රනුද, හර්ෂජිත් සහ මනීෂ ශතක ලබා ගනී

Tier B - 3 Day Tournament 2025/26

2

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ 11 වැනි සතියේ තරග අද (13) ආරම්භ වූ අතර එහි දී රනුද සෝමරත්න, හර්ෂජිත් රුෂාන් සහ මනීෂ රූපසිංහ ශතක වාර්තා කළා.

මේ අතුරින් දිනයේ හොඳම ඉනිම වාර්තා කළේ SSC කණ්ඩායමේ රනුද සෝමරත්න. ඔහු Moratuwa කණ්ඩායමට එරෙහි ව පන්දු 217කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 137ක් ලබා ගත්තා.

අනෙක් ශතක ද්විත්වය ම වාර්තා වෙන්නේ ආරම්භක පිතිකරුවන්ගෙන් වීම විශේෂත්වයක්. ඒ අනු ව SL Army කණ්ඩායමේ ආරම්භක පිතිකරු හර්ෂජිත් රුෂාන් Sebastianites කණ්ඩායමට එරෙහි ව පන්දු 258කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සමඟින් ලකුණු 135ක් ලබා ගත් අතර Ragama කණ්ඩායමේ ආරම්භක පිතිකරු මනිෂ රූපසිංහ Colombo Malay කණ්ඩායමට එරෙහි ව පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 113ක් ලබා ගත්තා.

ඔවුන්ට අමතර ව SSC කණ්ඩායමේ නුවනිඳු ප්‍රනාන්දු (84), Kandy Customs කණ්ඩායමේ මලිඳු මදුරංග (60), Galle කණ්ඩායමේ අමිත් එරංග (51) සහ Ragama කණ්ඩායමේ කෙමිර විජේනායක (නොදැවී 52) අර්ධ ශතක ඉනිම් ලබා ගත්තා.

දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට SL Navy කණ්ඩායමේ ඩිලංක අවර්ඩ්ට් සමත් වුණා. ඔහු Negombo කණ්ඩායමට එරෙහි ව ලකුණු 113කට කඩුලු 8ක් දවා ගන්නවා. ඊට අමතර ව Kandy Customs කණ්ඩායමේ ගිත්මින් කොළඹගේ (6/57) සහ Sebastianites කණ්ඩායමේ හෂාන් සංදීප (5/89) ද පන්දු යවන්නන් ලෙසින් දක්ෂතා දක්වනවා.

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

Moratuwa SC සහ SSC අතර තරගය මොරටුව, ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – SSC

  • SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 354(88.1)ශෙවෝන් ඩැනියෙල් 45, නිපුන් ධනංජය 29, රනුද සෝමරත්න 137, නුවනිඳු ප්‍රනාන්දු 84, දුමිඳු සෙව්මිණ 2/70, චානක රුවන්සිරි 4/97, ගයාන් සිරිසෝම 2/93

Leo CC සහ Kandy Customs SC අතර තරගය කටුනායක, ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Kandy Customs SC

  • Kandy Customs SC – පළමු ඉනිම සියලුම දෙනාදැවී172 (36.4) මලිඳු මදුරංග 60, නඳුන් අසේල සිල්වා නොදැවී 39, ගිත්මින් කොළඹගේ 6/57, සෙනාශ් ප්‍රනාන්දු 3/31
  • Leo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 243 (48.1)හිරුන් සිගේරා 74, නෙත්ම කරුණාරත්න 30, පූර්ණ කල්හාර 27, සෙනාශ් ප්‍රනාන්දු 30, ට්‍රිශේන් වික්‍රමසිංහ 2/47, මිතුන් ජයවික්‍රම 4/86, නිර්මාල් රත්නායක 2/39

Leo කණ්ඩායම ලකුණු 71ක් ඉදිරියෙන්.

SL Army SC සහ Sebastianites C & AC අතර තරගය පනාගොඩ, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Sebastianites C & AC

  • SL Army SC – පළමු ඉනිම සියලුම දෙනාදැවී 336(84.4) හර්ෂජිත් රුෂාන් 135, තරිඳු ඩිලංක 25, අසේල ගුණරත්න 24, සීක්කුගේ ප්‍රසන්න 31, රත්නරාජ් තෙනුරතන් 22, ජනිත් ද සිල්වා 24, රවිඳු විජේවර්ධන නොදැවී 27, හෂාන් සංදීප 5/89, නිපුන් මෙන්ඩිස් 3/86
  • Sebastianites C & AC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 8 (3.0)

Sebastianites කණ්ඩායම ලකුණු 328ක් පිටුපසින්.

United Southern CC සහ Galle CC අතර තරගය මග්ගොන, Surrey ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – United Southern CC

  • Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 242 (67.1)රමේෂ් නිමන්ත 36, අමිත් එරංග 51, සුභානු රාජපක්ෂ 26, කෙවින් කොත්තිගොඩ 41, ලිසුල ලක්ෂාන් 44, තරුෂ් දමිඳු 4/84, ධනෝෂ් ද සිල්වා 2/67, කවිඳු එදිරිවීර 4/73
  • United Southern CC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 52 (13.0)ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 20

United Southern කණ්ඩායම ලකුණු 190ක් පිටුපසින්.

Colombo Malay CC සහ Ragama CC අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Ragama CC

  • Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 291 (62.0)මනීෂ රූපසිංහ 113, සාහිල් ඩයස් 28, රවිඳු සෙම්බකුට්ටි 40, කෙමිර විජේනායක නොදැවී 52, උපුල් ඉන්ද්‍රසිරි 35, උෂාන් මනෝහර 2/59, වෝෂිත අමරසිංහ 2/58, නිමන් උමේෂ් 2/27, යෙසිත් රූපසිංහ 2/33
  • Colombo Malay CC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 59 (20.0) පුලස්ති අතපත්තු නොදැවී 26, දසිත් ගුණතිලක 2/18, කොශාන් ජයවික්‍රම 2/18

Colombo Malay කණඩායම ලකුණු 232ක් පිටුපසින්.

SL Navy SC සහ Negombo CC අතර තරගය වැලිසර, නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Negombo CC

  • Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 262 (77.1) කේශාන් වන්නිආරච්චි 94, ඇන්ජලෝ ජයසිංහ 90, ඩිලංක අවර්ඩ්ට් 8/113
  • SL Navy SC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 33 (10.0)ශෙහාන් ප්‍රමෝද් 2/12

SL Navy SC කණ්ඩායම ලකුණු 229ක් පිටුපසින්.

මෙම තරගය හෙට (14) 2 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<