19න් පහළ යොවුන් තරගාවලිය 12 වැනිදා සිට

U19 Sri Lanka Youth League 2026

4
U19 Sri Lanka Youth League 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 12 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා කොළඹ දකුණු, කොළඹ උතුර, ගාල්ල, මහනුවර සහ දඹුල්ල යන කණ්ඩායම් සහභාගී වන අතර තරගාවලියේ පළමු වටයේ තරග ජුනි මස 18 වැනිදා දක්වා පැවැත්වේ.

පළමු වටයේ තරගවල ප්‍රසාද ලකුණු මත ලැයිස්තු ගත වන පළමු කණ්ඩායම් 4 අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබන අතර එම තරග ජුනි මස 19 වැනිදා පැවැත් වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 21 වැනිදා කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

තරගාවලියේ කාලසටහන

ජුනි මස 12 වැනිදා

  • මහනුවර සහ ගාල්ල අතර තරගය කොළඹ Coltsක්‍රීඩාංගණයේ දී.
  • කොළඹ උතුර සහ කොළඹ දකුණ අතර තරගය කොළඹ P. Sara Ovalක්‍රීඩාංගණයේ දී.

ජුනි මස 13 වැනිදා

  • දඹුල්ල සහ කොළඹ දකුණ අතර තරගය කොළඹ Coltsක්‍රීඩාංගණයේ දී.
  • මහනුවර සහ කොළඹ උතුර අතර තරගය කොළඹ P. Sara Ovalක්‍රීඩාංගණයේ දී.

ජුනි මස 15 වැනිදා

  • කොළඹ දකුණ සහ මහනුවර තරග කොළඹ Coltsක්‍රීඩාංගණයේ දී.
  • ගාල්ල සහ දඹුල්ල අතර තරගය කොළඹ NCCක්‍රීඩාංගණයේ දී.

ජුනි මස 16 වැනිදා

  • ගාල්ල සහ කොළඹ උතුර අතර තරගය කොළඹ Coltsක්‍රීඩාංගණයේ දී.
  • දඹුල්ල අතර මහනුවර අතර තරගය කොළඹ NCCක්‍රීඩාංගණයේ දී.

ජුනි මස 18 වැනිදා

  • කොළඹ උතුර සහ දඹුල්ල අතර තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.
  • කොළඹ දකුණු සහ ගාල්ල අතර තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.

ජුනි මස 19 වැනිදා

  • 1 වැනි අවසන් පූර්ව තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.
  • 2 වැනි අවසන් පූර්ව තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.

ජුනි මස 21 වැනිදා

  • අවසන් මහා තරගය කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<