2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයට එක් වූ ශ්‍රී ලංකාව සහභාගී වන 2 වැනි තරගය අද (25දා) නවසීලන්තය සමඟින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.
D කාණ්ඩයෙන් තරගාවලියේ පළමු වටයට එක් වූ ප්‍රතිවාදී නවසීලන්ත ක්‍රීඩකයෝ එහි දී ඇෆ්ගනිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කැනඩාව පරාජය කරමින් ලද ප්‍රසාද ලකුණු 6ක් සමඟින් සුපිරි 8 වටයට පිවිසෙනවා. ඔවුන් එම වටයේ දී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට පරාජය වෙන අතර ලත් එම පරාජය හේතුවෙන් ප්‍රසාද ලකුණු පුවරුවේ ඔවුන්ට හිමි වූයේ 2 වැනි ස්ථානයයි.
මේ වන විට සුපිරි 8 වටයේ දී තම පළමු තරගය නිමා කර සිටින නවසීලන්තය එහි ලැයිස්තු ගත ව සිටින්නේ 2 වැනි ස්ථානයේයි. ඔවුන් සහභාගී වූ පළමු තරගය වර්ෂාව හේතුවෙන් එකඳු පන්දුවක් හෝ නොයවා අතහැර දැමෙන අතර ඒ හේතුවෙන් ඔවුන්ට සහ ප්‍රතිවාදී පාකිස්තානයට ප්‍රසාද ලකුණ බැගින් හිමි වූවා.
>>සුපිරි 8 පළමු තරගය වර්ෂාවට බිලි වෙයි<<
2006 වසරේ සිට ආරම්භ වන ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ මේ දක්වා දෙරට ක්‍රීඩකයෝ අවස්ථා 28ක දී එකිනෙකා හමුවී ඇති අතර ඉන් තරග 16ක ජයග්‍රහණ නවසීලන්තය ද සහ තරග 9ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව ද අතරේ බෙදී යනවා. තරග ද්විත්වයක් ලකුණු සම වීමෙන් නිමා වී ඇති අතර අනෙක් තරගය අවසන් ව ඇත්තේ විසඳුමකින් තොරවයි.
විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ දෙරට ක්‍රීඩකයෝ අවස්ථා 6ක දී හමුවී ඇති අතර ඉන් තරග 3ක ජයග්‍රහණ නවසීලන්තය ද සහ තරග 2ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව ද අතරේ බෙදී ගොස් ඇති අතර අනෙක් තරගය නිමා වී ඇත්තේ ලකුණු සම වීමෙනුයි.
කෙසේ වෙතත් දෙරට ක්‍රීඩකයෝ මෙම තරගයේ දී හමුවෙන්නේ පසුගිය වසරේ ජනවාරියේ දී එකිනෙකා හමුවීමෙන් අනතුරුවයි. එම තරගයේ දී ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙරට අතුරින් ආසන්නත ම ජයග්‍රාහකයා බවට පත් වෙනවා.
- ශ්‍රී ලංකාව සිය පළමු ජය එංගලන්තයට පූජා කරයි!
- පා දඟ පන්දුවෙන් ඉතාලිය දිනවන ශ්‍රී ලාංකිකයා ‘ක්‍රිශාන් කලුගමගේ’
- T20 ලෝක කුසලානයට එන සියලු ක්‍රීඩක සංචිත සහ බලාපොරොත්තු සහගත තරග
මෙවර තරගාවලියට එක් වෙන නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ වමතින් දඟ පන්දු යවන 34 හැවිරිදි වියේ පසුවෙන Mitchell Santner වෙතයි. පැවැත්වෙන තරගාවලියේ දී තවමත් දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වූ ඔහුගේ නිමා වූ ඉනිම් 4ක දක්ෂතා බවට පත් ව ඇත්තේ ලබා ගත් ලකුණු 21ක් සහ කඩුල්ලක් පමණයි.
ඒ කෙසේ වෙතත් ඔහු විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ තරග 131කට සහභාගී වෙමින් කඩුලු 136ක් ද සහ ලකුණු 974ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.
මේ වෙද්දී නවසීලන්ත කණ්ඩායමේ සිටින වඩාත් ම විශ්වසනීය පිතිකරු බවට පත් ව ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවෙන Glenn Phillips. නිමා වූ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 93ක දී ශතක ද්විත්වයක් සහ අර්ධ ශතක 12ක් සමඟින් ලකුණු 2224ක් ලබා සිටින ඔහුගේ ලකුණු ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට එරෙහි ව ලබා ගත් ශතකයක් ද තිබෙනවා.
මෙවර තරගාවලියේ නවසීලන්ත පිතිකරුවන් අතුරින් වැඩිම ලකුණු ලබා ඇති පිතිකරු වෙන්නේ Tim Seifert. ඔහු මේ දක්වා නිමා වූ තරග 5ක ඉනිම් 4ක දී අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 173ක් ලබා සිටිනවා. එහි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 57.66ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද සමත් ව සිටීම ශ්‍රී ලංකාවට තරමක අවදානම් තත්ත්වයක්.
නවසීලන්ත කණ්ඩායමේ ප්‍රධාන ප්‍රහාරකයා Tim Seifert
ඔවුන් සමඟින් නවසීලන්තය සාර්ථකත්වය කරා ගෙන යෑ හැකි ක්‍රීඩකයන් අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ තරග 100කට සහභාගී වෙමින් අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 1856ක් ලබා සිටින Daryl Mitchell, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 58ක දී ශතක ද්විත්වයක් සහ අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 1502ක් ලබා සිටින තවමත් 26 වැනි වියේ පසුවෙන Finn Allen ද සහ වමත් ඉදිරි පෙළ පිතිකරු Rachin Ravindra ද සිටිනවා.
ඔවුන්ට අමතර ව James Neesham ද මෙම ලැයිස්තුවට එක්වෙන අතර ඔහු මේ සඳහා එක් වෙන්නේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසයි. විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 98ක දී ලකුණු 1033ක් සහ කඩුලු 58ක් ලබා ගනිමින් පෑ දක්ෂතා ඔහු ව මේ තත්ත්වයෙන් සැලකීමට හේතු වී තිබෙනවා.
පන්දු යැවීමේ දී විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 47ක දී කඩුලු 62ක් ලබා සිටින දකුණතින් මඳ වේග පන්දු යවන Jacob Duffy සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 39ක දී කඩුලු 47ක් දවාගෙන සිටින දකුණතින් මඳ වේග පන්දු යවන Matt Henry ප්‍රධාන පන්දු යවන්නන් ලෙසින් තරගයට එක් විය හැකි අතර දකුණතින් පිට දඟ පන්දු යවන්නන් වන Cole McConchie නවසීලන්තය වෙනුවෙන් තරග පිටියේ සජීවී විය හැකි ක්‍රීඩකයන් ලෙසින් හැඳින්විය හැකියි.
නවසීලන්ත සංචිතය
Mitchell Santner (නායක), Tim Seifert (කඩුලු රකින්නා), Finn Allen, Rachin Ravindra, Glenn Phillips, Mark Chapman, Daryl Mitchell, Jimmy Neesham, Matt Henry, Ish Sodhi, Lockie Ferguson, Devon Conway, Jacob Duffy, Kyle Jamieson, Cole McConchie, James Neesham.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන් ම, සියලු තරගවල සජීවී අත්දැකීම් ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















