කෲස්පුල්ලේ සහ ශාරුජන් නැවතත් ශතක සමාජයට

Major Club 03 Day League Tournament 2025

131
Major Club 3 Day Tournament 2025/26

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි සතියේ අවසන් දිනය වූ අද (4) දවසේ දී මෙවර තරගාවලියේ දෙවැනි වරටත් ශතක රැස් කිරීමට ශාරුජන් ශන්මුගනාදන් සහ ලසිත් කෲස්පුල්ලේ සමත් වූ අතර ඊට අමතර ව මිනෝද් භානුක සහ පවන්ත වීරසිංහ ද අද ශතක රැස් කරනවා.

Tamil Union කණ්ඩායමේ ශාරුජන් ශන්මුගනාදන් Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව පන්දු 263කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සමඟින් නොදැවී ලකුණු 122ක් ලබා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරග 8ක 2 වැනි ශතකයයි.

ඔහුට අමතර ව එම තරගයේ දී ම Tamil Union නායක මිනෝද් භානුක ද ශතකයක් ලබා ගැනීමට සමත් වෙනවා. ඔහු පන්දු 202කට මුහුණ දෙමින් හතරේ පහර 22ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 173ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග 105ක 18 වැනි ශතකයයි.

ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 428ක දී ලකුණු 285ක සබඳතාවක් ද ගොඩ නගනවා.

ඔවුන්ට අමතර ව CCC කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ Chilaw Marian කණ්ඩායමට එරෙහි ව පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 128ක් ලබා ගත්තා. එය ඔහු ඔහුගේ පළමු පෙළ තරග 67ක 11 වැනි ශතකයයි.

ACE Capital කණ්ඩායමේ ආරම්භක පිතිකරු පවන්ත වීරසිංහ ද අද ශතකයක් ලබා ගත්තා. ඒ BRC කණ්ඩායමට එරෙහිවයි. එහි දී ඔහු පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 121ක් ලබා ගන්නවා.

එය ඔහුගේ පළමු පෙළ තරග 38ක 5 වැනි ශතකය වූ අතර ඒ සමඟින් ඔහු පළමු පෙළ ලකුණු 2000 කඩඉම පසු කිරීමට සමත් වෙනවා.

ඔවුන්ට අමතර ව Panadura කණ්ඩායමේ දුශාන් විමුක්ති, Bloomfield කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු (නොදැවී 69), Police කණ්ඩායමේ දුලාශ් උදංයග (නොදැවී 58), CCC කණ්ඩායමේ නිශාන් මදුශ්ක (නොදැවී 54) සහ ACE Capital කණ්ඩායමේ කවිඳු කුලසේකර (නොදැවී 59) අර්ධ ශතක ඉනිම් වාර්තා කරනවා.

පන්දු යැවීමේ දී Bloomfield කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු (5/39), Police කණ්ඩායමේ දිලුම් සුදී (5/53), සහ ACE Capital කණ්ඩායමේ රොෂාන් ජයතිස්ස (5/54) දක්ෂතා දක්වනවා.

ඒ අනුව නිමා වූ සති අන්තයේ දී Panadura, CCC, NCC සහ ACE Capital කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වෙනවා.

A කාණ්ඩය

Bloomfield C & AC සහ Panadura SC අතර තරගය මග්ගොන, Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Bloomfield C & AC

  • Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 285 (79.4) කංචන ද ලිවේරා 21, විශ්ව චතුරංග 33, ෂෙහාන් ජයසූරිය 69, දුශාන් විමුක්ති 40, නිමේෂ් විමුක්ති 52, අසංක මනෝජ් 24, දුලාජ් සමුදිත 2/79, රවිඳු ප්‍රනාන්දු 2/63, දුවිඳු තිලකරත්න 2/27, ජෙෆ්රි වැන්ඩර්සේ 2/74
  • Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 186 (50.5) මිනෙත් ප්‍රේමරත්න 50, අසිත වන්නිනායක 64, රවිඳු ප්‍රනාන්දු 23, අසංක මනෝජ් 4/41, මොහොමඩ් ඩිල්ශාඩ් 4/61, නිමේෂ් විමුක්ති 2/39
  • Panadura SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 126 (38.0) ෂෙශාන් ජයසූරිය 23, දුශාන් විමුක්ති නොදැවී 56, ලහිරු මදුශංක 2/20, රවිඳු ප්‍රනාන්දු 5/39
  • Bloomfield C & AC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 167 (48.4) අසිත වන්නානයක 29, රවිඳු ප්‍රනාන්දු නොදැවී 69, තරිඳු හර්ශණ 21, මොහොමඩ් ඩිල්ශාඩ් 3/51, නිමේෂ් විමුක්ති 2/45, දුශාන් විමුක්ති 3/17

Panadura කණ්ඩායමට ලකුණු 58ක ජයක්.

Police SC සහ Nugegoda SW & C අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Nugegoda SW & C

  • Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 347 (92.0) ධනුජ ඉඳුවර 60, ප්‍රියමාල් පෙරේරා 23, අශේන් බණ්ඩාර 103, විශාද් රන්දික 91, චතුරංග කුමාර 24, නලින් ප්‍රියදර්ශන 24, නිපුන් මාලිංග 3/73, මධුක ලියනපතිරණ 4/47
  • Nugegoda SW & C – පළමු ඉනිම සියලුම දෙනා දැවී (75.0) ලොහාන් ද සොයිසා 20, තිලකරත්න සම්පත් 28, කෙවින් පෙරේරා 37, අක්‍රම් මුතාලිබ් 34, අනුක් ප්‍රනාන්දු 28, නිපුන් මාලිංග 36, නිපුන් ප්‍රේමරත්න 3/53, දිලුම් සුදීර 5/66
  • Police SC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 184 (42.0) ධනුජ ඉඳුවර 33, අවිශ්ක තරිඳු 33, දුලාශ් උදයංග නොදැවී 58, අශේන් බණ්ඩාර 25, විශාද් රන්දික නොදැවී 33, තිලකරත්න සම්පත් 2/59
  • Nugegoda SW & C – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 113 (38.0) මධුක ලියනපතිරණ 28, අවිශ්ක පෙරේරා 27, දිලුම් සුධීර 4/58

තරගයේ විසඳුමක් නෑ. (Police කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)

CCC සහ Chilaw Marian CC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – CCC

  • Chilaw Marian CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 185 (120.5) තරිඳු අමරසිංහ 47, හිරාන් ජයසූන්දර 28, කසුන් විදුර 46, අසිත ප්‍රනාන්දු 4/31, නිශාන් පීරිස් 2/35, සොනාල් දිනූෂ 2/33
  • CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 167 (47.3) ලසිත් කෲස්පුල්ලේ 27, සොනාල් දිනූෂ 61, සහන් කෝසල 20, තික්ෂිල ද සිල්වා 4/68, මෙලන් හංසක 3/18
  • Chilaw Marian CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 177 (60.0) තරිඳු අමරසිංහ 27, හිරාන් ජයසුන්දර 54, කසුන් විදුර නොදැවී 26, අසිත ප්‍රනාන්දු 4/40, නිශාන් පීරිස් 3/46, සොනාල් දිනූෂ 2/38
  • CCC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 196 (25.5) නිශාන් මදුශ්ක නොදැවී 54, ලසිත් කෲස්පුල්ලේ 128

CCC කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

B කාණ්ඩය

NCC සහ Baduraliya SC     අතර තරගය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Baduraliya SC

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 387 (109.4) ලහිරු උදාර 47, විනුක රූබසිංහ 77, සහන් ආරච්චිගේ 76, චාමික කරුණාරත්න 121, කවිඳු පත්රත්න 29, බුද්ධික සංජීව 2/123, අදීශ තිලංචන 5/105, මාලින්ද පුෂ්පකුමාර 3/74
  • Baduraliya SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 147 (51.1) රුමේෂ් බුද්ධික 27, අලංකාර අසංක 20, ලහිරු කුමාර 2/31, කවිඳු පතිරත්න 2/21, ශක්ති උදාර 4/58
  • Baduraliya SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 166 (53.3) රවීන් යසස් 46, විනුර දුල්සර 21, අදීශ තිලංචන 31, කවිඳු පතිරත්න 3/35, ශක්ති උදාර 4/61, අශේන් ඩැනියෙල් 3/32

NCC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 74ක ජයක්.

Tamil Union C & AC සහ    Kurunegala Youth CC අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Tamil Union C & AC

  • Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 404 (109.3) ගයාන් මනීශාන් 160, ලක්ෂාන් එදිරිසිංහ 27, මනෝජ් සරත්චන්ද්‍ර 29, සමීර සඳමාල් 106, චමෝද් සඳරු 32, චාමිකර එදිරිසිංහ 21, ලහිරු සමරකෝන් 2/73, කවිඳු දිල්හාර 2/90, විජයකාන්ත් වියස්කාන්ත් 4/101, තීසාන් විතුශාන් 2/67
  • Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 167 (46.0) මිනෝද් භානුක 23, තුලින ඩිල්ශාන් 20, සචිත ජයතිලක 33, ලහිරු සමරකෝන් 33, චමෝද් සඳරු 2/51, චාමිකර එදිරිසිංහ 2/23, කසුන් ඒකනායක 4/57
  • Tamil Union C & AC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 358 (91.5) විහස් තෙව්මික 37, ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 122, මිනෝද් භානුක 173, චමෝද් සඳරු 2/90, චාමිකර එදිරිසිංහ 2/46
  • Kurunegala Youth CC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 72 (11.0) ලක්ශාන් එදිරිසිංහ 42, විජයකාන්ත් වියස්කාන්ත් 2/39, තීසාන් විතුශාන් 2/20

තරගයේ විසඳුමක් නෑ. (Kurunegala Youth කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)

BRC සහ ACE Capital CC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – ACE Capital CC

  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (105.3) හේෂාන් ධනුශ්ක ප්‍රනාන්දු 37, සමින්ද ප්‍රනාන්දු 20, ප්‍රමෝද් මදුවන්ත 23, රමින්ද විජේසූරිය 80, යසිරු රොද්‍රිගෝ 21, ඉසිත විජේසුන්දර 2/52, රොශාන් ජයතිස්ස 3/69, වනුජ සහන් 4/39
  • ACE Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (40.2) කවිඳු අමන්ත 32, වනුජ සහන් 58, මොහොමඩ් ශිරාස් 5/32, ශෂික දුල්ශාන් 2/15, යසිරු රොද්‍රිගෝ 2/31
  • BRC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 194 (60.5) හේෂාන් ධනුෂ්ක ප්‍රනාන්දු 29, රොශේන් සිල්වා 49, ප්‍රමෝද් මදුවන්ත 25, රසිත් උපමාල් නොදැවී 37, රමින්ද විජේසූරිය 24, ඉසිත විජේසුන්ද 2/54, රොෂාන් ජයතිස්ස 5/54, වනුජ සහන් 3/50
  • ACE Capital CC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 286 (65.1) පවන්ත වීරසිංහ 121, කවිඳු අමන්ත 35, කවිඳු කුලසේකර නොදැවී 59, රනේෂ් සිල්වා 49, මොහොමඩ් ශිරාස් 2/72

ACE Capital කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<