වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 33 වැනි වරටත් සංවිධානය කරන Singer – MCA Super Premier League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ත්‍රිත්වයක් අද (8) අවසන් වූ අතර එහි දී දුවිඳු රණතුංග සහ මුදිත ලක්ෂාන් පන්දු යැවීමේ දී කැපී පෙණන දක්ෂතා දැක් වූවා.
දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමේ ගෞරවය හිමි වූයේ HNB A කණ්ඩායමේ දුවිඳු රණතුංග වෙතයි. 21 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යැවූ ඔහු Fairfirst Insuarance කණ්ඩායමට එරෙහි ව ලකුණු 25කට කඩුලු 5ක් දවා ගත්තා.
ඊට අමතර ව Colombo Aces කණ්ඩායමේ 25 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟපන්දු යවන මුදිත ලක්ෂාන් ද CDB කණ්ඩායමට එරෙහි ව ලකුණු 26කට කඩුලු 5ක් දවා ගන්නවා.
මේ අතර නිමා වූ තරගවල දී SLC Youth කණ්ඩායමේ ගිම්හාන් රසාංජන (65), කිත්ම විතානපතිරණ (96) සහ කෞෂික කුමාරසිංහ (55), BBK Partnership කණ්ඩායමේ ශාරුජන් ශන්මුගනාදන් (58), Colombo Aces කණ්ඩායමේ කවින් බණ්ඩාර (59) සහ CDB කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ (72) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
- මිලාන් රත්නායක තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි
- ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලෝකඩ පදක්කම් සටනට
- ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බරයේ මෙරටට
- පාකිස්තානයට යන ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- Major Club විස්සයි විස්සෙන් සොයගත් මිණි කැට
පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
SLC Youth සහ BBK Partnership අතර තරගය, කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.
- SLC Youth – කඩුලු 9ක් දැවී 293 (50.0) ගිම්හාන් රසාංජන 65, කිත්ම විතානපතිරණ 96, චනිරු සේනාරත්න 37, කෞෂික කුමාරසිංහ 55, මෙවිඳු කුමාරසිරි නොදැවී 18, මහේන්දිරන් කාවිලන් 3/22, කමලරාසන් ඉයලරාසන් 3/60, මර්වින් අබිනාශ් 2/56
- BBK Partnership – කඩුලු 8ක් දැවී 228 (42.0) සිතාර හපුහින්න 44, රවිඳු රසාන්ත 21, ශාරුජන් ශන්මුගනාදන් 58, නිපුන් කරුණානායක 42, කමලරාසන් ඉයලරාසන් නොදැවී 17, කෞෂික කුමාරසිංහ 2/33, නදුන් බණ්ඩාර 2/36, මෙවිඳු කුමාරසිරි 2/30
SLC Youth කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 40ක ජයක්.
Fairfirst Insuarance සහ HNB – A අතර තරගය, කොළඹ MCA ක්‍රීඩාංගණයේ දී.
- Fairfirst Insuarance – සියලුම දෙනා දැවි 121 (34.5) සනෝජ් දර්ශික 20, යසිරු රොද්‍රිගෝ නොදැවී 23, දුවිඳු රණතුංග 5/25, අශේන් ඩැනියෙල් 2/32, ප්‍රවීන් ජයවික්‍රම 2/24
- HNB A – කඩුලු 3ක් දැවී 123 (19.4) ජනිශ්ක පෙරේරා 39, සොහාන් ද ලිවේරා 35, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 22, චාමික හීනටිගල නොදැවී 20, දුශාන් විමුක්ති 2/44
HNB – A කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
Colombo Aces සහ CDB අතර තරගය, කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Colombo Aces – සියලුම දෙනා දැවී 210 (48.2) කවින් බණ්ඩාර 59, විමත් දින්සර 49, මුදිත ලක්ෂාන් 5/26
- CDB – කඩුලු 5ක් දැවී 213 (37.2) ලසිත් කෲස්පුල්ලේ 72, ශානික්‍ය දේශප්‍රිය 45, පවන්ත වීරසිංහ 20, අශේන් බණ්ඩාර 38, දුශාන් හේමන්ත 3/47
CDB කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
Singer – MCA Super Premier League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















