අවුරුදු 23න් පහළ ආසියානු මලල ක්රීඩා උළෙලේ දී නව ජාතික වාර්තාවක් පිහිටුවීමට අයෝමාල් අකලංක විසින් ඊයේ (11) සමත් වුනා.
පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ අවසන් මහා තරගය ඊයේ ක්රියාත්මක වූ අතර, මෙම ඉසව්වට සහභාගී වූ අයෝමාල් විසින් තත්පර 49.03ක තරග නිමි කාලයක් වාර්තා කරමින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර, ඒත් සමඟ වසර 26ක් පැරණි එම ඉසව්වේ ජාතික වාර්තාව ද බිඳ දැමීමට ඔහුට හැකියාව ලැබුණා.
මීට පෙර මෙම ඉසව්ව සඳහා ශ්රී ලංකා වාර්තාව ලෙස සටහන් වී තිබුණේ තත්පර 49.44ක තරග නිමි කාලයක් සටහන් කිරීමට සමත් වූ හරිජන් රත්නායක නමිනුයි.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
2000 වසරේ දී ජකර්තා හිදී හරිජන් විසින් මෙම ජාතික වාර්තාව පිහිටුවීමට සමත් වූ අතර, ඒත් සමඟ ඔහුට එවර සිඩ්නි ඔලිම්පික් පරිසාදන මට්ටමට ද ළඟා වීමට හැකි වුනා.
අයෝමාල් විසින් මෙම වාර්තාව බිඳ හෙළන අතරේ, ඉසව්වේ රන් පදක්කම දිනූ චීනයේ Xinfeng Xu විසින් තත්පර 48.68ක තරග නිමි කාලයක් ද සමඟ එරටේ ජාතික වාර්තාව ද අලුත් කිරීමට සමත් වීම විශේෂත්වයක්.
23න් පහළ ආසියානු මලල ක්රීඩා තරගාවලිය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>





















