයග්රහණයකින් තරගාවලිය ආරම්භ කරයි
- ආනන්ද ශාස්ත්රාලයේ ක්රිකට් ක්රීඩාවට මූල්ය ශක්තියක් එක් කරන ශාස්ත්රාලියන් ප්රිමියර් ලීග් 2026
- Hong Kong යන ශ්රී ලංකා Sixes කණ්ඩායමත් සූදානම්
- පාකිස්තානු පොඩ්ඩෝ වේලාසනින් ම තරගාවලිය ජය ගනී
- Major Club සිව් දින තරගාවලියට දින වෙන් කරයි
පිළිතුරු ශ්රී ලංකා ඉනිම සුපුරුදු ලෙසින් ම කමිඳු මෙන්ඩිස් සහ අවිශ්ක ප්රනාන්දු එක් ව ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 41ක දී ලකුණු 50ක සබඳතාවක් එක් කරනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ අවිශ්ක ප්රනාන්දු ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 17ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා සිටියා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ශ්රී ලංකා ඉනිමට තවත් ලකුණු 12ක් එක් වෙද්දී නායක කුසල් මෙන්ඩිස් ද දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 6කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 8ක් ලබා සිටියා.
තරගය අවසන් වෙද්දී කමිඳු මෙන්ඩිස් පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 62ක් ද සහ පවන් රත්නායක පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 56ක දී නොදැවුණ ලකුණු 52ක සබඳතාවක් එක් කරන ලද අතර කමිඳු මෙන්ඩිස් අද රැස් කළේ තම 35ක් වන එක්දින ජාත්යන්තර තරග පිටියේ 5 වැනි අර්ධ ශතකයයි.
ශ්රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය Arafat Minhas සහ නායක Shaheen Shah Afridi අතරේ බෙදී ගියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- පාකිස්තානය – සියලුම දෙනා දැවී 110 (25.3) Babar Azam 29, ඩිල්ශාන් මදුශංක 5/34, සහන් ආරච්චිගේ 2/24
- ශ්රී ලංකාව – කඩුලු 2ක් දැවී 114 (18.1)කමිඳු මෙන්ඩිස් නොදැවී 62, පවන් රත්නායක නොදැවී 23
ශ්රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
තරගයේ වීරයා – ඩිල්ශාන් මදුශංක (ශ්රී ලංකාව)
තරගාවලියේ ශ්රී ලංකාව සහ පාකිස්තානය සහභාගී වන අවසන් මහා තරගය මේ මස 31 වැනිදා Lahore හී Gaddafi ක්රීඩාංගණයේ දී ම දිවා/රාත්රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිත ව ඇති අතර ඊට පෙර ඔවුන් නැවතත් එංගලන්තය සමඟින් මේ මස 29 වැනිදා මෙම ක්රීඩාංගණයේ දී ම එංගලන්තය සමඟින් තරගයකට එක් වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.




















