රාජකීය – තෝමසුන් නැවතත් “නිල”ට ගැටෙයි

147th Battle of the Blues

11

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 147 වැනි වරටත් පැවැත්වෙන නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය මේ මස 12, 13 සහ 14 තෙදින කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වීමට නියමිතයි.  

1879 වසරේ දී කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගණයේ දී ඇරඹි මෙම තරගය මෙරට පැරණිතම පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරගයයි. ආරම්භක වසරේ සිට මේ දක්වා එක දිගට නොකඩවා පැවැති මෙම තරගය එවන් ආකාරයෙන් පැවැත්වෙන පැරණිත ම වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලෙසින් ද සැලකෙන අතර ලෝක ඉතිහාසයේ පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරග අතර 2 වැනි ස්ථානය හිමිකර ගත් තරගය ලෙසින් ද සැලකේ.  

මෙම තරගය දෙවැනි වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ Adelaide හී St. Peters විද්‍යාලය සහ Prince Alfred විද්‍යාලය අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරගයට පමණයි. එම තරග ආරම්භ කර ඇත්තේ නිල් මහ සටන ආරම්භ වීමට පෙර වසර වන 1878 වසරේදීයි. 

ශ්‍රී ලාංකීය දේශපාලන පිටියේ සහ විවිධ ක්ෂේත්‍රයන් හී නම් දැරූ බොහෝ දෙනෙක් ද නිල් මහා සටන් ඉතිහාසය වර්ණවත් කර තිබීම විශේෂත්වයක්. ඒ අතර නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැති ඩී. එස්. සේනානායකහිටපු අගමැති ඩඩ්ලි සේනානායක සහ ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් සාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් දශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනශ්‍රී ලංකාවේ තෙවැනි අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවලහිටපු කතානායක ශ්‍රීමත් ෆොරෙස්ටර් ඔබේසේකර සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වෛද්‍ය මහාචාර්ය මොහොමඩ් අජ්වාර්ඩ් මාර්කර් යන මහත්වරුන් රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් ද නිල් මහා සටනේ සටන් සගයන් ව එක් ව තිබෙනවා. 

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ නිල් සටන්කාමීන් ද බොහෝ දෙනෙක් සිටිනවා. ඒ අතර රංජන් මඩුගල්ලේඅසන්තා ද මෙල්ජෙහාන් මුබාරක්කිත්රුවන් විතානගේකුසල් ජනිත් පෙරේරාභානුක රාජපක්ෂලසිත් ඇඹුල්දෙණිය සහ චාමික කරුණාරත්න වැන්නෝ රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් ද සහ මයිකල් තිසේරාඅනුර තෙන්නකෝන්දුලිප් මෙන්ඩිස්ගයි ද අල්විස්සාලිය අහංගමකෞෂික් අමලීන්කපිල විජේගුණවර්ධනජීවන් මෙන්ඩිස් සහ කෞෂාල් සිල්වා වැන්නෝ සාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් ද මෙම ඉතිහාසය වර්ණවත් කර තිබෙනවා. 

මේ දක්වා දෙවිදුහල් අතර පැවැති තරග 146න් තරග 36ක් බැගින් ජයග්‍රහණය කිරීමට දෙවිදුහල් හී ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණෙනවා. නිමා වූ වසරේ දී කවිඳු ඩයස් ගේ නායකත්වයෙන් යුත් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ලත් ජයග්‍රහණයත් සමඟින් දෙවිදුහල් හී ජයග්‍රාහී සැමරුම් සමාන වූ අතර මෙම තරග ඉතිහාසයේ විසඳුමකින් තොරව නිමා වූ තරග ප්‍රමාණය 74ක් ලෙසයි දැක් වෙන්නේ.  

කොළඹ රාජකීය අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා කරගෙන ඇත්තේ 2023 වසරේ දී දසිස් මංචනායක ගේ නායකත්වය යටතේයි.  

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගයේ දී මෙවර කොළඹ රාජකීය විද්‍යාලය රෙහාන් පීරිස් ගේ නායකත්වය යටතේ ද, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අවිනාශ් ප්‍රනාන්දු යටතේ ද එක් වීමට නියමිතයි.  

කොළඹ රාජකීය විද්‍යාලය

කොළඹ රාජකීය විද්‍යාලය මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයේ දී මේ දක්වා තරග 13කට එක් ව ඇති අතර ඉන් කොළඹ නාලන්දා විද්‍යාලයට එරෙහි ව ජය ගනිමින් අනෙකුත් තරග විසඳුමකින් තොරව අවසන් කරනවා.  

දකුණතින් පිත්ත හසුරුවන නායක රෙහාන් පීරිස් කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණුලාභී ක්‍රීඩකයා ලෙසිනුයි මෙවර තරගයට එක් වෙන්නේ. ඔහු නිමා වූ තරග අතුරින් තරග 13ක ඉනිම් 21ක දී ලකුණු 946ක් ලබා ගන්නවා. එහි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 49.79ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද සමත් වීම කැපී පෙණෙනවා. ඔහුගේ ඉනිම් අතර ශතක ද්විත්වයක් සහ අර්ධ ශතක 7ක් ද ඇතුලත් ව තිබෙනවා.  

ඔහුට අමතර ව කණ්ඩායමේ සිටින අනෙකුත් පිතිකරුවන් අතුරින් කැපී පෙණෙන දක්ෂතා දක්වා ඇත්තේ වමත් පිතිකරු හිරුන් ලියනාරච්චි. ශතක 2ක් සහ අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 801ක් ලබා ඇති ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙසින් දැක්වෙන්නේ 42.16ක්.  

ඔවුන් දෙදෙනාට අමතර ව මෙවර කණ්ඩායමේ විශේෂ අවදානයක් දිනා ඇති ක්‍රීඩකයා ලෙසින් සැලකෙන්නේ රමිරු පෙරේරා යි. ඔහු සහභාගී වූ තරග 13ක ඉනිම් 18ක දී ශතක 3ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 730ක් ලබා සිටින අතර පන්දු යැවීමේ දී කඩුලු 39ක් ලබා සිටිනවා.  

රාජකීය පන්දු යවන්නන්ගේ බලඇණියේ වඩාත් විශ්වාසය දිනා ඇති ක්‍රීඩකයන් ලෙසින් හිමරු ද සිල්වා සහ සෙහඳු සූරියආරච්චි හැඳින්විය හැකියි. ඒ අතුරින් වමතින් දඟ පන්දු යවන හිමරු ද සිල්වා නිමා වූ තරග 13ක දී කඩුලු 38ක් ලබා ගනිමින් ද සහ වමතින් මඳ වේග පන්දු යවන සෙහඳු සූරියආරච්චි මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග 12ක දී කඩුලු 26ක් ලබා ගනිමින් ද කණ්ඩායමේ විශ්වාසය දිනා සිටිනවා.  

ඔවුන්ට අමතර ව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීම හේතුවෙන් පාසල් ක්‍රිකට් තරගමාලාවේ වැඩි තරග ප්‍රමාණයකට සහභාගී වීමට නොහැකි වූ විමත් දින්සර ද කොළඹ රාජකීය කණඩායම සතු තවත් දක්ෂ ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්විය හැකියි.  

කොළඹ රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

රෙහාන් පීරිස් (නායක), චනිතු කංකානමගේ, දුහේන් අඩුවෙල, ගගන් ගමගේ, හිමරු ද සිල්වා, හිරුන් මතීශ, මහිරු කොඩිතුවක්කු, මනුත් දසනායක, මුදිත් ගුණසේකර, රමිරු පෙරේරා, සන්දුල් අබේවර්ධන, සසිඳු මාපා, සෙහඳු සූරියආරච්චි, තෙවිඳු වේවැල්වල, උදන්ත ගංගේවත්ත, උසිත් ඉලේපෙරේරුම, විමත් දින්සර සහ යසිඳු දිසානායක.  

 

නිලධාරීන් 

ගාමිණි පෙරේරා (ප්‍රධාන පුහුණුකරු), රශාන් පීරිස් (ප්‍රධාන සහාය පුහුණුකරු), ඔසඳ ෆොන්සේකා (සහාය පුහුණුකරු),  කසුන් මදුශංක (වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු), චරිත් ප්‍රනාන්දු (පන්දු රැකීමේ පුහුණුකරු), ප්‍රගීත් ප්‍රර්ඩිනැන්ඩෝ (දෙවැනි පෙළ පුහුණුකරු),  

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී තරග 16කට සහභාගී වී ඇති අතර ඉන් මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට එරෙහි ව කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගනිමින් සහ කොළඹ ආනන්ද විද්‍යාලය වෙතින් ලත් ලකුණු 20ක පරාජයක් සහිත ව තරග නිමා කර ඇති අතර අනෙක් තරග 14 නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි. 

කණ්ඩායමේ නායක අවිනාශ් ප්‍රනාන්දු මෙවර තරගාවලියේ ලකුණු 500ක් ඉක්මවා ලබා ගනිමින් මෙම තරගය හා එක් වෙනවා.  

කණ්ඩායමේ සිටින වඩාත් දක්ෂතා දැක් වූ පිතිකරු බවට පත් ව ඇත්තේ 16 වැනි වියේ පසුවෙන දකුණත් පිතිකරු රෙශෝන් සොලමන්ස්. ඔහු නිමා වු තරග සමයේ දී තරග 16කට සහභාගී වෙමින් ශතක ද්විත්වයක් සහ අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 789ක් ලබා ගෙන තිබෙනවා. එහි සාමාන්‍ය ලෙසින් දැක් වෙන්නේ 34.31ක්.  

එමෙන් ම සාන්ත තෝමස් ලකුණු පුවරුව වෙහෙසකරවන පිතිකරුවන් අතර පෙරමුණෙන් ම පසුවෙන්නේ ජේඩන් අමරවීර. පසුගිය වසරේ ජයග්‍රාහී සාන්ත තෝමස් කණ්ඩායම ද නියෝජනය කළ ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ තරග 13ක දී ශතක ද්විත්වයක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 756ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය 36.0ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද ඔහු සමත් ව සිටිනවා.  

ඔවුන්ට අමතර ව වමත් පිතිකරු ආරොන් කොඩිතුවක්කු තරග 12ක දී ශතයක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 662ක් ලබා ගනිමින් ද සහ ලුදීශ නිම්සර ලකුණු 500 සීමාව ඉක්මවා ලබා ගනිමින් ද කණ්ඩායමේ විශ්වසනීය පිතිකරුන් බවට පත් ව සිටිනවා.  

සාන්ත තෝමස් කණ්ඩායමේ සිටින පන්දු යවන්නන් අතර ඉදිරියෙන් ම කියැවෙන්නේ වමතින් මඳ වේග පන්දු යවන 17 වැනි වියේ පසුවෙන අභීත පරණවිදාන ගේ නමයි. ඔහු මේ දක්වා පැවැති මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී තරග 13ක දී කඩුලු 44ක් දවා ගනිමින් කණ්ඩායමේ සිටින වැඩිම කඩුලුලාභියා වී සිටිනවා.  

ඔහුට අමතර ව වමතින් මඳ වේග පන්දු යවන ගිම්හාන් මෙන්ඩිස් සහ දකුණතින් පිට දඟ පන්දු යවන රෙශෝන් සොලමන් ද කණ්ඩායමේ සිටින විශ්වසනීය පන්දු යවන්නන් ලෙසින් සැලකෙනවා.  

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

අවිනාශ් ප්‍රනාන්දු (නායක), ආරොන් ද සිල්වා, ආරොන් කොඩිතුවක්කු, අභීත් පරනවිදාන, අඛිලේශ් රාජකරුණා. චමාෂ් ගුණවර්ධන, චනුත් ඇහැලියගොඩ, චෙලන් වීරසිංහ, ක්‍රිශේන් වර්ණසූරිය, දිනෙත් පීරිස්, ගිම්හාන් මෙන්ඩිස්, ජේඩන් අමරවීර, ලුදීශ නිම්සර, මහිත් රාජපක්ෂ, මෙතුක ගුණරත්න, මිනෝන් වරණසූරිය, නෙතුක වලිමුණිගේ, නෙතුන් විතානගේ, රපියෙල් හෙට්ටිගේ, රෙශෝන් සොලමන්ස්, ශනිල් පෙරේරා, සිනෙරු තන්තිරිවත්ත සහ ස්ටීවන් පීරිස්. 

 

නිලධාරීන් 

කපිල ද සිල්වා (ක්‍රිකට් භාර ආචාර්ය), නිලංක පීරිස් (ප්‍රධාන පුහුණුකරු), ලසිත් රන්දුනු (පිතිකරු පුහුණුකරු), තරංග ලියනපතිරණ (සහාය පුහුණුකරු),  

මෙරට පැරණිතම වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරගයට එක් වෙන කොළඹ රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ThePapare වෙතින් උණුසුම් සුබ පැතුම්! 

දෙවිදුහල් අතර Mustangs කුසලානය වෙනුවෙන් 49 වැනි වරටත් පැවැත්වෙන එක්දින සමීත පන්දුවාර තරගය මේ මස 28 වැනිදා ප්‍රථම වරට දිවා/රාත්‍රී තරගයක් ලෙසින් කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ම පැවැත්වීමට නියමිතයි.  

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<