16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි දිනය (24) අවසන් වෙද්දී තරගාවලියේ සුපිරි 6 වටයේ කාණ්ඩ ද්විත්වය සඳහා සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් තීරණය වූවා.
ඒ අනුව A කාණ්ඩය නියෝජනය කිරීමට ඕස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය ද B කාණ්ඩය නියෝජනය කිරීමට ඉන්දියාව, එංගලන්තය, පාකිස්තානය, බංග්ලාදේශ්‍ය, නවසීලන්තය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් ද සුදුසුකම් ලබා ගත්තා.
මේ අතර තරගාවලියේ 13 වැනි ස්ථානය තෝරා ගැනීමට සඳහා පැවැති ජපානය සහ ටැන්සානියාව අතර තරගයෙන් පහසු ජයග්‍රහණයක් ලබා ගත්ත ජපානය එම ස්ථානයට පත් වුණා.
- බංග්ලාදේශය ලෝක කුසලානයෙන් ඉවතට; පාකිස්තානයත් ඉවත් වෙන්න සූදානම් වෙයි!
- එංගලන්තය තරගාවලිය සම මට්ටමට ගෙන එයි
24 වැනි තරගය, Group B, නවසීලන්තය සහ ඉන්දියාව අතර
Bulawayo හී Queens ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගය ආරම්භ වෙන්නේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රමාදවයි.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසිය ද නැවත තරගය වර්ෂාව හේතුවෙන් නතර වෙනවා. ඒ වෙද්දී නවසිලන්ත ඉනිමේ පන්දුවාර 7.1ක් අවසන් වී කඩුලු 3ක් දැවී ලකුණු 17ක් ලබා තිබුණා. නැවත තරගය ආරම්භ වෙන්නේ පන්දුවාර 37ක තරගයක් ලෙසයි.
ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 135ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Callum Samson. ඔහු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී RS Ambrish ලකුණු 29කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව Henil Patel කඩුලු 3ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ තම ඉනිමේ තවත් පන්දුවාර 24ක් ඉතිරි ව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වෙනවා. එම ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වෙන්නේ නායක Ayush Mhatre. ඔහු පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා සිටියා. ඊට අමතර ව Vaibhav Sooryavanshi පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුනු 40ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Selwin Sanjay, Mason Clarke සහ Jaskaran Sandhu කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- නවසීලන්තවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 135 (36.2) Jacob Cotter 23, Callum Samson 37, Selwin Sanjay 28, RS Ambrish 4/ 29, Henil Patel 3/23
- ඉන්දියාවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 3ක් දැවී 130 (13.3) Vaibhav Sooryavanshi 40, Ayush Mhatre 53
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 7ක ජයක්.
තරගයේ වීරයා – RS Ambrish (ඉන්දියාව)
13 වැනි ස්ථානය, ටැන්සානියාව සහ ජපානය අතර
Windhoek හී High Performance Oval ක්‍රීඩාංගණයේ දී තරගාවලියේ 13 වැනි ස්ථානය තෝරා ගැනීම සඳහා පැවැති තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ටැන්සානියානු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 131ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ජපාන ක්‍රීඩකයෝ කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නේ තවත් පන්දු 130ක් ද ඉතිරි කර ගනිමිනුයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ටැන්සානියානු කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු Acrey Hugo. ඔහු පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලුණු 55ක් ලබා ගන්නවා. ඊට අමතර ව Ayaan Shariff පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 40ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී Nihar Parmar ලකුණු 30කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Nikhil Pol කඩුලු 3ක් ද සහ Charlie Hara-Hinze කඩුලු 2ක් ද දවා ගන්නවා.
ජපාන පිළිතුරු ඉනිම ආරම්භ කළ Nihar Parmar සහ Taylor Waugh එක් ව පළමු කඩුල්ලට පන්දු 162ක දී ලකුණු 122ක සබඳතාවක් ගොඩ නගමින් තරගයේ ජයග්‍රහණය ඉක්මන් කරනවා. එහි දී Taylor Waugh පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත් අතර Nihar Parmar තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී පන්දු 74කට මුහුණ දෙමින් හතරෙ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ටැන්සානියානුවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 131 (38.3) Acrey Hugo 55, Ayaan Shariff 40, Charlie Hara-Hinze 2/14, Nihar Parmar 4/30, Nikhil Pol 3/23
- ජපාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුල්ලක් දැවී 136(28.2) Nihar Parmar නොදැවී 53, Taylor Waugh 47
ජපාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 7ක ජයක්.
තරගයේ වීරයා – Nihar Parmar (ජපානය)
2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















