Video – ක්‍රිකට් වල වුනු අමුතු කතා – Sinhalen Cricket

1479

බස් එකේ, දුම්රියේ කොහේදි වුනත් කීප දෙනෙක් එකතු වුණු වෙලාවට ක්‍රිකට් ගැන කතා කරනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. මේ හැම කතාවක්ම බොහෝ දුරට එදිනෙදා ප්‍රවෘත්තිවලින් ඇහෙන දකින දේවල්. කොහොම වුනත් අපට වැඩිය අසන්නට නොලැබෙන අමුතු අමුතු කතාත් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ඇහෙනවා. බොහෝ දෙනෙක් මේවා දැනගන්න කැමැත්තෙන් හිටියත් මේවා වැඩිය දැනගන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා සිංහලෙන් ක්‍රිකට් වලින් ලෝක ක්‍රිකට් පිටියේ එතෙක් මෙතෙක් වුනු ඒ වගේ අමුතු කතා ටිකක් ගැන ‛කතා’ කරන එක හොඳයි කියලා හිතුවා.