ඉන්දු – නවසීලන්ත ටෙස්ට් සංග්‍රාමය draw වුනොත් කුසලානයට වෙන්නේ මොකද්ද?

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය 2019/21

121

නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජුනි 18 වැනිදා එංගලන්තයේ Southampton හිදී පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (28) නිල වශයෙන් නිවේදනය කළා.

මීට අමතරව තරගය සඳහා අතිරේක දිනයක් පවතින අතර සාමාන්‍යය දින පහේ ටෙස්ට් තරගයක යැවිය යුතු පන්දුවාර ගණන යැවීමට නොහැකි වුවහොත් පමණක් එම දිනය යොදාගැනීමට තීරණය කර තිබෙනවා.

එසේම යම් හෙයකින් තරගය ජය පරාජයෙන් තොරව හෝ  ලකුණු සමවීමකින් අවසන් වුවහොත් මේ කණ්ඩායම් දෙක සම ශූරයින් ලෙස කිරුළු පළඳිනවා.

තවත් ක්‍රිකට් පුවත්:

ඒ අනුව මේ අවසන් මහා තරගය ජුනි 18 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත අතර තරගයට යම් බාධාවක් පැමිණ යැවිය යුතු පන්දුවාර ගණන අඩුවුවහොත් පමණක් 23 වැනිදා ද තරගය පැවැත්වෙනවා. තවද මේ තීරණාත්මක අවසන් මහා තරගයට Dukes වර්ගයේ පන්දුවක් භාවිතා කරනු ඇත.

තවද මෙම තරගයේ දී අලුතින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලද තරග කොන්දේසි කිහිපයක් ද අත්හදා බැලීමට ICCය සූදානමින් සිටිනවා. ඒ අනුව පිතිකරුවන් දුවද්දී ලබාගන්නා ලකුණු හරිආකාරව ලබා ගන්නවා දැයි රූපවාහිනි විනිසුරු නිරීක්ෂණය කිරීම, පිතිකරු කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී යාම් ලබා දීමේ දී පන්දුව සහ කඩුල්ල අතර උස තීරණය කිරීමේ නව ක්‍රමවේදය අත්හදා බැලීම සහ විනිසුරු තීරණ විමසීමේ ක්‍රමයේ දී විනිසුරු තීරණ විමසීමට පෙර විනිසුරු සමඟ එකඟතාවක් ඇතිකර ගැනීම එම නව වෙනස්කම් කිහිපයයි.

එම තරගයේ තොරතුරු ද ඇතුළත්ව ලොව සියලු උණුසුම් ක්‍රීඩා තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් රැඳී සිටින්න අප සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<