මිතුරන්ගේ මංගල මහා තරගය ජය පැරදුමෙන් තොරව නිමා වේ

451

මෙරට පාසල් ක්‍රිකට් පිටියට බිග් මැච් වසන්තය කැන්ඳමින් බෝපිටිය ලොයෙලා විද්‍යාලය සහ තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලය අතර ප්‍රථම වරට පැවති මිතුරන්ගේ  වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (17) කදිරාන ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව නිමා විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන්ම පන්දුවට පහර දුන් ක්‍රිස්තුරාජ විද්‍යාලය තම පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 98ක් පමණි. මෙම ඉනිමේ දී උදාන් කොළඹගමගේ (22) සහ ලහිරු සිල්වා (20) ලකුණු අතරට පිවිසි අතර අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාවට ළඟා වීමට හෝ නොහැකි විය.

ලොයෙලා – ක්‍රිස්තුරාජ මිතුරන් ප්‍රථම මහා සංග්‍රාමයට සූදානමින්

පාසල් ක්‍රිකට් පිටියට මහා වසන්තය කැන්දමින් බෝපිටිය ලොයෙලා විද්‍යාලය සහ තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලය අතර ප්‍රථම වරට පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 16 සහ 17..

ඉනිම විනාශ කිරීමේ දී වැඩි වැඩ කොටසක් කළේ නායක සයුරු ජයකොඩි ය. දකුණතින් පිට දඟපන්දු යවන සයුරු ප්‍රතිවාදී ඉනිමේ කඩුලු 4ක් ලකුණු 13කට බිඳ දැමුවේය. ඔහුට අනගි සහයෝගයක් ලබා දුන් කවිශ්ක සපරමාදු ලකුණු 09කට කඩුලු 2ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ලොයෙලා විද්‍යාලය පළමු දිනය නිමාවේ දී ම ප්‍රතිවාදීන් ලබා ගත් ලකුණු ප්‍රමාණය අභිබවමින් කඩුලු 8ක් දැවී ලකුණු 144ක් ලබා ගත්තේය. ඔවුන් අද දිනයේ දී ද පන්දුවට පහර දුන් අතර ලකුණු පුවරුවට තවත් ලකුණු 2ක් එක් වෙද්දී ඉනිම අවසන් විය.

එම ඉනිමේ දී ෂෙනාල් චාරුක මිතුරු සංග්‍රාමයේ මංගල අර්ධ ශතකයක වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුනි. ඔහුගේ එම ඉනිම පන්දු 174කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 77කි. ඉනිමේ වාර්තා වූ හොඳම කඩුලු ලකුණු සබඳතාවන් දෙකට ද ඔහු දායක විය. ඒ තෙවැනි කඩුල්ල සඳහා චරිතාංග ලක්ෂාන් (10) සමඟ එක්වෙමින් ලබා ගත් ලකුණු 56 සහ සයුරු ජයකොඩි සමඟ 5 වැනි කඩුල්ලට රැස් කළ ලකුණු 52යි. සයුරු පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් වාර්තා කළේය.  

ලකුණු 48ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි ක්‍රිස්තුරාජ ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 239ක් ලබා ගත්හ.

එම ඉනිමේ දී උදාන් කොළඹගමගේ සහ ජූඩ් රොෂාන් අර්ධ ශතක ලබා ගනිමින් තම ඉනිම ගෞරවනීය තත්ත්වයට ගෙන ඒමට සමත් වීම කැපී පෙණුනි. උදාන් කොළඹගමගේ පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා ගත් අතර ජූඩ් රොෂාන් පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 60ක් වාර්තා කළහ. ඔවුන් දෙදෙනා අතර 4 වැනි කඩුල්ලට එක්කළ ලකුණු ප්‍රමාණය 81කි.

ඊට පසුව කඩුල්ලේ දී ජූඩ් රොෂාන් සහ ලහිරු පීරිස් (38) අතර 5 වැනි කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 81කි. ආරම්භක පිතිකරු ලහිරු සිල්වා පන්දු 50ක දී හතරේ පහර 10ක් සමඟින් වේගවත් ලකුණු 45ක් ලබා ගැනීම ද කැපී පෙණුනි.

ක්‍රිස්තුරාජ ඉනිම අත් හිටුවන්නේ ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 36ක දී ලකුණු 182ක ඉලක්කයක් ලබා දෙමිනි. තරගය අවසාන වන විට ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 101ක් ලබා ගන්නේය.

මේ චන්දිමාල්ගේ හෝරාව ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හොඳින් හෝ නරකින් වාර්තා තබන්නට සූරයන් බව මීට පෙර ලිපියකින් අප සටහනක් තැබූ බව ඔබට මතක යැයි සිතමු. මෙම ලිපිය සකසන්නට ආරම්භක සටහන තබන…

තරගයේ අවසන් ඉනිමේ දී වමත් පිතිකරු ෂෙනාල් චාරුක පන්දු 102කට මුහුණ දෙමින් ලකුණු 38ක් ලබා ගන්නේය. එහි දී මලින්ද පීරිස් සහ නිසල් මාලිංග කඩුලු 2 බැගින් දවා ගත්හ.

විද්‍යාල දෙක අතර පැවැත්වෙන වාර්ෂික සීමිත පන්දුවාර තරගය මේ මස 24 වැනිදා කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ක්‍රිස්තුරාජ විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 98 (37.4) උදාන් කොළඹගමගේ 22, ලහිරු සිල්වා 20, සයුරු ජයකොඩි 4/13, කවිශ්ක සපරමාදු 2/09

ලොයෙලා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 146 (56.3) ෂෙනාල් චාරුක නොදැවී 77, සයුරු ජයකොඩි 24, ලහිරු සිල්වා 2/30, පසිඳු මලිත් 4/35, මාලින්ද පෙරේරා 3/37

ක්‍රිස්තුරාජ විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 239 (55.0) ලහිරු සිල්වා  45, උදාන් කොළඹගමගේ 53, ජූඩ් රොෂාන් 60, ලහිරු පීරස් 38, සයුරු ජයකොඩි 2/47, චරිතාංග ලක්ෂාන් 3/73

ලොයෙලා විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 101 (36.0) ෂෙනාල් චාරුක38, සයුරු ජයකොඩි නොදැවී 17, මලින්ද පීරිස් 2/22, නිසල් මාලිංග2/31

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<