සාන්ත සෙබස්තියන්වරුන් නැවතත් T20 තරගය දිනයි

41st Limited Over Battle of Golds Moratuwa

3
U 19 Cricket

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර 4 වැනි වරටත් පැවැති මොරටු රන් සටන වාර්ෂික විස්සයි විස්ස සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සතු වුණා. ඒ අනුව ඔවුන් පැවැති සෑම විස්සයි විස්ස තරගයේ ම ජයග්‍රාහකයන් බවට පත් වූවා.

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී (15දා) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමාර විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 145ක් ලබා ගත්තා.

එම ඉනිමට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි වේල්ස් කුමාර විද්‍යාලයට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 85ක් පමණයි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

අදේශ් අල්මේදා (නායක), මෙශෝන් ෆ්‍රඩිනැන්ඩෝ, කවීෂ පෙරේරා, ලශේන් ප්‍රනාන්දු, කොශේන්ද්‍ර ප්‍රනාන්දු, මලින්ත සිල්වා, චමත් වෙල්ලාලගේ, තිවංක ප්‍රනාන්දු, අදීශ ලක්ශාන්, ශෙෆාන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා) සහ ශෙනාශ් හශේන

 

වේල්ස් කුමාර වයස අවුරුදු 19න් පහළ වේල්ස් කුමාර විද්‍යාලයීය කණ්ඩායම

 

සුවහස් ප්‍රනාන්දු (නායක), දිනෝද් රන්තුල් ප්‍රනාන්දු, ඔශාන් මනීශ, සෙතික විජේතුංග, පලිඟු පෙරේරා, ගවේශ රෝහණ ප්‍රනාන්දු, පසන් කුරේ (කඩුලු රකින්නා), මතීෂ අපෝන්සු, රුසඳු සිල්වා, නෙතුල් අනුහස් සහ හසිඳු චමෝද්,

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වේල්ස් කුමාර  විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ මලින්ත පෙරේරා. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණ 56ක් ලබා ගත්තා.

ඔහුට අමතර ව නායක අදේශ් අල්මේදා පන්ද 31කට මුහුණ දෙමින් ලකුණු 23ක් ද සහ මෙශෝන් ෆර්ඩිනැන්ඩු පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී රුසඳු සිල්වා ලකුණු 30කට කඩුලු 4ක් ද සහ සෙතික විජේතුංග ලකුණු 15කට කඩුලු 3ක් ද දවා ගත්තා. ඊට අමතර ව හසිඳු චමෝද් සහ ඔශාන් මනීශ කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි වේල්ස් කුමාර විද්‍යාලයීය ඉනිමේ තවත් පන්දු 15ක් ඉතිරිව තිබිය දී අවසන් වෙද්දී ශෙනාෂ් හශේන් ලකුණු 3කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව අදීශ ලක්ෂාන් සහ අදේශ් අල්මේදා කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා. ඊට අමතර ව කොශේන්ද්‍ර ප්‍රනාන්දු සහ මලින්ත අල්මේදා කඩුල්ල බැගින් දවා ගත්තා.

එලෙසින් අවසන් වූ එම ඉනිමේ වැඩිම ලකුණුලාභීන් බවට පත් වීමට දිනොද් රන්තුල් ප්‍රනාන්දු සහ පසන් කුරේ සමත් වෙනවා. ඔවුන් දෙදෙනා ලකුණු 16 බැගින් ලබා ගත් අතර ඊට අමතර ව මතීශ අපෝන්සු ලකුණු 15ක් ද සහ ගවේෂ් රෝහණ ප්‍රනාන්දු ලකුණු 14ක් ද ලබා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 145 (20.0) අදේශ් අල්මේදා 23, මෙශෝන් ෆර්ඩිනැන්ඩු 20, මලින්ත සිල්වා 50, සෙතික විජේතුංග 3/15, රුසඳු සිල්වා 4/30
  • වේල්ස් කුමාර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලු දෙනා දැවී 85 (13.3) දිනෝද් රන්තුල් ප්‍රනාන්දු 16, පසන් කුරේ 16, මතීෂ අපෝන්සු 15, අදේශ් අල්මේදා 2/22, අදීශ ලක්ශාන් 2/13, ශෙනාෂ් හශේන් 4/03

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 60ක ජයක්.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<