දේශීය පාපන්දු ලීගයේ සුපිරි 08 වටයේ කණ්ඩායම් තහවුරු වෙයි

Champions League Sri Lanka 2025/26

3

2025/26 Champions League පාපන්දු තරගාවලියේ හත් වැනි සතියට අදාළ ව තරග හයක් නිමා වූ සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා. 

ජනවාරි 23 (සිකුරාදා) 

Moragasmulla SC සහ Matara City SC 

මෙම තරගයේ දී කණ්ඩායම් දෙකෙන් ම එක් ගෝලය බැගින් වාර්තා වුනා. ඒ අනුව මෙම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර, මෙම සතිය ජය පැරදුමෙන් තොර තරග කිහිපයකට මග පාදන බවට ලබා දුන් ඉඟියක් ලෙස ද මෙය වටහා ගත හැකි. 

  • Moragasmulla SC 01 – Matara City SC 01 

Java Lane SC සහ New Star SC 

මෙම තරගයේ පළමු අර්ධය තුළ තරගයේ පෙරමුණ ගැනීමට සමත් වූ Java Lane ක්‍රීඩකයින් එක් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ තම පරාජයෙන් ගැලවීමේ සටනක නිරත වීමට New Star ක්‍රීඩකයින් සමත් වූ අතර, ඔවුන් එහි දී ගෝල ද්විත්වයක් වාර්තා කරන අතරේ, Java Lane කණ්ඩායම තවත් ගෝලයක් වාර්තා කළා. 

ඒ අනුව මෙම තරගයත් ජය පැරදුමෙන් තොරව නිමා වුනා. 

  • Java Lane SC 02 – New Star 02 

ජනවාරි 24 (සෙනසුරාදා) 

Saunders SC සහ Serendib SC  

මෙම තරගයේ පළමු අර්ධය තුළ Serendib ක්‍රීඩකයින් ගෝල ද්විත්වයක් වාර්තා කරමින් තරගයට ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වුනා. 

තරගයේ දෙවැනි අර්ධය තුළ Serendib කණ්ඩායම තවත් එක් ගෝලයක් වාර්තා කළ නමුත්, මෙහි දී නැවත තරගයට අවතීර්ණ වූ Saunders ක්‍රීඩකයින් ද ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් තරගය සම මට්ටමින් අවසන් කර ගැනීමට සමත් වුනා. 

Saunders SC 3 – Serendib SC 3 

Pelicans SC සහ St. Mary’s SC 

මෙම තරගයේ පළමු අර්ධය තුළ Pelicans ක්‍රීඩකයින් විසින් එක් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ St. Mary’s කණ්ඩායම විසින් Pelicans ක්‍රීඩකයින්ගේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් ගෝලයක් වාර්තා කළේ මෙම සති අන්තයේ ජය පැරදුමෙන් තොරව අවසන් වූ සිව්වැනි තරගය නිමා කරමිනුයි. 

ජනවාරි 25 (ඉරිදා) 

Crystal Palace FC සහ Negambo Youth FC 

මෙම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළෙන් ම එකදු ගෝලයක් හෝ වාර්තා නොවූ අතර, ඒ අනුව මෙම තරගයත් ජය පැරදුමෙන් තොරව නිම වීමේ අවදානමක් ඇති වුනා. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ Crystal Palace ක්‍රීඩකයින් විසින් ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වුනේ මෙම සති අන්තයේ විසඳුමක් සහිතව අවසන් වූ පළමු තරගය සනිටුහන් කරමිනුයි. 

  • Crystal Palace FC 03 – Negambo Youth FC 00 

SL Police SC සහ Solid SC  

මෙම තරගයේ පළමු අර්ධය තුළ පොලිස් ක්‍රීඩකයින් විසින් එක් ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා. 

තරගයේ දෙවැනි අර්ධයේ දී Solid ක්‍රීඩකයින් ද එක් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුවත්පොලිස් ක්‍රීඩකයින් විසින් තවත් ගෝලයක් වාර්තා කරමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා. 

  • SL Police SC 02 – Solid SC 01 

මේ අනුව ලීගයේ මූලික වටයේ තරග සියල්ල ඊයේ දිනයෙන් නිමාවට පත් වුනා. 

මෙම තරග සියල්ල අවසානයේ කණ්ඩායම් 08ක් සුපිරි 08 වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, එම කණ්ඩායම් මෙසේයි; 

Saunders SC, Pelicans SC, New Star, SL Police SC, Serendib SC, Solid SC, Java Lane, St. Mary’s SC 

දේශීය පාපන්දු ලීගයේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<