2025/26 Champions League පාපන්දු තරගාවලියේ හය වැනි සතියේ තෙවැනි දිනයට අදාළ තරග දෙකක් ඊයේ (18) දිනයේ දී ක්‍රියාත්මක වුනා.
St. Mary’s SC සහ SL Police SC
මෙම තරගයේ පළමු අර්ධය තුළ එක් ගෝලයක් වාර්තා වූ අතර, එම ගෝලයේ අයිතිය ශ්‍රී ලංකා පොලිසිය සතු වුනා.
තරගයේ දෙවැනි අර්ධය තුළ දෙපිළම කරට කර සටනක යෙදුණු නමුත්, එම අර්ධය තුළ එකදු ගෝලයක් හෝ වාර්තා වුනේ නැහැ. ඒ අනුව තරගයෙන් පොලිස් කණ්ඩායම ජය ලැබීමට සමත් වුනා.
SL Police SC 1 – St. Mary’s SC
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
Java Lane SC සහ Saunders SC
මෙම සතිය සඳහා ක්‍රියාත්මක වන අවසන් තරගය ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ පළමු අර්ධය තුළ Saunders ක්‍රීඩකයින් විසින් ගෝල ද්විත්වයක් ලබා ගැනීමට සමත් වුනා.
තරගයේ දෙවැනි අර්ධය තුළ Saunders කණ්ඩායම විසින් තවත් එක් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ නමුත්, තරගයේ සමස්ත කාල සීමාව තුළ Java Lane ක්‍රීඩකයින් එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට සමත් වුනේ නැහැ.
Saunders SC 3 – Java Lane SC 0
ඒ අනුව මෙම සති අන්තය නිමා වන විට ලීගයේ A කාණ්ඩයේ පෙරමුණේ රැඳීමට Saunders කණ්ඩායම සමත් වන අතර, New Star කණ්ඩායම දෙවැනි තැන රැඳෙනවා. එමෙන්ම B කාණ්ඩයේ පළමු ස්ථානය Pelicans කණ්ඩායම සතු වන අතර, Solid කණ්ඩායම එහි දෙවැනි ස්ථානයේ රැඳීමට සමත් වී සිටිනවා.
දේශීය පාපන්දු ලීගයේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<





















