2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පස් වැනි දිනයට අදාළ තරග ඉසව් ඊයේ (28) ක්‍රියාත්මක වුනා.
මෙම තරග ඉසව් අතරේ දී ශ්‍රී ලංකා නියෝජනයන් ත්‍රිත්වයක් ද දක්නට ලැබුණු අතර, ඒ අතුරින් කාලිංග කුමාරගේ විසින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා.
කාලිංග ඊයේ සවස පිරිමි මීටර් 400 පස් වැනි මූලික වටයේ තරගයට සහභාගී වූ අතර, එහි දී ඔහු විසින් තත්පර 46.28ක තරග නිමි කාලයක් වාර්තා කරමින් දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා.
එමෙන්ම ඔහු විසින් මෙහි දී සමස්ත තරගකරුවන් අතර එකොළොස් වැනි ස්ථානය තහවුරු කර ගනිමින් ඉසව්වේ අවසන් පූර්ව තරගයට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
මීට අමතරව පිරිමි මීටර් 800 මූලික වටයේ තරග ද ඊයේ ක්‍රියාත්මක වූ අතර එහි දී හර්ශ කරුණාරත්න පළමු තරගයට සහභාගී වුනා. එහි දී ඔහු විසින් මිනිත්තු 1.49.98ක තරග නිමි කාලයක් වාර්තා කරමින් 05 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වූ නමුත්, තරගයේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම එය ප්‍රමාණවත් වුනේ නැහැ.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මේ අතර පිරිමි මීටර් 50 සමනල ආර ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරගය නියෝජයන කළ M.F.Muhammad විසින් තත්පර 25.25ක තරග නිමි කාලයක් වාර්තා කරමින් පළමුවැනියා ලෙස තරගය නිමා කළා. කෙසේ වෙතත් ඉසව්වේ සමස්ත තරගකරුවන් අතර ඔහුට හිමි වුනේ 37 වැනි ස්ථානයයි.
මේ අතර ඊයේ දිනයේ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා පිටිය ඉතා උණුසුම් එකක් වුනා.
මෙහි දී කාන්තා උස පැනීම අවසන් තරගය ක්‍රියාත්මක වූ අතර, ඉසව්වේ වත්මන් ලෝක ශූරිය වන ඕස්ට්‍රේලියාවේ Nicola Olyslagers දෙවැනි තැනට ඇද දැමූ ඇයගේ ප්‍රබල ප්‍රතිවාදිනිය වූ ඕස්ට්‍රේලියාවේ ම Eleanor Patterson විසින් ඉසව්ව ජය ගැනීමට සමත් වුනා.
මේ අතර කාන්තා සහ පිරිමි මීටර් 100 ඉසව්වල අවසන් තරග ද ඊයේ ක්‍රියාත්මක වූ අතර, එහි දී පිරිමි අවසන් තරගය ජයගැනීමට කැමරූන් දේශයේ Emmanuel Esme සමත් වුනේ තත්පර 9.83ක තරග නිමි කාලයක් වාර්තා කරමිනුයි. එම තරග නිමි කාලය නව ජාතික වාර්තාවක් මෙන්ම, තරග වාර්තාවක් ලෙස ද සටහන් වුනා.
මේ අතර ඉසව්වේ දෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියාවේ Lachlan Kennedy ජය ගැනීමට සමත් වුනේ තත්පර 9.85ක තරග නිමි කාලයක් සමඟයි. එය ද නව ජාතික වාර්තාවක් ලෙස සටහන් වුනා.
කාන්තා ඉසව්ව ජය ගැනීමට නවසීලන්තයේ Zoe Hobbs විසින් සමත් වුනේ තත්පර 10.93ක තරග නිමි කාලයක් සමඟ වන අතර, එය ද නව ජාතික වාර්තාවක් ලෙසයි සටහන් වුනේ.
ක්‍රීඩා උළෙලේ 05 වැනි දිනය අවසන් වන විට ඕස්ට්‍රේලියාව සුපුරුදු පරිදි රන් පදක්කම් 35ක් සමඟ පෙරමුණේ පසු වනවා. ඔවුන්ට යම් පමණක හෝ තරගයක් දීමට සමත් වී ඇති කැනඩාව රන් 13ක් සමඟ දෙවැනි ස්ථානයේ රැඳීමට සමත් වී තිබෙනවා.
ක්‍රීඩා උළෙලේ හය වැනි දිනය වන අද දිනය තුළ මලල ක්‍රීඩා ඉසව් කිහිපයක් සඳහා ශ්‍රී ලාංකික නියෝජනයන් සහභාගී වීමට නියමිතයි.
පිරිමි මීටර් 200 මූලික වටය – සවස 4.02
- Heat 07 – අරුණ දර්ශන
- Heat 10 – මලිත් තමෙල්
පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම මූලික වටය – හෙට (30) මධ්‍යම රාත්‍රි 12.03
- Heat 2 – අසිත ලේකම්ගේ
- Heat 3 – අයෝමාල් අකලංක
පිරිමි F42-44/F61-64 කවප්වෙත්ත විසි කිරීම අවසන් තරගය – රාත්‍රි 12.55
- පාලිත බණ්ඩාර
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<





















