ශ්‍රී ලංකා ක්‍රිකට් Gary Kirsten යටතට!

5

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය සහ දකුණු අප්‍රිකානු පුහුණුකරු Gary Kirsten නම් කර තිබෙනවා.

නිමා වූ විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි 08 වටයෙන් ශ්‍රී ලංකාව ඉවත් වීමත් සමඟ එතෙක් කල් පුහුණුකරු ධුරයේ වගකීම් දැරූ සනත් ජයසූරිය සිය වගකීමෙන් ඉවත් වුනා.

ඒ අනුවයි Kirsten මෙසේ නව ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස පත්වීම් ලබා තිබෙන්නේ.

2007 එක්දින ලෝක කුසලානයෙන් පසුව බිඳ වැටුණු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩ නගමින් 2011 ලෝක ශූරයින් බවට පත් කිරීමට හේතු වූ පුහුණුකරු ලෙස Kirsten හඳුන්වා දිය හැකි අතර, ඔහු විසින් 2008 – 2011 කාල සීමාව තුළ ඉන්දීය පුහුණුකරු ලෙස කටයුතු කළා.

ඉන් පසුව 2011 – 2013 කාල සීමාව තුළ දකුණු අප්‍රිකානු ක්‍රිකට් පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කළ අතර, මෙම කාලය තුළ දකුණු අප්‍රිකාව ලොව අංක එකේ ක්‍රිකට් කණ්ඩායම බවට ද පත් වුනා.

අවසන් වරට ඔහු විසින් නිමා වූ ලෝක කුසලානය තුළ නැමීබියා කණ්ඩායම වෙනුවෙන් උපදේශක තනතුර හොබවනු ලැබුවා.

1993 සිට 2004 වසර දක්වා දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණු Kirsten විසින් ටෙස්ට් ශතක 21ක් සහ එක්දින ශතක 13ක් සමඟ සමස්ත ලකුණු 14087ක් ලබා ගැනීමට සමත් වුනා.

එළඹෙන අප්‍රේල් 26 සිට වසර දෙකක කාල සීමාවක් සඳහා ඔහු ශ්‍රී ලංකා පුහුණුකරු ධුරය හෙබවීමට නියමිත අතර, මෙහි දී ඔහුට ඇති ප්‍රධානතම ඉලක්කය ලෙස 2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය හඳුනා ගත හැකි.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<