නලින්, රවිඳු, සම්පත් සහ ඔෂද දක්ෂතා දක්වයි

Major Club 03 Day League Tournament 2025

83
Major Club 3 Day Tournament 2025/26

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ 3 වැනි සතියේ තරග අද (21) අවසන් වූ අතර එහි දී Police කණ්ඩායමේ නලින් ප්‍රියදර්ශන තම පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීමට සමත් වෙනවා.

ඔහු මෙම කඩඉමට පිවිසෙන්නේ Chilaw Marians කණ්ඩායමට එරෙහි ව ලකුණු 37කට කඩුලු 6ක් දවා ගැනීමත් සමඟනුයි.

එමෙන් ම නිමා වූ අද දවසේ දී රවිඳු ප්‍රනාන්දු, තිලකරත්න සම්පත් සහ ඔෂද ප්‍රනාන්දු ශතක වාර්තා කිරීමට සමත් වුණා. ඒ අතුරින් Nugegoda කණ්ඩායමේ නායක තිලකරත්න සම්පත් Panadura කණ්ඩායමට එරෙහි ව පන්දු 269කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 129ක් ලබා ගන්නවා. එය ඔහුගේ 166ක් වන පළමු පෙළ තරග දිවියේ 9 වැනි ශතකයයි.

Panadura කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඔෂද ප්‍රනාන්දු Nugegoda කණ්ඩායමට එරෙහි ව පන්දු 230කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 128ක් ලබා ගත් අතර එය ඔහුගේ තරග 146ක් වන පළමු පෙළ තරග දිවියේ 26 වැනි ශතකයයි.

Bloomfield කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු Colts කණ්ඩායමට එරෙහි ව පන්දු 146කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා. එය ඔහුගේ 52ක් වන පළමු පෙළ තරග දිවියේ 7 වැනි ශතකයයි.

ඔවුන්ට අමතර ව පිතිකරුවන් ලෙසින් Chilaw Marians කණ්ඩායමේ ලසිත් ලක්ෂාන් (89), Nugegoda කණ්ඩායමේ පැතුම් කුමාර (55), Panadura කණ්ඩායමේ විශ්ව චතුරංග (50) සහ Moors කණ්ඩායමේ ෂෙහාන් ප්‍රනාන්දු (නොදැවී 50) අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වූවා.

අද නිමා වූ තරගවල දී Police කණ්ඩායම Chilaw Marians කණ්ඩායමට එරෙහි ව ජයග්‍රහණයක් වාර්තා කළ අතර අනෙකුත් තරග නිමා වූයේ විසඳුමකින් තොරවයි.

A කාණ්ඩය

Bloomfield C & AC සහ Colts CC අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Colts CC

  • Bloomfield C & AC පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (77.0) මිනෙත් ප්‍රේමරත්න 20, රොන් චන්ද්‍රගුප්ත 42, ජනිත් ලියනගේ 56, රවිඳු ප්‍රනාන්දු 28, ලහිරු මදුශංක 39, උදිත් මදුශාන් 4/43, අකිල ධනංජය 2/52, මුදිත ලක්ෂාන් 2/18
  • Colts CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 299 (77.2) රවිඳු රසාන්ත 32, සංගීත් කුරේ 52, දිනේෂ් චන්දිමාල් 32, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 96, ශෙරාන් ෆොන්සේකා 22, අකිල ධනංජය 20, රවිඳු ප්‍රනාන්දු 3/60, ජෙෆ්රි වැන්ඩර්සේ 6/88
  • Bloomfield C & AC – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 238 (77.2) රොන් චන්ද්‍රගුප්ත 36, කසුන් අබේරත්න 28, නිපුන් කරුණානායක 31, රවිඳු ප්‍රනාන්දු නොදැවී 100, කවිශ්ක අංජුල 2/55, අකිල ධනංජය 3/75, උදිත් මදුශාන් 3/42

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Colts කණ්ඩායමට)

Police SC සහ Chilaw Marians CC අතර තරගය කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Chilaw Marians CC

  • Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 477 (115.2) ප්‍රියමාල් පෙරේරා 69, අශේන් බණ්ඩාර 200, විශාද් රන්දික 41, චතුරංග කුමාර 46, හිමේෂ් රාමනායක 70, ඉරුෂ්ක තිමිර 5/172, මෙලන් හංසක 3/158, නිම්සර අතරගල්ල 2/68
  • Chilaw Marians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (64.4) තනුක දාබරේ 30, සකුණ ලියනගේ 34, හර්ෂ කුරේ නොදැවී 31, හිමේෂ් රාමනායක 2/39, නිපුන් ප්‍රේමරත්න 3/32, දිලුම් සුදීර 3/45
  • Chilaw Marians CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 170 (57.4) ලසිත් ලක්ෂාන් 89, දර්ශක සංදීප 27, සකුණ ලියනගේ 25, නිපුන් ප්‍රේමරත්න 2/32, දිලුම් සුදීර 2/57, නලින් ප්‍රියදර්ශන 6/37

Police කණ්ඩායමට ඉනිමක ලකුණු 154ක ජයක්.

Panadura SC සහ Nugegoda S & WC අතර තරගය කුරණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Nugegoda S & WC

  • Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 118 (48.4) දුශාන් විමුක්ති 44, සසිඳු මල්ශාන් 22, අබ්දුල් හකම් 2/39, අනුක් ප්‍රනාන්දු 5/44, ලොහාන් ද සොයිසා 3/17
  • Nugegoda S & WC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 318 (81.3) මධුක ලියනපතිරණ 42, තිලකරත්න සම්පත් නොදැවී 129, කෙවින් පෙරේරා 40, පැතුම් කුමාර 55, අක්‍රම් මුතාලිබ් නොදැවී 23, දුශාන් විමුක්ති 3/84
  • Panadura SC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 307 (77.0) ඔෂද ප්‍රනාන්දු 128, විශ්ව චතුරංග 50, සසිඳු මල්ශාන් නොදැවී 44, දුශාන් හේමන්ත 22, ශෙහාන් ජයසූරිය නොදැවී 48

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Nugegoda කණ්ඩායමට)

B කාණ්ඩය

NCC සහ Moors SC අතර තරගය කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Moors SC

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 296 (82.1) කමිල් මිෂාර 38, අහන් වික්‍රමසිංහ 97, කවින් බණ්ඩාර 79, චාමික කරුණාරත්න 46, සංතුශ් ගුණතිලක 2/62, රමේෂ් මෙන්ඩිස් 3/110, ප්‍රවීන් ජයවික්‍රම 3/56
  • Moors SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 317 (92.5) සදීර සමරවික්‍රම 58, ජනිශ්ක පෙරේරා 36, සිතාර ගිම්හාන් 39, රමේෂ් මෙන්ඩිස් 47, ශෙහාන් ප්‍රනාන්දු නොදැවී 50, මිලාන් රත්නායක 32, චාමික ගුණසේකර 3/41, ලසිත් ඇඹුල්දෙණිය 2/80, ලහිරු කුමාර 2/37, අශේන් ඩැනියෙල් 3/89
  • NCC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 103 (17.0) නිරෝෂන් දික්වැල්ල 35, ලහිරු උදාර නොදැවී 41, කමිල් මිෂාර 25

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Moors කණ්ඩායමට)

Tamil Union C & AC සහ   BRC අතර තරගය සූරියවැව, ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – BRC

  • Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 309 (84.3) නවෝද් පරණවිතාන 41, සිනෙත් ජයවර්ධන 27, ශාරුජන් ශන්මුගනාදන් 24, විශස් තෙව්මික 32, සචිත ජයතිලක 43, ලහිරු සමරකෝන් 31, විජයකාන්ත් වියස්කාන්ත් 59, මොහොමඩ් ශිරාස් 3/67, යසිරු රොද්‍රිගෝ 2/67, මොවින් සුබසිංහ 2/60, ශෂික දුල්ශාන් 2/50
  • BRC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 312 (106.4) හේෂාන් ධනුශ්ක 72, සමින්ද ප්‍රනාන්දු 92, රමින්ද විජේසූරිය 34, ප්‍රමෝද් මදුවන්ත නොදැවී 36, මොවින් සුබසිංහ 20, ලහිරු සමරකෝන් 3/58, විජයකාන්ත් වියස්කාන්ත් 3/73
  • Tamil Union C & AC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 76 (14.0) ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 23, මොවින් සුබසිංහ 2/33

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය BRC කණ්ඩායමට)

Kurunegala Youth CC සහ Baduraliya CC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Kurunegala Youth CC

  • Baduraliya CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 211 (76.5) රොශාන් විජේනායක 50, රුමේෂ් බුද්ධික 76, විනුර දුල්සර 37, දිනුශ්ක මාලන් 2/50, චාමිකර එදිරිසිංහ 5/77, ගයන වීරසිංහ 3/08
  • Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 295 (90.2) දිල්හාර පොල්ගම්පළ 31, ලක්ශාන් එදිරිසිංහ 116, ගයන වීරසිංහ 52, සමීර සඳමාල් 34, බුද්ධික සංජීව 4/80, චානක කොමසාරු 4/58
  • Baduraliya CC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 216 (86.0) ඩිල්ශාන් ද සොයිසා 49, අලංකාර අසංක 49, ගීත් කුමාර නොදැවී 31, රුමේෂ් බුද්ධික 49, චාමිකර එදිරිසිංහ 2/81

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Kurunegala Youth කණ්ඩායමට)

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<