ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (12) ආරම්භ වූ අතර එහි දී දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට SSC කණ්ඩායමේ ශෙවෝන් ඩැනියෙල් සමත් වූ අතර පන්දු යැවීමේ දී Police කණ්ඩායමේ හේෂාන් මදුශංක සමත් වූවා.
එහි දී ශෙවෝන් ඩැනියෙල් Colts CC කණ්ඩායමට එරෙහි ව පන්දු 53ක දී හයේ පහර 4ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 81ක් ලබා ගත් අතර Police SC කණ්ඩායමේ හේෂාන් මදුශංක BRC කණ්ඩායමට එරෙහි ව ලකුණු 19කට කඩුලු 5ක් දවා ගත්තා.
ඔවුන්ට අමතර ව CCC කණ්ඩායමේ සහන් කෝසල (නොදැවී 52), Bloomfield C & AC කණ්ඩායමේ සනුක ගලගොඩ (63), Badureliya SC කූජන පෙරේරා (76), Panadura SC කණ්ඩායමේ තවීෂ අභිශේක් (52), Tamil Union C & AC කණ්ඩායමේ නවෝද් පරණවිතාන (51) සහ SSC කණ්ඩායමේ ශෙවෝන් ඩැනියෙල් (81) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
- පෙසඳු සහ ආදිත්‍ය ශතක ලබා ගනී
- යොවුන් පිටිය බැබළවූ සඳරු, හිරාන්, මල්ෂ සහ තරුශ්ක
- පළමු දිනයේ ම මොවින්ගෙන් මල්වෙඩිවන් ඉනිමක්
- තාරුකා ෂෙහානි දිනයේ කැපී පෙණෙන ක්‍රීඩිකාව බවට පත් වෙයි
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වසර 24කට පසුව පාකිස්තානය පරාජය කරයි
අද පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
Nugegoda S & WC සහ CCC අතර තරගය කොළඹ, Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Nugegoda S & WC – කඩුලු 9ක් දැවී 134 (20.0)ලහිරු දවටගේ 31, ඇන්ජලෝ පෙරේරා 37, නුවන් තුෂාර 3/13, ඉසුරු උදාන 2/25
- CCC – කඩුලු 5ක් දැවී 135 (17.4)ලසිත් කෲස්පුල්ලේ 43, සහන් කෝසල නොදැවී 52, අබ්දුල් හකම් 3/17
CCC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
BRC සහ Police SC අතර තරගය මග්ගොන, Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- BRC – සියලුම දෙනා දැවී 88 (15.1) ඉසුරු ප්‍රනාන්දු 28, පවන් සංදේශ් 24, හේෂාන් මදුශංක 5/19, තිලකරත්න සම්පත් 2/11
- Police SC – කඩුලු 4ක් දැවී 91 (15.3)ධනුජ ඉඳුවර නොදැවී 32, කිත්ම විදානපතිරණ 24
Police SC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
Bloomfield C & AC සහ Badureliya SC අතර තරගය කොළඹ, පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී.
- Bloomfield C & AC – සියලුම දෙනා දැවී 131 (18.3)රවිඳු රසාන්ත 20, සනුක ගලගොඩ 63, ජනිත් ලියනගේ 27, අලංකාර අසංක 2/13, මලිත් ද සිල්වා 4/22
- Badureliya SC – කඩුලු 3ක් දැවී 132 (14.4)හිරුන් කපුරුබණ්ඩාර නොදැවී 37, කූජන පෙරේරා 76
Badureliya SC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
Panadura SC සහ Ace Capital CC අතර තරගය කොළඹ, Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Panadura SC – කඩුලු 9ක් දැවී 127 (20.0)තවීෂ අභිශේක් 52, රචින්ත ද සිල්වා 2/16, ට්‍රවීන් මැතිව් 2/12, ඉසිත විජේසුන්දර 3/25
- Ace Capital CC – කඩුලු 5ක් දැවී 131 (16.2)තනුජ රාජපක්ෂ 27, රනේෂ් සිල්වා 23
Ace Capital CC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
Kurunegala Youth CC සහ Tamil Union C & AC අතර තරගය මග්ගොන, Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Kurunegala Youth CC – කඩුලු 9ක් දැවී 115 (20.0)ලක්වින් අබේසිංහ 29, අමේෂ් තේන්නකෝන් 24, අනන්තන් කාජන් නොදැවී 33, තරිඳු රත්නායක 2/20, විහස් තෙව්මික 2/13, තනුක දාබරේ 2/21, විජයකාන්ත් වියස්කාන්ත් 2/21
- Tamil Union C & AC– කඩුලු 5ක් දැවී 116 (14.3)නවෝද් පරණවිතාන 51, වතිල උදාර 4/17
Tamil Union C & AC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
SSC සහ Colts CC අතර තරගය කොළඹ, පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී.
- SSC – කඩුලු 7ක් දැවී 167 (20.0) ශෙවෝන් ඩැනියෙල් 81, රිවිත් ජයසූරිය 20, සහන් මිහිර 3/13
- Colts CC – සියලුම දෙනා දැවී 110 (17.3)ශලින් ද මැල් 27, නිපුන් රංසික 23, ප්‍රමෝද් මදුශාන් 2/19, කසුන් රාජිත 3/22, දුනිත් වෙල්ලාලගේ 2/10
SSC කණ්ඩායමට ලකුණු 57ක ජයක්.
Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















