2026 LPL වෙනුවෙන් ගාල්ල වෙනස් මුහුණුවරකින්

4
LPL 2026

2026 Lanka Premiere League තරගාවලිය එළඹෙන ජුලි මස 17 වැනි දා ආරම්භ වීමට නියමිතයි.

06 වැනි වරට ක්‍රියාත්මක වන මෙවර තරගාවලිය සමඟ ශ්‍රී ලංකාවට වසර දෙකකට පසුව නැවතත් ජාත්‍යන්තර විස්සයි විස්ස ලීග් ක්‍රිකට් අත්දැකීම් සමීප කර ගැනීමට අවකාශය හිමි වනු ඇති.

ගාල්ලට නව නමක් සමඟ නවමු මුහුණුවරක්

මෙවර තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් අතරින් එක් කණ්ඩායමක් ලෙස Galle Gallants කණ්ඩායම ඉදිරියට පැමිණෙනු ඇති.

Kiran Mantripragada සහ Uday Kiran Namballa යන අය විසින් හිමිකාරත්වය දරන Gallant Sports සහ Media LLC යන ආයතන යටතේ ක්‍රියාත්මක වන මෙම කණ්ඩායමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක රෝයි සිල්වා මහතා කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම කණ්ඩායමට ලෝ පතල ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස David Warner, Kane Williamson, Saqib, Sahibzada Farhan, Sunil Narine සහ Rahmanullah Gurbaz වැනි ක්‍රීඩකයින් සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන බව කණ්ඩායම පාර්ශවයෙන් දැන ගැනීමට ලැබෙනවා.

පළමු තරගය යාපනය සහ ගාල්ල අතර

මේ අතර මෙවර තරගාවලියේ ආරම්භක තරගය Jaffna සග Galle කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත බව ද වාර්තා වනවා.

2024 LPL තරගාවලියේ දී ශූරතාව සහ අනුශූරතාව හිමි කර ගත් මෙම කණ්ඩායම් දෙක කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී එළඹෙන ජුලි මස 17 වැනි රාත්‍රි 7.30ට පළමු තරගයට සහභාගී වීමට නියමිතයි.

එමෙන්ම ඊට පෙර තරගාවලිය වෙනුවෙන් සුවිශේෂී සමාරම්භක උළෙලක් ද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එතැන් සිට අගෝස්තු මස 08 වැනි දා දක්වා තරගාවලිය ක්‍රියාත්මක වීමට නියමිත අතර, තරගාවලියේ තරග කොළඹ SSC, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ දෙකේ මෙන්ම, දඹුල්ලේ සහ පල්ලෙකැලේ දී ද පැවැත්වෙනු ඇති.

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<