ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (31) පැවැති අතර එහි දී ශතක 4ක් වාර්තා වීම කැපී පෙණුනා.
නිමා වූ දිනයේ වඩාත් කතා බහට ලක් වූයේ ගාල්ල මහින්ද විද්‍යාලයයි. ඔවුන් හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති තරගයේ දී ශතක ත්‍රිත්වයක් වාර්තා වූ අතර ඉන් ශතක ද්විත්වයක් ම වාර්තා වෙන්නේ මහින්ද විද්‍යාලයෙනුයි.
එහි දී මහින්ද විද්‍යාලය වෙනුවෙන් රන්දුල මාබරණ සහ සෙහස් ආශිංස ශතක ලබා ගැනීමට සමත් වූවා.
සෙහස් ආශිංස පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 124ක් ලබා ගත් අතර ඊට අමතර ව රන්දුල මාබරණ පන්දු 183කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 115ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට ලකුණු 145ක සබඳතාවක් ද ගොඩ නගනවා.
මේ අතර එම තරගයේ දී ප්‍රතිවාදී සාන්ත තෝමස් විද්‍යාලයේ රෙශෝන් සොලමන් පන්දු 145කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 102ක් ලබා ගත්තා.
ඔවුන් තිදෙනාට අමතර ව මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ පුනාල් පමුදිත කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට එරෙහි ව පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 105ක් ලබා ගත්තා.
මේ අතර එම තරගයේ දී ම ගාල්ල මහින්ද විද්‍යාලයේ මානිත රාජපක්ෂ ලකුණු 71කට කඩුලු 6ක් දවා ගනිමින් දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
එම දක්ෂතාවන්ට අමතර ව මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ මනුග ගුරුගේ (56) සහ කොළඹ ලුම්බිණි විද්‍යාලයේ පසිදු මහීෂ (52) අර්ධ ශතක ලබා ගත්තා.
මේ අතර නිමා වූ තරගවල දී කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහි ව කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වෙනවා.
- ලෝකය දිනමින් තවමත් දුවන මැරතන් ශූරයා “ගාමිණී සුගතදාස”
- පළමු T20 ගැටුමෙන් ශ්‍රී ලංකාවට පරාජය උරුම වෙයි!
- ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ කොදෙව් සංචාරයට දින නියම වෙයි
- නේක්ෂ ඉද්දමල්ගොඩත් ද්විත්ව ශතක සමාජයට
- මහනුවර සිසල් සහ චනිරු ශතක ලබා ගනී
කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – ත්‍රිත්ව විද්‍යාලය
- ලුම්බිණි විද්‍යාලය – පළමු ඉනිමසියලුම දෙනා දැවී 102 (37.3) පසිඳු මහීෂ 20, කනිල්ක ඇන්තනී 4/19, දිනාල් ප්‍රනාන්දු 3/04
- ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 228 (42.0)මහේන්ද්‍ර අබේසිංහ 79, පුලීශ තිලකරත්න 32, චනිරු සේනාරත්න 32, ප්‍රවීන් රුකුනායක නොදැවී 55, දිනාල් ප්‍රනාන්දු නොදැවී 19, තිසුම් සස්මිත 3/31
- ලුම්බිණි විද්‍යාලය – දෙවැනි ඉනිමසියලුම දෙනා දැවී 195 (52.4) කිසඳු දුල්නෙත් 30, ජයනිත මෙන්ඩිස් 36, පසිදු මහීෂ 52, මිහිසර විහඟ 28, කනිල්ක ඇන්තනී 4/75, චනිරු සේනාරත්න 2/39, මලික විතානගේ 3/21
- ත්‍රිත්ව විද්‍යාලය- දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 70 (18.2) විදුනෙත් ධම්මගේ නොදැවී 30, දිනාල් ප්‍රනාන්දු නොදැවී 19, යශෝද් කවිඳු 2/47
ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 7ක ජයක්.
ගාල්ල මහින්ද විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය ගාල්ල, මහින්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය
- සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිමසියලුම දෙනා දැවී 200 (56.2) රෙශෝන් සොලමන් 41, ලුදීශ මාතරගේ නොදැවී 69, ආරොන් ද සිල්වා 21, ගිම්හාන් මෙන්ඩිස් 25, සදෙව් නෙත්මිණ 3/38, මානිත රාජපක්ෂ 2/42, අරෝෂ උදයංග 3/50
- මහින්ද විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 359 (75.1)දුල්සිත් දර්ශන 48, රන්දුල මාබරණ 115, දිනෙත් පැහැසර 25, සෙහස් ආශිංස 124, අභීත් පරණවිදාන 3/97, ආරන් ද සිල්වා 4/69
- සාන්ත තෝමස් විද්‍යාලය- දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 204 (56.2) රෙශෝන් සොලමන් 102, ලුදීස මාතරගේ 45, මානිත රාජපක්ෂ 6/71, අරෝෂ උදයංග 2/63
තරගයේ විසඳුමක් නෑ. (මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.)
කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය කුරුණෑගල, සාන්ත ආනා විද්‍යාලයීය පිටියේ දී.
කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය
- සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිමසියලුම දෙනා දැවී 342 (75.2) අබ්දුල් මජීඩ් 20, මුනාල් පමුදිත 105, චමිඳු ගිම්හාන් 24, තත්සර දෙව්මිත් 47, අබ්දුල් රශීඩ් 25, මනුග ගුරුගේ 56, කුමේෂ් නුවන්ජන 28, යශ්මින් ජයසුන්දර 4/110, ඉශාන් ඛාන් 2/37
- සාන්තආනා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 41 (16.0) දිනුර පවන්ජි 2/15
මෙම තරගය හෙට (01) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















