එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවැනි තරගය අද (24) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.
මෙම තරගයේ කාසියේ වාසිය ද ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සතු වූ අතර, සුපුරුදු පරිදි මෙවරත් පළමුව පන්දුවට පහර දීමට චරිත් තීරණය කළා.
පෙර තරගයේ දී මෙන්ම, මෙවරත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයට සාර්ථක වීමට එංගලන්තය ඉඩ ලබා දුන්නේ නැහැ.
අද දිනයේ කමිල් මිශාරගේ පිත්තෙන් ඉනිමට එක් වුනේ ලකුණු 5ක් පමණයි. එමෙන්ම පැතුම් නිස්සංකගේ පිත්තෙන් ඉනිමට එක් වුනේ ලකුණු 26ක් පමණයි.
මේ අතරවාරයේ දී පළමු තරගයේ ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමේ නැංගුරම වූ කුසල් මෙන්ඩිස් ද අද දිනයේ ලකුණු 26කට දැවී ගියේ ඉනිමේ කර නායක චරිත් සහ අත්දැකීම් බහුල ධනංජය ද සිල්වා වෙත නතු කරමිනුයි.
ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක් එක් කිරීමට සමත් වූ අතර, ධනංජය ලකුණු 40ක් ලබා පිටියෙන් ඉවත් වීමත් සමඟ එම සබඳතාව නිමාවට පත් වුනා.
අද දිනයේ දී ජනිත් ලියනගේට ද බලාපොරොත්තු වූ තරම් සාර්ථක වීමට නොහැකි වූ අතර, පවන් රත්නායක ලකුණු 29ක් ලබමින් ඉනිම ලකුණු 200 සීමාව කරා ගෙන යාමට සහය ලබා දුන්නා.
මෙහි දී ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ චරිත් විසින් ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුනා. මීට අමතරව පෙර තරගයේ දී මෙන්ම, මෙවරත් ශ්‍රී ලංකා ඉනිම සාර්ථකව අවසන් කිරීම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ පිටියට පිවිසුණත් ඔහුට මෙවර පිටියේ අනෙක් පිතිකරුවන්ගෙන් අවශ්‍ය තරමේ සහයක් හිමි නොවීම නිසා අමතර පීඩනයකට ලක් වුනා. මේ හේතුවෙන් දුනිත්ගේ ඉනිම හතරේ පහර 2ක් ද සමඟ ලකුණු 20කින් නතර වුනා.
මේ අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 49 පන්දු 3ක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 219ක් පමණයි.
මෙහි දී එංගලන්තය වෙනුවෙන් Joe Root, Adil Rashid සහ Jamie Overton කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මින් අනතුරුව එංගලන්තය පිතිකරුවන් අදාළ ඉලක්කය හඹා යාමට පිටියට පිවිසුණා. මෙහි දී එංගලන්තය පළමු කඩුල්ල ලෙස Rehan Ahmed ලකුණු 13ක් ලබමින් පිටියෙන් ඉවත් වුනත්, ඉන් පසුව එංගලන්තය වෙනුවෙන් කඩුල්ලේ එක් වූ Joe Root සහ Ben Duckett දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී Duckettගේ පිත්තෙන් ලකුණු 39ක් ඉනිමට එක් වුනා.
මීට අමතරව ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් Root සහ නායක Harry Brook අතරේ ලකුණු 81ක සබඳතාවක් ඇති වූ අතර, මෙහි දී Brookගේ පිත්තෙන් ලකුණු 42ක් වාර්තා වුනා.
පළමු තරගයේ දී මෙන්ම මෙම තරගයේ දීත් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගය වූ Root විසින් ලකුණු 75ක් ලබා ගනිමින් තරගයේ ජය එංගලන්තය වෙතට හැරවීමේ ප්‍රධානත්වය ලබා ගත්තා.
එමෙන්ම එංගලන්තය තරගය ජයග්‍රහණය කරා රැගෙන යමින් නොදැවුණු ඉනිමක් දියත් කිරීමට සමත් වූ Jos Buttler පන්දු 21කින් ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වුනා.
මේ අනුව එංගලන්තය විසින් පන්දුවාර 46 පන්දු 2ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී අදාළ ඉලක්කය හඹා යාමට සමත් වුනා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ ධනංජය ද සිල්වා සහ ජෙෆ්‍රි වැන්ඩසේ කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.
තරගයේ වීරයා – Joe Root
මේ අනුව දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට 1-1ක් ලෙස සම මට්ටමින් පවතිනවා.
Result
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Pathum Nissanka | c Will Jacks b Adil Rashid | 26 | 37 | 2 | 1 | 70.27 |
| Kamil Mishara | c Ben Duckett b Jamie Overton | 5 | 12 | 1 | 0 | 41.67 |
| Kusal Mendis | run out (Will Jacks) | 26 | 45 | 2 | 0 | 57.78 |
| Dhananjaya de Silva | c Joe Root b Liam Dawson, | 40 | 59 | 4 | 0 | 67.80 |
| Charith Asalanka | c Ben Duckett b Adil Rashid | 45 | 64 | 1 | 0 | 70.31 |
| Janith Liyanage | c Adil Rashid b Jamie Overton | 12 | 11 | 2 | 0 | 109.09 |
| Pavan Rathnayake | c Liam Dawson, b Will Jacks | 29 | 34 | 3 | 0 | 85.29 |
| Dunith Wellalage | c Sam Curran b Joe Root | 20 | 19 | 2 | 0 | 105.26 |
| Pramod Madushan | st Jos Buttler b Rehan Ahmed | 8 | 10 | 0 | 0 | 80.00 |
| Jeffery Vandersay | not out | 1 | 4 | 0 | 0 | 25.00 |
| Asitha Fernando | c & b Joe Root | 0 | 1 | 0 | 0 | 0.00 |
| Extras | 7 (b 0 , lb 2 , nb 0, w 5, pen 0) |
| Total | 219/10 (49.3 Overs, RR: 4.42) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Jamie Overton | 5 | 1 | 21 | 1 | 4.20 | |
| Sam Curran | 4 | 0 | 16 | 0 | 4.00 | |
| Liam Dawson, | 10 | 1 | 41 | 1 | 4.10 | |
| Will Jacks | 10 | 1 | 47 | 1 | 4.70 | |
| Adil Rashid | 10 | 0 | 34 | 2 | 3.40 | |
| Jacob Bethell | 3 | 0 | 20 | 0 | 6.67 | |
| Rehan Ahmed | 5 | 0 | 21 | 1 | 4.20 | |
| Joe Root | 2.3 | 0 | 12 | 2 | 5.22 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Rehan Ahmed | b Dhananjaya de Silva | 13 | 18 | 1 | 0 | 72.22 |
| Ben Duckett | b Jeffery Vandersay | 39 | 51 | 2 | 1 | 76.47 |
| Joe Root | lbw b Asitha Fernando | 75 | 90 | 5 | 0 | 83.33 |
| Jacob Bethell | c Charith Asalanka b Dhananjaya de Silva | 6 | 14 | 0 | 0 | 42.86 |
| Harry Brook | lbw b Jeffery Vandersay | 42 | 75 | 2 | 0 | 56.00 |
| Jos Buttler | not out | 33 | 21 | 3 | 1 | 157.14 |
| Will Jacks | not out | 8 | 8 | 1 | 0 | 100.00 |
| Extras | 7 (b 0 , lb 1 , nb 0, w 6, pen 0) |
| Total | 223/5 (46.2 Overs, RR: 4.81) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Asitha Fernando | 7 | 0 | 31 | 1 | 4.43 | |
| Pramod Madushan | 3.2 | 0 | 20 | 0 | 6.25 | |
| Dhananjaya de Silva | 7 | 0 | 37 | 2 | 5.29 | |
| Dunith Wellalage | 10 | 0 | 50 | 0 | 5.00 | |
| Charith Asalanka | 8 | 0 | 27 | 0 | 3.38 | |
| Jeffery Vandersay | 10 | 0 | 45 | 2 | 4.50 | |
| Pavan Rathnayake | 1 | 0 | 12 | 0 | 12.00 | |
දෙරට අතර තීරණාත්මක අවසන් එක්දින තරගය එළඹෙන 27 (අඟහරුවාදා) පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















