Team Blues දෙවැනි ජයග්‍රහණයත් ලබා ගනී

Women's National Super League T20 2026

125

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League කාන්තා විස්සයි විස්ස තරගාවලිය අද (9) පැවැති තරග අතුරින් Blues කණ්ඩායම මෙවර තරගාවලියේ 2 වැනි ජයග්‍රහණයත් ලබා ගැනීමට සමත් වූවා.  

Team Blues සහ Team Greens අතර තරගය කොළඹ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය දිනා ගත් Blues කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 132ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Greens ක්‍රීඩිකාවෝ ලබා ගන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 106ක් පමණයි.  

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Blues කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා හර්ෂිතා සමරවික්‍රම. ඇය පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 45ක් ලබා ගන්නවා. ඊට අමතර ව කෞෂිනී නුත්‍යාංගා පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී දේවගී ජෙගනාදන් ලකුණු 24කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව කාව්‍යා කාවින්දි, පියුමි වත්සලා සහ මල්ශා ශෙහානී කඩුල්ල බැගින් දවා ගන්නවා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Green කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගන්නේ පියුමි වත්සලා. ඇය පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා. ඊට අමතර ව නිලක්ෂිකා සිල්වා පන්දු 29කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගන්නවා. 

ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46ක දී ලකුණු 34ක සබඳතාවක් ගොඩ නගනවා.  

පන්දු යැවීමේ දී රන්දි ප්‍රේමරත්න සහ සත්‍යා සංදීපනී කඩුලු ද්විත්වය බැගින් ද දෙව්මි විහංඟා, සචිනි නිසංසලා සහ යසන්ති හේරත් කඩුල්ල බැගින් දවා ගන්නවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

TeamBlues – කඩුලු 8ක් දැවී 132 (20.0) හර්ෂිතා සමරවික්‍රම 45, කෞෂිනී නුත්‍යාංගා 31, අමා කාංචනා 19, දේවගී ජෙගනාතන් 3/24 

 

Team Green– කඩුලු 8ක් දැවී 106 (20.0) පියුමි වත්සලා 35, නිලක්ෂිකා සිල්වා 23, රන්දි ප්‍රේමරත්න 2/19, සත්‍යා සංදීපනී 2/29 

 

Blues කණ්ඩායමට ලකුණු 26ක ජයක්.  

Team Greys සහ Team Red අතර තරගය කොළඹ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී. 

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Team Red කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 107ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Greys ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 90ක් පමණයි.  

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Red කණ්ඩායමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 21ක් වෙද්දී දැවී යනවා. කෙසේ වෙතත් එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ නෙතඟි ඉසුරාංජලී. ඇය පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගන්නවා. ඊට අමතර ව ප්‍රමුදි මෙත්සරා පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා ගන්නා ලද අතර ශෂිනි ගිම්හානි පන්දු 13ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 18ක් ද, රශ්මිකා සෙව්වන්දි පන්දු 9ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17ක් ද සහ උමයංගනා පීරිස් පන්දු 20ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 16ක් ද ලබා ගන්නවා.  

කඩුලු දවා ගැනීමේ දී හිරුණිකා නිවර්තනා, මල්කි මදාරා සහ තාරුකා ශෙහානි කඩුලු 2ක් බැගින් ද, කවීෂා දිල්හාරි සහ සඳුනි නිසංසලා කඩුල්ල බැගින් ද දවා ගන්නවා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Greys කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ කවීෂා දිල්හාරි ඇය පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 45ක් ලබා ගන්නවා. ඊට අමතරව හංසිමා කරුණාරත්න පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගන්නවා. 

ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 44ක දී ලකුණු 49ක සබඳතාවක් ද එක් කරන අතර අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු අතරට පිවිසීමට හැකි වෙන්නේ නැහැ.  

එහි දී චමෝදි ප්‍රබෝධා ලකුණු 10කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ප්‍රමුදි මෙත්සරා, ලිමංසා තිලකරත්න සහ අසේනි තලගුණේ කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

TeamRed- කඩුලු 8ක් දැවී 107 (20.0) නෙතඟි ඉසුරාංජලී 23, ප්‍රමුදි මෙත්සරා නොදැවී 22, මල්කි මදාරා 2/23, තාරුකා ශෙහානි 2/23, හිරුනිකා නිවර්තනා 2/16 

TeamGreys- සියලුම දෙනා දැවී 90 (19.3) කවීෂා දිල්හාරි 45, හංසිමා කරුණාරත්න 16, චමෝදි ප්‍රබෝධා 4/10, අසේනි තලගුණේ 2/23, ලිමංසා තිලකරත්න 2/19, ප්‍රමුදි මෙත්සරා 2/10 

 

Red කණ්ඩායමට ලකුණු 17ක ජයක්.  

තරගාවලියේ මිළඟ තරග ජනවාරි මස 11 වැනිදා පැවැත්වෙන අතර එහි දී Team Red සහ Team Blues අතර තරගයත්, Team Greys සහ Team Greens සහ අතර තරගයත් කොළඹතර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<