ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ 2 වැනි සතියේ 2 වැනි දිනය නිමා වෙද්දී NCC කණ්ඩායමේ ලහිරු උදාර සහ CCC කණ්ඩායමේ ධනංජය ද සිල්වා ද තමන් එතෙක් ලබා ගෙන සිටි ශතක ඉනිම් ද්විත්ව ශතක ඉනිම් දක්වා රැගෙන ගියා.
>>ලහිරු, කමිල් සහ ධනංජය ශතක රැස් කරයි<<
Police SC සහ NCC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – NCC
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි NCC ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 631ක් ලබා ගෙන සිටිය දී ඉනිම අත්හිටුවනවා.
තරගය අද දිනට ආරම්භ වෙන්නේ ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 386ක් ලබා සිටිය දී යි. ඒ වෙද්දී ලහිරු උදාර නොදැවී ලකුණු 159ක් ද සහ කමිල් මිෂාර නොදැවී ලකුණු 109ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා 3 වැනි කඩුල්ල සඳහා පන්දු 383ක දී ලකුණු 268ක සබඳතාවක් ගොඩ නගනවා. එම ලකුණු සබඳතාව බිඳී යන්නේ කමිල් මිෂාර ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 210කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 149ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව අහන් වික්‍රමසිංහ හා එක් ලහිරු උදාර 4 වැනි කඩුල්ලට පන්දු 55ක දී ලකුණු 100ක සබඳතාවක් එක් කරනවා. එම සබඳතාව නිමා වෙන්නේ අහන් වික්‍රමසිංහ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ලබා සිටියා.
ලහිරු උදාර ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 315කට මුහුණ දෙමින් හතරේ පහර 25ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 216ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දිලුම් සුදීර ලකුණු 211කට කඩුලු 5ක් දවා ගත් අතර ඊට අමතර ව සුපුන් මදුශංක ලකුණු 116කට කඩුලු 2ක් ද සහ නලින් ප්‍රියදර්ශන කඩුල්ලක් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Police කණ්ඩායම් ඉනිම තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 128ක් ලබා ගත්තා. ඒ වෙද්දී ධනුජ ඉඳුවර පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 44ක් ද සහ දුලාශ් උදයංග පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 38ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා අතර 3 වැනි කඩුල්ලට සබඳතාව පන්දු 182ක දී නොදැවුණ ලකුණු 82ක්.
කඩුලු දවා ගැනීමේ දී කවිඳු පතිරත්න සහ අශේන් ඩයස් කඩුල්ල බැගින් බෙදා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- NCC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 631 (125.5) පැතුම් නිස්සංක 77, ලහිරු උදාර 261, නිරෝෂන් දික්වැල්ල 35, කමිල් මිෂාර නොදැවී 149, අහන් වික්‍රමසිංහ 44, සහන් ආරච්චිගේ 22, චාමික කරුණාරත්න නොදැවී 22, දිලුම් සුදීර 5/211, සුපුන් මදුශංක 2/116
- Police SC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 128 (52.0) අවිශ්ක තරිඳු 29, ධනුජ ඉඳුවර නොදැවී 44, දුලාශ් උදයංග නොදැවී 38
Police කණ්ඩායම ලකුණු 503ක් පිටුපසින්.
CCC සහ BRC අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – BRC
ප්‍රතිවාදීන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් CCC ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 360ක් ලබා සිටි අතර අද ඔවුන් තම කඩුලු 6ක් දැවී ලකුණු 532ක් ලබා ගනිමින් ඉනිම අත් හිටු වූවා.
අද තරගය ආරම්භ වෙන්නේ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 131ක් සහ අංජල බණ්ඩාර නොදැවී ලකුණ 64ක් ද ලබා ගනිමින් සිටියදීයි.
ඔවුන් අතුරින් දිනයේ පළමුවෙන් ම දැවී යන්නේ ධනංජය ද සිල්වා. ඔහු දැවී යන විට පන්දු 291කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 204ක් ලබා සිටියා. එය ඔහුගේ පළමු පෙළ තරග 151ක ක මංගල ද්විත්ව ශතකයයි.
CCC ඉනිම අත්හිටුවන විට අංජල බණ්ඩාර පන්දු 200කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 151ක් ලබා සිටියා.
ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 399ක දී ලකුණු 282ක සබඳතාවක් ගොඩ නගනවා.
කඩුලු දවා ගැනීමේ දී මර්වින් අභිනාශ් ලකුණු 118කට කඩුලු 3ක් ද සහ යසිරු රොද්‍රිගෝ කඩුලු 2ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි BRC ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 124ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් රිසිත් උපමාල් සහ රමිඳු විජේසූරිය ලකුණු 35ක් බැගින් ලබා ගැනීමට සමත් වෙනවා.
එහි දී රිසිත් උපමාල් පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 5කින් ද සහ රමින්ද විජේසූරිය පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 5කින් ද තම ඉනිම් වාර්තා කරනවා.
කඩුලු දවා ගැනීමේ දී නිශාන් පීරිස් ලකුණු 42කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූ අතර ඊට අමතර ව විශ්ව ප්‍රනාන්දුට ද කඩුල්ලක් හිමි වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- CCC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 532 (116.2) දුල්නිත් සිගේරා 81, ලසිත් කෲස්පුල්ලේ 37, ධනංජය ද සිල්වා 204, අංජල බණ්ඩාර නොදැවී 151, යසිරු රොද්‍රිගෝ 2/69, මර්වින් අබිනාශ් 3/118
- BRC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 124 (41.3) රිසිත් උපමාල් 35, රමින්ද විජේසූරිය 35, විශ්ව ප්‍රනාන්දු 2/21, නිශාන් පීරිස් 5/42
BRC කණ්ඩායම තවත් ලකුණු 408ක් පිටුපසින්.
- 74 වැනි රන් මහා සටනට සියල්ල සූදානම්!
- ශ්‍රී ලංකා ක්‍රිකට් Gary Kirsten යටතට!
- හික්කඩුව සුමංගලයන්ගේ විජයග්‍රාහී වික්‍රමාන්විතය
- ශිරාන්, අහන් සහ නිමේෂ පළමු පෙළ සුවිශේෂී කඩඉම්වලට
- Colts CC සහ Ace Capital CC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Colts CC
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Ace Capital ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 290ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Colts ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 282ක් ලබා ගත්තා.
එම ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 63ක් ද, දුනිත් වෙල්ලාලගේ පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 60ක් ද සහ මුදිත ලක්ෂාන් පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණ 54ක් ද ලබා ගනිමින් අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
ඊට අමතර ව නායක ධනංජය ලක්ෂාන් පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනිමේ දී ඉසිත විජේසුන්දර ලකුණු 47කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව චමෝද් බට්ටගේ කඩුලු 3ක් ද, රවීන් ද සිල්වා, රොශාන් ජයතිස්ස සහ වනුජ සහන් කඩුල්ල බැගින් දවා ගත්තා.
ලකුණු 8ක් වාසියක් ද සමඟින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි Ace Capital ක්‍රීඩකයෝ තරග 2 වැනි දිනයට අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 11ක් ලබා සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Ace Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 290 (77.3) පවන්ත වීරසිංහ 61, නිමේෂ ගුණසිංහ 20, කවිඳු අමන්ත 26, රනේෂ් සිල්වා 42, කවිඳු කුලසේකර 61, රවීන් ද සිල්වා නොදැවී 35, ඉසිත විජේසුන්දර 21, උදිත් මදුශාන් 2/54, දුනිත් වෙල්ලාලගේ 2/48, අකිල ධනංජය 4/75
- Colts CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 282 (77.1) සංගීත් කුරේ 27, ධනංජය ලක්ෂාන් 46, ඇන්ජලෝ මැතිව්ස් 63, දුනිත් වෙල්ලාලගේ 60, මුදිත ලක්ෂාන් 54, ඉසිත විජේසුන්දර 4/47, චමෝද් බට්ටගේ 3/57
- Ace Capital CC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 11 (3.0)
Ace Capital කණ්ඩායම ලකුණු 19ක් ඉදිරියෙන්.
Moors SC සහ Bloomfield C & AC අතර තරගය Colts ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Bloomfield C & AC
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Bloomfield කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 229ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Moors ක්‍රීඩකයෝ තම පළමු ඉනිම සියලුම දෙනා දැවි ලකුණු 322ක් ලබා ගත්තා.
තරගයේ 2 වැනි දිනය ආරම්භ වෙන්නේ Moors කණ්ඩායම තම පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 36ක් ලබා සිටියදීයි.
තරගය පළමු දිනයට නතර කරන විට සොහාන් ද ලිවේරා නොදැවී ලකුණු 22ක් ද සැදෑ ආරක්ෂකයා ලෙසින් පිටියට පිවිසි ශිරාන් ප්‍රනාන්දු ලකුණු නොලබා නොදැවී ද පිටියේ රැඳී සිටියා.
ඔවුන් දෙදෙනා අතුරින් පළමුවෙන් ම ඉනිම හැර යන්නේ සොහාන් ද ලිවේරා. ඔහු දැවී යන විට පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ලබා සිටියා. ශිරාන් ප්‍රනාන්දුට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 16ක් පමණයි. ඔහු ඊට පන්දු 41ක් වැය කළා අතර ඊට හතරේ පහරක් සහ හයේ පහරක් ඇතුලත් කළා.
කෙසේ වෙතත් වරෙක Moors ඉනිම දැක් වුණේ කඩුලු 7ක් දැවී ලකුණු 160ක් ලෙසයි. එම අවස්ථාවේ දී පිටියට එක් වූ නායක රමේෂ් මෙන්ඩිස්, මිලාන් රත්නායක හා එක් ව 8 වැනි කඩුල්ලට පන්දු 211ක් දී ලකුණු 131ක සබඳතාවක් එක් කරනවා.
එම සබඳතාව බිඳ වැටෙන්නේ මිලාන් රත්නායක පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 75කට දැවී යෑමත් සමඟිනුයි. එම ඉනිම මිලාන් රත්නායකගේ පළමු පෙළ තරග 60ක හොඳම ඉනිමයි.
Moors ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් රමේෂ් මෙන්ඩිස් දැවී යද්දී පන්දු 162කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 96ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ජනිත් ලියනගේ ලකුණු 44කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව දුවිඳු තිලකරත්න කඩුලු 3ක් ද, ලහිරු මදුශංක සහ රවිඳු ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගත්තා.
ලකුණු 93ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි Bloomfield ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 40ක් ලබා සිටියා. දැවී ගිය කඩුල් ද්විත්වයේ ම හිමිකාරීත්වය ඉම්තියාස් ස්ලාසා සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 229 (84.5) අසිත වන්නිනායක 36, ජනිත් ලියනගේ 32, තරිඳු හර්ෂණ 59, ජෙෆ්රි වැන්ඩර්සේ 63, චානුක ඩිල්ශාන් 4/67, ඉම්තියාස් ස්ලාසා 2/42
- Moors SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 322 (86.0) සොහාන් ද ලිවේරා 43, ශෙහාන් ප්‍රනාන්දු 32, රමේෂ් මෙන්ඩිස් 96, මිලාන් රත්නායක 75, දුවිඳු තිලකරත්න 3/69, ජනිත් ලියනගේ 4/44
- Bloomfield C & AC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 40 (9.0) කසුන් අබේරත්න 21, ඉම්තියාස් ස්ලාසා 2/17
Bloomfield කණ්ඩායම ලකුණු 53ක් පිටුපසින්.
මෙම තරග සියල්ල හෙට (15) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















