ඩිල්ශාන් සහ නවෝද් ශතක ලබා ගනී

Major Club 03 Day League Tournament 2025

5
Major Club 3 Day Plate Tournament - 23rd January

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින Plate ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ දී (23) ඩිල්ශාන් ද සොයිසා සහ නවෝද් පරණවිතාන ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අතුරින් දවසේ හොඳම ඉනිම වාර්තා කිරිමේ ගෞරවය හිමි වූයේ Baduraliya කණ්ඩායමේ ඩිල්ශාන් ද සොයිසාට. ඔහු Nugegoda කණ්ඩායමට එරෙහි ව පන්දු 227කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 129ක් ලබා ගත්තා. එය ඔහුගේ තරග 42ක 4 වැනි ශතකයයි.

ඊට අමතර ව Tamil Union කණ්ඩායමේ ආරම්භක පිතිකරු නවොද් පරණවිතාන Chilaw Marians කණ්ඩායමට එරෙහි ව පන්දු 260කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 124ක් ලබා සිටිනවා. එය ඔහුගේ පළමු පෙළ තරග 51ක 3 වැනි ශතකයයි.

ඔවුන් දෙදෙනාට අමතර ව Kurunegala කණ්ඩායමේ මනෝජ් සරත්චන්ද්‍ර (50) සහ ලක්ශාන් එදිරිසිංහ (76), Baduraliya කණ්ඩායමේ රොෂාන් විජේනායක (55) සහ ගීත් කුමාර (නොදැවී 55), Tamil Union කණ්ඩායමේ මිනෝද් භානුක (62) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

Kurunegala Youth CC අතර Panadura SC තරගය මග්ගොන, Surrey Villege ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Panadura SC

  • Kurunegala Youth CC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 209 (90.0) මනෝජ් සරත්චන්ද්‍ර 50, ලක්ශාන් එදිරිසිංහ 76, සමීර සඳමාල් 25, චමෝද් සඳරු නොදැවී 25, මොහොමඩ් ඩිල්ශාඩ් 3/46, අසංක මනෝජ් 2/54

Baduraliya SC සහ Nugegoda S & WC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Nugegoda S & WC

  • Baduraliya SC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 259 (90.0) රොෂාන් විජේනායක 55, ඩිල්ශාන් ද සොයිසා නොදැවී 129, ගීත් කුමාර නොදැවී 55

Tamil Union C & AC සහ Chilaw Marians CC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගණයේ දී.

කාසියේ වාසිය – Tamil Union C & AC

  • Tamil Union C & AC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 306 (90.0) නවොද් පරණවිතාන නොදැවී 124, මිනෝද් භානුක 62, තුලින ඩිල්ශාන් 39, ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 40, තික්ෂිල ද සිල්වා 2/50, කල්හාර සේනාරත්න 2/109

මෙම තරග සියල්ල අද (24) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<