මහානාම, නාලන්දා සහ වෙස්ලි විද්‍යාල අවසන් පූර්ව වටයට

SLSCA U 19 Division I Limited Over Tournament 2026/27

2
SLSCA U 19 Division I Limited Over Tournament 2026/27

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය සමත් වුණා.

අද (20) පැවැති තරග අතුරින් පසුගිය වසරේ අනුශූරයන් වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පරාජය කරමින් කොළඹ වෙස්ලි විද්‍යාලය තරගාවලියේ ඉදිරියට යෑමට සමත් වීම කැපී පෙණුන අතර ඊට අමතර ව පෙර වසරේ ශූරයන් වූ කොළඹ මහානාම විද්‍යාලය, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය පරාජය කරමින් තව දුරටත් තරගාවලියේ ඉදිරියට යෑමට සමත් වුනා.

ඊට අමතර ව මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරමින් කොළඹ නාලන්දා විද්‍යාලය ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අනෙක් කණ්ඩායම වූයේ ගාල්ල මහින්ද විද්‍යාලයයි. ඔවුන් පෙර දිනයේ දී මොරටුව සාන්න සෙබස්තියන් විද්‍යාලය පරාජය කරමින් එම අවස්ථාව සපුරා ගත්තා.

>>ගාල්ල මහින්ද විද්‍යාලය අවසන් පූර්ව වටයට

අද නිමා වූ තරගවල දී කොළඹ මහානාම විද්‍යාලයේ සිනෙත් වීරරත්න (52), කොළඹ වෙස්ලි විද්‍යාලයේ සෙනුර ලක්ශාන් (51) සහ කොළඹ නාලන්දා විද්‍යාලයේ රන්මිත් සෙනරත් (52) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය මත්තෙගොඩ Supper ක්‍රීඩාංගණයේ දී. (Tier A – අර්ධ අවසන් පූර්ව වටය)

කාසියේ වාසිය – සාන්ත ජෝසප් විද්‍යාලය

  • සාන්ත ජෝසප් විද්‍යාලය – සියලුම දෙනා දැවී 84 (41.4)යෙනුල දන්තනාරයන 20, සනුක ගනේපොල 3/09, කෞෂික තිලකරත්න 4/13, සනුල් වීරරත්න 2/12
  • මහානාම විද්‍යාලය – කඩුලු 3ක් දැවී 85 (20.2) සිනෙත් වීරරත්න 52, සනුල් වීරරත්න නොදැවී 17

කොළඹ මහානාම විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

කොළඹ නාලන්දා විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය කොළඹ නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A – අර්ධ අවසන් පූර්ව වටය)

කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය

  • නාලන්දාවිද්‍යාලය – කඩුලු 6ක්දැවී 234 (50.0) ලිත්ම විජේකුමාර 32, නදුල් ජයලත් 20, රන්මිත් සෙනරත් 52, නෙමිඳු අක්මීමන 47, මිහින් සොයිසා 29, සංතුල් විජෙයරත්න නොදැවී 30, සනිතු ගුණතිලක 3/39, රයන් ගෙග්‍රරි 2/43
  • සාන්ත අන්තෝනිවිද්‍යාලය – සියලුම දෙනාදැවී 157 (44.0) සනුක කල්පන 21, සදෙව් අමරකෝන් 47, කෞෂික කුමාරසිංහ 38, ඔසඳ පමුදිත 2/22, රුසඳු සිල්වා 4/22

කොළඹ නාලන්දා විද්‍යාලයට ලකුණු 77ක ජයක්.

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය වීරකැටිය මණ්ඩාදුව ක්‍රීඩාංගණයේ දී. (Tier A – අර්ධ අවසන් පූර්ව වටය)

කාසියේ වාසිය – රිච්මන්ඩ් විද්‍යාලය

  • වෙස්ලිවිද්‍යාලය – කඩුලු 6ක්දැවී 141 (30.0) කවිඳු හෙට්ටිආරච්චි 30, සෙනුර ලක්ශාන් 51, ලිත්ම පෙරේරා නොදැවී 23, විහඟ මිහිරංග 2/08
  • රිච්මන්ඩ්විද්‍යාලය – කඩුලු 8ක් දැවී 109(23.0) බෙවින් ජයවර්ධන 20, ආද්‍යයන් සයින් 3/17, සෙනුර ලක්ෂාන් 3/09

කොළඹ වෙස්ලි විද්‍යාලයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 16ක ජයක්.

අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<