T20 ලෝක කුසලානයට එන සියලු ක්‍රීඩක සංචිත සහ බලාපොරොත්තු සහගත තරග

ICC Men's T20 World Cup 2026

5
ICC Men's T20 World Cup 2026

2026 විස්සයි විස්ස ලෝක කුසලානය එළඹෙන 07 වැනි දා සිට ආරම්භ කිරීමට සූදානමින් පසු වනවා.

මෙවර ලෝක කුසලානයට කාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 20ක් සහභාගී වීමට නියමිත අතර, එම කණ්ඩායම් තරග වදින තරග අතුරින් වඩා ඉහළ අවධානයක් යොමු වෙතැයි බලාපොරොත්තු වන තරග පිළිබඳ විශේෂ වශයෙන් සඳහන් කිරීමට අපි සූදානම්.

A කාණ්ඩය

ඉන්දියාව: Suryakumar Yadav (c), Abhishek Sharma, Tilak Varma, Sanju Samson, Shivam Dube, Ishan Kishan, Hardik Pandya, Arshdeep Singh, Jasprit Bumrah, Harshit Rana, Varun Chakaravarthy, Kuldeep Yadav, Axar Patel, Washington Sundar, Rinku Singh

 

ඇමරිකා එක්සත් ජනපදය : Monank Patel (c), Jessy Singh, Andries Gous, Shehan Jayasuriya, Milind Kumar, Shayan Jahangir, Saiteja Mukkamala, Sanjay Krishnamurthi, Harmeet Singh, Nosthush Kenjige, Shadley Van Schalkwyk, Saurabh Netravalkar, Ali Khan, Mohammad Mohsin, Shubham Ranjane

 

නැමීබියාව : Gerhard Erasmus (c), Zane Green, Bernard Scholtz, Ruben Trumpelmann, JJ Smit, Jan Frylinck, Louren Steenkamp, Malan Kruger, Nicol Loftie-Eaton, Jack Brassell, Ben Shikongo, JC Balt, Dylan Leicher, WP Myburgh, Max Heingo. Reserve: Alexander Volschenk

 

නෙදර්ලන්තය : Scott Edwards (c), Colin Ackermann, Noah Croes, Bas de Leede, Aryan Dutt, Fred Klaassen, Kyle Klein, Michael Levitt, Zach Lion-Cachet, Max O’Dowd, Logan van Beek, Timm van der Gugten, Roelof van der Merwe, Paul van Meekeren, Saqib Zulfiqar

 

පාකිස්තානය : Salman Ali Agha (c), Abrar Ahmed, Babar Azam, Faheem Ashraf, Fakhar Zaman, Khawaja Nafay, Mohammad Nawaz, Mohammad Salman Mirza, Naseem Shah, Sahibzada Farhan, Saim Ayub, Shaheen Shah Afridi, Shadab Khan, Usman Khan, Usman Tariq

මෙවර ලෝක කුසලානයේ වඩාත් උණුසුම් තරගයක් පැවැත්වීමට හේතු වන කාණ්ඩයක් ලෙසයි මෙම කාණ්ඩය හඳුනා ගෙන තිබුණේ.

කෙසේ වෙතත් පාකිස්තානය විසින් ඉන්දියාව සමඟ තරගය වර්ජනය කරන බව සඳහන් කිරීමෙන් අනතුරුව මෙම කාණ්ඩයේ තරග ඉතා පහසු තීරණ සමඟ විසඳෙන බව වටහා ගත හැකි.

ඉන්දියාව සහ පාකිස්තානය හැරුණු කොට නෙදර්ලන්තය මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය පිළිබඳ යම් අවධානයක් යොමු වනු ඇති.

මෙම කාණ්ඩය තුළ සිටින ඉන්දීය කණ්ඩායම මේ වන විට දෙවරක් ලෝක කුසලාන පහස ලබා ඇති අතර, පාකිස්තානය එක් වරක් ලෝක කුසලානය ජය ගැනීමට සමත් වී තිබෙනවා.

සුපිරි අට වටය වෙනුවෙන් තරග වැදීමේ දී ඉන්දියාව සහ පාකිස්තානය පෙරමුණේ පසු වනවා.

B කාණ්ඩය

ඕස්ට්‍රේලියාව : Mitchell Marsh (c), Xavier Bartlett, Cooper Connolly, Tim David, Ben Dwarshuis, Cameron Green, Nathan Ellis, Josh Hazlewood, Travis Head, Josh Inglis, Matthew Kuhnemann, Glenn Maxwell, Matthew Renshaw, Marcus Stoinis, Adam Zampa

 

ශ්‍රී ලංකාව : Dasun Shanaka (c), Pathum Nissanka, Kamil Mishara, Kusal Mendis, Kamindu Mendis, Kusal Janith Perera, Charith Asalanka, Janith Liyanage, Pavan Rathnayake, Wanindu Hasaranga, Dunith Wellalage, Maheesh Theekshana, Dushmantha Chameera, Matheesha Pathirana, Eshan Malinga

 

සිම්බාබ්වේ : Sikandar Raza (c), Brian Bennett, Ryan Burl, Graeme Cremer, Bradley Evans, Clive Madande, Tinotenda Maposa, Tadiwanashe Marumani, Wellington Masakadza, Tony Munyonga, Tashinga Musekiwa, Blessing Muzarabani, Dion Myers, Richard Ngarava, Brendan Taylor

 

අයර්ලන්තය : Paul Stirling (c), Mark Adair, Ross Adair, Ben Calitz, Curtis Campher, Gareth Delany, George Dockrell, Matthew Humphreys, Josh Little, Barry McCarthy, Harry Tector, Tim Tector, Lorcan Tucker, Ben White, Craig Young

 

ඕමානය : Jatinder Singh (c), Vinayak Shukla, Mohammad Nadeem, Shakeel Ahmad, Hammad Mirza, Wasim Ali, Karan Sonavale, Shah Faisal, Nadeem Khan, Sufyan Mehmood, Jay Odedra, Shafiq Jan, Ashish Odedara, Jiten Ramanandi, Aamir Kaleem

මෙම කාණ්ඩය තුළ වඩාත් උණුසුම් තරගය ලෙස එළඹෙන පෙබරවාරි 16 ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව තරග බිමට පිවිසීමට නියමිතයි. එමෙන්ම මූලික වටයෙන් සුපිරි අට වටය වෙත පහසුවෙන් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගනු ඇති බවටත් දැන් වන විට අනුමාන පළ වෙමින් පවතිනවා.

කෙසේ වෙතත් මෙම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් ලෙස සිම්බාබ්වේ සහ අයර්ලන්තය අඩු තක්සේරු නොකර සිටීම වඩාත් උචිත බව ක්‍රිකට් රසිකයින් විසින් අවබෝධ කර ගනු ඇති. විශේෂයෙන්ම සිම්බාබ්වේ කණ්ඩායම විසින් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ දී තරමක කැපී පෙනෙන දක්ෂතා දැක්වීම සමත් වී තිබෙනවා.

මෙම කාණ්ඩයේ සිටින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව මේ දක්වා එක් වතාව බැගින් ලෝක කුසලාන පහස විඳීම සමත් වී තිබෙනවා.

C කාණ්ඩය

එංගලන්තය : Harry Brook (c), Rehan Ahmed, Jofra Archer, Tom Banton, Jacob Bethell, Jos Buttler, Sam Curran, Liam Dawson, Ben Duckett, Will Jacks, Jamie Overton, Adil Rashid, Phil Salt, Josh Tongue, Luke Wood

 

බටහිර ඉන්දීය කොදෙව් : Shai Hope (c), Shimron Hetmyer, Johnson Charles, Roston Chase, Matthew Forde, Jason Holder, Akeal Hosein, Shamar Joseph, Brandon King, Gudakesh Motie, Rovman Powell, Sherfane Rutherford, Quentin Sampson, Jayden Seales, Romario Shepherd

 

ඉතාලිය : Wayne Madsen (c), Marcus Campopiano, Gian Piero Meade, Zain Ali, Ali Hasan, Crishan Jorge Kalugamage, Harry Manenti, Anthony Mosca, Justin Mosca, Syed Naqvi, Benjamin Manenti, Jaspreet Singh, JJ Smuts, Grant Stewart, Thomas Draca

 

නේපාලය : Rohit Paudel (c), Dipendra Singh Airee, Sandeep Lamichhane, Kushal Bhurtel, Aasif Sheikh, Sundeep Jora, Aarif Sheikh, Basir Ahamad, Sompal Kami, Karan KC, Nandan Yadav, Gulshan Jha, Lalit Rajbanshi, Sher Malla, Lokesh Bam

 

ස්කොට්ලන්තය : Richie Berrington (c), Tom Bruce, Matthew Cross, Bradley Currie, Oliver Davidson, Chris Greaves, Zainullah Ihsan, Michael Jones, Michael Leask, Finlay McCreath, Brandon McMullen, George Munsey, Safyaan Sharif, Mark Watt, Bradley Wheal. Travelling reserves: Jasper Davidson, Jack Jarvis. Non-travelling reserves: Mackenzie Jones, Chris McBride, Charlie Tear

මෙවර ලෝක කුසලානයේ වඩාත් උණුසුම් කාණ්ඩයක් බවට පත් වීමට ඉඩ තිබූ නමුත්, බංග්ලාදේශය විසින් හදිසියේ ගත් තීරණයක් නිසා එම උණුසුම් ස්වභාවය අහිමි වී ගොස් තිබෙනවා. බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් වීම නිසා, ඒ වෙනුවට ස්කොට්ලන්තය දැන් මෙම කාණ්ඩයට එක් වී ඇති අතර, මෙහි වඩාත් ඉහළ අවධානයක් හිමි වන තරගය ලෙස පෙබරවාරි 11 දින එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තරගය හඳුනා ගත හැකි.

මෙම කාණ්ඩයේ ප්‍රබලතම කණ්ඩායම් ද්විත්වය ලෙස කොදෙව්වන් සහ එංගලන්තය දෙවතාව බැගින් ලෝක කුසලාන පහස ලබා තිබීම සුවිශේෂී සිදුවීමක්. ඒ හේතුව නිසාවෙනුත් මෙම කාණ්ඩය තුළ ඉහළ තරගයක් නිර්මාණය වන බව නොනුමානයි.

D කාණ්ඩය

දකුණු අප්‍රිකාව : Aiden Markram (c), Corbin Bosch, Dewald Brevis, Quinton de Kock, Marco Jansen, George Linde, Keshav Maharaj, Kwena Maphaka, David Miller, Lungi Ngidi, Anrich Nortje, Kagiso Rabada, Ryan Rickelton, Jason Smith, Tristan Stubbs

 

නවසීලන්තය : Mitchell Santner (c), Finn Allen, Michael Bracewell, Mark Chapman, Devon Conway, Jacob Duffy, Lockie Ferguson, Matt Henry, Kyle Jamieson, Daryl Mitchell, James Neesham, Glenn Phillips, Rachin Ravindra, Tim Seifert, Ish Sodhi

 

ඇෆ්ගනිස්තානය : Rashid Khan (c), Noor Ahmad, Abdullah Ahmadzai, Sediqullah Atal, Fazalhaq Farooqi, Rahmanullah Gurbaz, Mohammad Ishaq Rahimi, Shahidullah Kamal, Mohammad Nabi, Gulbadin Naib, Azmatullah Omarzai, Mujeeb Ur Rahman, Darwish Rasooli, Ibrahim Zadran, Zia Ur Rahman Sharifi Reserves: AM Ghazanfar, Ijaz Ahmadzai, Farid Ahmad Malik

 

කැනඩාව : Dilpreet Bajwa (c), Ajayveer Hundal, Ansh Patel, Dilon Heyliger, Harsh Thaker, Jaskarandeep Singh, Kaleem Sana, Kanwarpal Tathgur, Navneet Dhaliwal, Nicholas Kirton, Ravinderpal Singh, Saad Bin Zafar, Shivam Sharma, Shreyas Movva, Yuvraj Samra

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය : Muhammad Waseem (c), Alishan Sharafu, Aryansh Sharma, Dhruv Parashar, Haider Ali, Harshit Kaushik, Junaid Siddique, Mayank Kumar, Muhammad Arfan, Muhammad Farooq, Muhammad Jawadullah, Muhammad Zohaib, Rohid Khan, Sohaib Khan, Simranjeet Singh

මෙවර තරගාවලියේ මූලික වටය තුළ මුණ ගැසෙන වඩාත් තරගකාරී ම කාණ්ඩය ලෙස මෙය හඳුන්වා දිය හැකි.

මෙම කාණ්ඩයේ එකදු කණ්ඩායමක් හෝ මේ දක්වා ලෝක කුසලාන පහස ලබා නොමැති වීම විශේෂත්වයක්. එමෙන්ම දකුණු අප්‍රිකාව, නවසීලන්තය මෙන්ම ඇෆ්ගනිස්තානය ද මේ වන විට ඉහළ දක්ෂතා දක්වමින් ලෝක කුසලානය වෙනුවෙන් සැදී පැහැදී සිටිනවා.

එමෙන්ම මූලික වටයේ දී ඉහළ අවධානයක් හිමි වන තරග රාශියක් පැවැත්වීමට නියමිත කාණ්ඩය වන්නේ ද මෙම කාණ්ඩයමයි.

  • නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය – පෙබරවාරි 08
  • ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව – පෙබරවාරි 11
  • නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව – පෙබරවාරි 14

මෙම කාණ්ඩය තුළින් සුපිරි අට වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් අනුමාන කිරීම තරමක් අපහසු කර්තව්‍යයක් වී තිබෙනවා.

මේ අයුරින් මෙවර ලෝක කුසලානය සඳහා වන ක්‍රීඩක සංචිත සහ මූලික වටය තුළ අවධානය යොමු විය හැකි ප්‍රධාන පෙළේ තරග හඳුනා ගත හැකි.

කෙසේ වෙතත් තරගාවලියේ ස්වභාවය අනුව මෙම සියලු අනුමාන කිරීම් වෙනස් වීමට ඉඩ කඩ පවතිනවා. එමෙන්ම ක්‍රීඩක සංචිත පවා ඉදිරියේ දී වෙනස් වීමට ඉඩ කඩ පවතිනවා.

එම සියලු තොරතුරු මෙන්ම, මෙවර ලෝක කුසලානයේ සියලු සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<