ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඊයේ (27) අවසන් වූ අතර තවත් තරග කිහිපයක් ද ආරම්භ වූවා.
එහි දී දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වීමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ ආරම්භක පිතිකරු සවි ප්‍රනාන්දු සමත් වුණා. ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහි ව තරගය පළමු දිනයට නතර කරන විට නොදැවී ලකුණු 88ක් ලබා සිටි අතර, ඔවුන්ගේ ඉනිම අත්හිටුවන විට පන්දු 177කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 151ක් ලබා සිටියා.
ඊට අමතර ව ශවිඳු සිල්වා පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 77ක් ද ලබා ගත් අතර ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 252ක සබඳතාවක් ගොඩ නගනවා.
එම ඉනිමට අමතර ව කුරුණෑගල මලියදේව විද්‍යාලයේ රජිත් නවෝද්‍ය සහ කැළණිය ගුරුකුල විද්‍යාලයේ ජවිඳු මදුශංක ශතක ආසන්නයට ම පැමිණ තම ඉනිම් අහිමි කර ගන්නවා. එහි දී රජිත් නවෝද්‍ය සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට එරෙහි ව ලකුණු 99කට ද සහ ජවිඳු මදුශංක කොළඹ තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව ලකුණු 95කට ද දැවී යනවා.
මේ අතර කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ජනිඳු රණසිංහ (50) සහ ගුරුකුල විද්‍යාලයේ ඉඳුවර ඔෂද නොදැවී (50), ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ බෙවින් ජයවර්ධන (55) සහ තෙනුෂ නිම්සර (62) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
දිනයේ හොඳම පන්දු යැවීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ දකුණතින් පිට දඟ පන්දු යවන සෙත්රූ ප්‍රනාන්දු සමත් වෙනවා. ඔහු කැළණිය ගුරුකුල විද්‍යාලයට එරෙහි ව ලකුණු 105කට කඩුලු 6ක් දවා ගන්නවා.
- පවන් තනි වෙයි; එංගලන්තය තරගාවලිය ජය ගනියි!
- 13න් පහළ ජයග්‍රහණයට ලකුණු 2ක් හරස් වෙයි
- මෙවන් දිසානායක දක්ෂ පන්දු යැවීමක
- නේක්ෂ ඉද්දමල්ගොඩත් ද්විත්ව ශතක සමාජයට
- මහනුවර සිසල් සහ චනිරු ශතක ලබා ගනී
බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – රිච්මන්ඩ් විද්‍යාලය
- රිච්මන්ඩ් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 130 (47.1) බෙවින් ජයවර්ධන 38, නෙතුජ බාසිත 43, සදීශ කාරියවසම් 3/13, සදීශ සිල්වා 4/45, දිනසර රත්නවීර 3/37
- සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 280 (42.0) සවි ප්‍රනාන්දු නොදැවී 88, හිරුක සිල්වා 24, ශවිඳු සිල්වා නොදැවී 44, ටෙනුෂ නිම්සර 2/43
- රිච්මන්ඩ් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 260 (64.0) බෙවින් ජයවර්ධන 55, තෙනුෂ නිම්සර 62, රිසිනු රූපසිංහ 37, නෙතුජ බාසිත නොදැවී 30, සදීශ සිල්වා 65/3, ජිනිත් පණ්ඩිතරන්ත 4/54, ඩින්සර රත්නවීර 80/3,
තරගයේ විසඳුමක් නෑ. (සාන්ත පීතර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.)
කොළඹ රාජකීය විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය පිටියේ දී. (Tier A)
කාසියේ වාසිය – ඩී. එස්. සේනානායක විද්‍යාලය
- ඩී. එස්. සේනානනායක විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 256 (80.0) ජනිඳු රණසිංහ 50, රන්දිශ බණඩාරනායක 22, ශනාල් බිනුශ්ක 93, හමීඩ් අෆ්ඩාල් 22, චිතුම් බද්දගේ නොදැවී 43, සෙහඳු සූරියආරච්චි 3/29, මහිරු කොඩිතුවක්කු 4/47
- රාජකීය විද්‍යාලය – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 36 (13.0) හිරුන් ලියනාරච්චි නොදැවී 25
රාජකීය විද්‍යාලය ලකුණු 220ක් පිටුපසින්.
කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර තරගය කුරුණෑගල මලියදේව විද්‍යාලයීය පිටියේ දී. (Tier B)
කාසියේ වාසිය – සාන්ත ජෝසප් වාස් විද්‍යාලය
- මලියදේව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (63.2) පැහැසර බණ්ඩාර 30, රජිත් නවෝද්‍ය 99, දුශාන් සයුරංග 22, දිමත් අබේසිංහ 22, දමේෂ් මතිසාන් 2/46, හිමල් අවිහංස 4/72, යසිත් ගිම්සර 2/11
- සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 96 (33.0) දමේෂ් මතීසාන් 21, අමල් දෙනුවන් 19, නිශුද සොම්නස් 2/35, තවීෂ බාලසූරිය 3/17
සාන්ත ජෝසප් වාසි විද්‍යාලය ලකුණු 109ක් පිටුපසින්.
තර්ස්ටන් විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය අතර තරගය කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී. (Tier A)
- ගුරුකුල විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 275 (80.0) ජවිඳු මදුසංක 95, අතීෂ මලිඳු 28, ඉඳුවර ඔෂද නොදැවී 50, අදීප පිංසර 33, සෙත්රු ප්‍රනාන්දු 6/105
- තර්ස්ටන් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 17 (13.0) සහස් ඉඳුවර 2/02
තර්ස්ටන් විද්‍යාලය ලකුණු 258ක් පිටුපසින්.
අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















