Galle CC සහ Army SC අතර පැවැත්වෙන Tier B අවසන් තරගය

Tier B 50 Over Tournament 2026

2

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ Galle CC සහ Army SC කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය (11දා) කොළඹ Bloomfield ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.  

මෙම කණ්ඩායම් ද්විත්වය ම පළමු වටයේ දී B කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ අතර එහි දී Army SC කණ්ඩායම 1 වැනි ස්ථානය ද සහ Galle CC කණ්ඩායම 2 වැනි ස්ථානය හිමිකර ගනිමින් එම වටය අවසන් කරනවා.  

ඉන් අනතුරු ව පැවැති අවසන් පූර්ව වටයේ දී Galle CC කණ්ඩායම Moratuwa SC කණ්ඩායම පරාජයක කරමින් ද සහ Army SC කණ්ඩායම Kurunegala SC කණ්ඩායම පරාජය කරමින් ද අවසන් මහා තරගයේ අසුන් වෙන් කර ගන්නවා.  

මෙම තරගයේ දී Army SC කණ්ඩායම ශෙහද සොයිසා විසින් ද සහ Galle CC කණ්ඩායම අමිත් එරංග විසින් ද මෙහෙයවීමට නියමිතයි.   

මෙම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට එළැඹෙන වසරේ දී Major Club තරගාවලිය නියෝජනය කිරීමේ වරම් හිමි වෙනවා.  

පිට පිට තෙවැනි වරටත් අවසන් පූර්ව වටයට එන පාකිස්තානු ක්‍රීඩිකාවෝ

 Army SC කණ්ඩායම 

Army SC කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වී සිටින්නේ පැතැම් ඩිල්ශාන්. ඔහු මේ දක්වා තරග 6කට සහභාගී වෙමින් අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 227ක් ලබා සිටිනවා. ඊට අමතර ව අශාන් සඳරුවන් අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 213ක් ද සහ මනුශ්ක සමිත් ලකුණු 196ක් ද ලබා ගනිමින් කණ්ඩායම වෙනුවෙන් වැඩි දක්ෂතා දක්වා තිබෙනවා.  

ඊට අමතර ව සුකිත දෙව්තිළිණ (138), අසේල ගුණරත්න (128), ක්‍රිශේන් අපෝන්සු (128) ද සහ තිසර පෙරේරා (111) ද ලකුණු අතර සිටිමින් Army SC කණඩායම මේ දක්වා ගමන ගෙන ගෙන ආවා.  

කණ්ඩායමේ සිටින වැඩිම කඩුලුලාභියා වී සිටින්නේ ලිලාන් රංගන. ඔහු මේ දක්වා කඩුලු 13ක් දවා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු අසුනට හිමිකම් කියනවා. ඊට අමතර ව ශෙහඳ සොයිසා කඩුලු 10ක් දවා ගනිමින් ද, මල්ක මදුශංක කඩුලු 9ක් දවා ගනිමනි් ද සහ පැතුම් මලිත කඩුලු 6ක් ද දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.  

Army SC සංචිතය 

ශෙහඳ සොයිසා (නායක), අශාන් සඳරුවන් (කඩුලු රකින්නා), පැතුම් ඩිල්ශාන්, මනුශ්ක සමිත්, සුකිත දෙව්තිළිණ, අසේල ගුණරත්න, තිසර පෙරේරා, ක්‍රිශේන් අපෝන්සු, ලිලාන් රංගන, පැතුම් මලිත, මල්ක මදුශංක, ජානක සම්පත්, භාෂිත ලක්ෂාන්, හර්ෂජිත් රුශාන්, හසිඳු කවිරත්න,  

Galle CC කණ්ඩායම 

Galle CC කණ්ඩායමේ මේ වන විට වැඩිම ලකුණුලාභියා වී සිටින්නේ යුතික ද සිල්වා. ඔහු තරග 5ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 334ක් ලබා සිටිනවා. ඊට අමතර ව නායක අමිත් එරන්ද අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 162ක් ද සහ දුල්සිත් දර්ශන ශතයක් සමඟින් ලකුණු 150ක් ද ලබා ගනිමින් මෙම තරගය හා සූදානමින් පසුවෙනවා. 

කඩුලු දවා ගැනීමේ දී කණ්ඩායමේ සිටින වැඩිම කඩුලුලාභියා වී සිටින්නේ කවිඳු නිර්මාණ. ඔහු මෙතෙක් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 11ක්. ඊට අමතර ව කඩුලු 9ක් දවා ගනිමින් චානක දේවින්ද ද, කඩුලු 7ක් දවා ගනිමින් සඳුන් මදුශක ද සහ කඩුලු 6ක් දවා ගනිමින් සුභානු රාජපක්ෂ ද පන්දු යවන්නේ බලඇණියේ ප්‍රමුඛ පන්දු යවන්නන් වී සිටිනවා.   

Galle CC සංචිතය 

අමිත් එරංග (නායක), යුතික ද සිල්වා, දුල්සිත් දර්ශන, ලිසුල ලක්ෂාන් (කඩුලු රකින්නා), කවිඳු නිර්මාණ, සඳුන් මදුශංක, අසේල සම්පත්, තේජාන් ප්‍රසංජන, චානක දේවින්ද, කෙවින් කොත්තිගොඩ, රජීව විරසිංහ, තෙවිඳු රශ්මික, සුභානු රාජපක්ෂ, හසිත සුරංග. 

Tier B එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<