ඕමානය 2 වැනි ජයත් ලබයි

ICC Men's T20 World Cup Warm-up Matches

2
ICC Men's T20 World Cup Warm-up Matches

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තවත් පුහුණු තරග 4ක් අද (5) දවසේ දී ද පැවැතියා.

ඒ අතුරින් ඕමානය, නේපාලය සහ නවසීලන්ත කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය අතර තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණා.

>>T20 ලෝක කුසලානයට එන සියලු ක්‍රීඩක සංචිත සහ බලාපොරොත්තු සහගත තරග

සිම්බාබ්වේ සහ ඕමානය අතර තරගය

කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕමාන් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබ්වේ ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 187ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඕමාන් ක්‍රීඩකයෝ තවත් පන්දු 4ක් ඉතිරි කර ගනිමින් කඩුලු 6ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු Brian Bennett පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තා. ඊට අමතර ව ඉනිම අවසන් වන විට Tashinga Musekiwa පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුනු 54ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Sufyan Mehmood ලකුණු 22කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Nadeem Khan කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕමාන කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Jatinder Singh. ඔහු පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 55ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වූවා.

ඊට අමතර ව Hammad Mirza පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 35ක් ද සහ Jiten Ramanandi පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Blessing Muzarabani ලකුණු 41කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සිම්බාබ්වේ – කඩුලු 7ක් දැවී 187 (20.0)Brian Bennett56, Brendan Taylor පිටියෙන් ඉවත් වූවා 26, Dion Myers 26, Tashinga Musekiwa නොදැවී 54, Nadeem Khan 2/26, Sufyan Mehmood 3/22
  • ඕමානය – කඩුලු 6ක් දැවී 188 (19.2)Aamir Kaleem 23, Jatinder Singhපිටියෙන් ඉවත් වූවා 55, Hammad Mirza 35, Jiten Ramanandi නොදැවී 34, Blessing Muzarabani 2/41

ඕමානයට කඩුලු 4ක ජයක්.

කැනඩාව සහ නේපාලය අතර තරගය

Chennai හි දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කැනඩා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 6ක් දැවී ලකුණු 161ක් ලබා ගත් අතර නේපාල කණ්ඩායම එම ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී සපුරා ගත්තා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කැනඩා ක්‍රීඩකයන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ  Navneet Dhaliwal. ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 41ක් ලබා ගන්නවා.

ඊට අමතර ව Shreyas Movva පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 38ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Sandeep Lamichhane සහ Kushal Bhurtel කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නේපාල ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Aasif Sheikh. ඔහු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 58ක් ලබා ගනිමින් පිටියෙන් ඉවත් වූවා.

ඊට අමතර ව Sundeep Jora පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ද සහ Gulsan Jha පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී පන්දු යවන්නන් තිදෙනක් අතරේ කඩුල්ලක් බැගින් බෙදී ගියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • කැනඩාව – කඩුලු 6ක් දැවී 161 (20.0)Navneet Dhaliwal41, Kanwarpal Tathgur 25, Shreyas Movva නොදැවී 38, Jaskaran Singh 21, Sandeep Lamichhane 2/14, Kushal Bhurtel 2/26
  • නේපාලය – කඩුලු 4ක් දැවී 162 (18.0) Aasif Sheikh පිටියෙන් ඉවත් වූවා 58, Sundeep Jora44, Gulsan Jhaනොදැවී 31

නේපාලයට කඩුලු 6ක ජයක්.

නවසීලන්තය සහ ඇමරිකාව අතර තරගය

Navi Mumbai හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇමරිකා කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 208ක් ලබා ගන්නවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Tim Seifert. ඔහු පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 66ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වූවා.

ඊට අමතර ව Glenn Phillips පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Saurabh Netravalkar ලකුණු 37කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඇමරිකානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Saiteja Mukkamalla. ඔහු පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණ 50ක් ලබා ගත්තා.

ඔහුට අමතර ව Milind Kumar පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ලබා ගන්නා ලද අතර ඊට අමතර ව Shubham Ranjane පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයෙ පහර 2ක් සමඟින් ලකුණු 41ක් ද සහ නායක Monank Patel පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 31ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Matt Henry ලකුණු 32කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • නවසීලන්තය – කඩුලු 7ක් දැවී 208 (20.0)Tim Seifert66, Glenn Phillips 40, Daryl Mitchell 32, Saurabh Netravalkar 2/37
  • ඇමරිකාව – කඩුලු 8ක් දැවී 201 (20.0)Saiteja Mukkamalla50, Monank Patel 31, Milind Kumar 43, Shubham Ranjane 41, Matt Henry 5/32

නවසීලන්තයට ලකුණු  ලකුණු 7ක ජයක්.

මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<