ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් පැවැති අතර එහි දී කොළඹ වෙස්ලි විද්‍යාලය කඳාන ද මැසිනෝද් විද්‍යාලයට එරෙහි ව කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූවා.
>>අවීශ, තිවංක, රජිත් සහ කවීන් ශතක සමාජයට එක් වෙයි<<
පෙර දින (5) අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු
මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය
- සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 408 (63.3) යෙනුල දන්තනාරායන 71, අවීශ සමාශ් 175, සෙනුජ වැකුණුගොඩ 72, රිශ්ම අමරසිංහ 45, දිල්ප මදුරංග 25, මානිත රාජපක්ෂ 2/100
- මහින්ද විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 190 (67.0) රන්දුල මාබරණ 58, ගෙසඳු බිසස් 33, මානිත රාජපක්ෂ 20, විශ්ව පීරිස් 4/58, විග්නේශ්වරන් ආකාශ් 2/33, අවීශ සමාශ් 2/08
- මහින්ද විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 132 (44.0) රන්දුල බාබරණ 67, මානිත රාජපක්ෂ නොදැවී 45, නිශාන් පෙරේරා 2/15, විශ්ව පීරිස් 3/74, විග්නේශ් ආකාශ් 2/33
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට)
කඳාන ද මැසිනෝද් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය කඳාන ද මැසිනොද් විද්‍යාලයීය පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – වෙස්ලි විද්‍යාලය
- වෙස්ලි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 284 (79.3) ශම්මා ප්‍රනාන්දු 34, අද්‍යාන් සියන් 33, සෙනුර ලක්ශාන් 60, කවිඳු හෙට්ටිආරච්චි 35, මෙත්නුල මායාදුන්න 41, දිනුජ සමරරත්න 22, බිපුන් අල්විස් 3/60, අවිශ්ක සඳරුවන් 2/31
- ද මැසිනෝද් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 146 (35.2) ශරිත් සුදීන 89, රශ්මික අමරරත්න 3/12, අද්‍යාන් සියන් 5/07
- ද මැසිනෝද් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 179 (48.5) ශරිත් සුදීන 33, සිනෙත් ඉඳුවර 26, සවිනු චන්තුල 36, අවිශ්ක සඳරුවන් 25, මෙත්නුල මායාදුන්න 2/44, චරණ මාලිම්බඩ 2/11, ජීවහන් ශ්‍රීරාම් 2/17
- වෙස්ලි විද්‍යාලය – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 42 (7.3) රශීඩ් නායන් නොදැවී 28
කොළඹ වෙස්ලි විද්‍යාලයට කඩුලු 10ක ජයක්.
- කොෂික සහ සශිත් දක්ෂතා දක්වයි
- දමේස් මොරටු කඩුලු 9ක් බිඳ දමයි
- සුමේද දවසේ හොඳම පන්දු යවන්නා වෙයි
- එනෝෂ් සහ දුල්සත් දක්ෂතා දක්වයි
පෙර දින (4) ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – රිච්මන්ඩ් විද්‍යාලය
- රාජකීය විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 254 (80.0) විමත් දින්සර 61, දුශේන් උඩවෙල 41, සෙහඳු සූරියආරච්චි නොදැවී 68, ටෙනුෂ නිම්සර 4/88, මිනග ආරියදාස 3/52
- රිච්ම්න්ඩ් විද්‍යාලය – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 38 (13.0) රිසිනු රූපසිංහ නොදැවී 17
රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 216ක් පිටුපසින්.
මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය මහනුවර ධර්මරාජ විද්‍යාලයීය පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය
- සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 236 (67.1) හිතේශ් රුවන්ද 58, හෆීස් ජුන්කීර් 30, රිද්ම බාශික 75, සදීශ කාවින්ද 21, සශිත් බණ්ඩාර 7/51
- ධර්මරාජ විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 97 (26.0) කාශ්‍යප දිසානායක 39, තරිඳු වර්ණකුලගේ නොදැවී 30
ධර්මරාජ විද්‍යාලය ලකුණු 139ක් පිටුපසින්.
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















